ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාව (Network In Action) ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

MAIN IMAGE (LBN)

ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාවක් වන Network In Action (NIA) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ව්‍යවසායකයන්ගේ, වෘත්තීයවේදීන්ගේ සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ව්‍යාපාර නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. NIAහි ශ්‍රී ලාංකික සහකරුවන් වන ජයදාස් කමලනාදන් සහ පමදීසන් ගෝපාලපිල්ලේ සංවිධානය කළ එම උත්සවයේදී NIA ක්‍රියාත්මක වන ආකාරය සහ එය සාම්ප්‍රදායික ජාලගතකරණ ප්‍රවේශවලින් වෙනස් වන ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබීමට සහභාගී වූ පිරිසට හැකි විය. උත්සවය ආරම්භයේදී නායකත්ව කණ්ඩායම මූලික ඉදිරිපත් කිරීමක් සිදු කළේය. NIA වර්ගයේ කණ්ඩායම් සැසියක්ද සංවිධානය කර තිබිණි.
 



 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරම්භ වූ NIA වේදිකාව ලොව පුරා රටවල් 200කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇත. ඊට භෞතික කණ්ඩායම් රැස්වීම් මෙන්ම ආයෝජන ප්‍රතිලාභ මැන බැලීම සහ ශක්තිමත්, අඛණ්ඩ වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීමට උපකාර වන තාක්ෂණික වේදිකාවක්ද ඇතුළත් වේ. එම ව්‍යුහයම සහිත ශ්‍රී ලාංකික NIA පරිච්ඡේදය මාසික රැස්වීම්, කාර්යසාධනය මැනීම සඳහා වන ක්‍රමවේද, දීර්ඝකාලීන ව්‍යාපාර වටිනාකම් ගොඩනැගීම සඳහා වන ඉගැනුම් හුවමාරු වැඩසටහන් ආදියෙන් සමන්විත වනු ඇත. ආරම්භක උත්සවයේදී NIA Colomboහි ආරම්භක සාමාජිකයන් හමු වීමටත්, අර්ථවත් සංවාද සඳහා නිර්මාණය කළ පරිසරයක වෘත්තියවේදීන් සමඟ සම්බන්ධ වීමටත් ආරාධිතයන්ට හැකි විය. ව්‍යුහාත්මකභාවය, වගවීම සහ ගෝලීය ප්‍රමිති සඳහා වන ප්‍රවේශය සහිත ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කිරීම සිය දැක්ම බව සංවිධායක මණ්ඩලය පැවසීය. “ශ්‍රී ලංකාව සතුව අති විශාල දක්ෂ ව්‍යවසායකයන් සහ වෘත්තිවේදීන් පිරිසක් සිටිනවා. ඔවුන් සියලු දෙනාට වඩාත් ගැළපෙන පිරිසක් සමඟ වර්ධනය ළඟා කර ගැනීම සඳහා වන අඛණ්ඩ මාවතක් අවශ්‍යයි. NIA Colombo හඳුන්වා දීම තුළින් ඔවුන්ට එම මාවත නිර්මාණය කර දීමට අප බලාපොරොත්තු වෙනවා.” කමලනාදන් පැවසීය. “මෙය අලෙවිය හෝ ස්වයං ප්‍රවර්ධනය සඳහා වන මුලපිරීමක් නොවෙයි. සැබෑ වර්ධනය සඳහා අවශ්‍ය සැබෑ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට NIA Colombo සාමාජිකයන්ට අනිවාර්යයෙන්ම හැකි වේවි.” ගෝපාලපිල්ලේ පැවසීය. NIA Sri Lanka පිළිබඳ තොරතුරු හා ඉදිරි වැඩසටහන්වලට සහභාගී වීමට අවශ්‍ය තොරතුරු srilanka@networkinaction.lk හෝ 0777667102 සහ 0772999519 අංක ඔස්සේ ගත හැකිය.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව