ග්‍රේට් වෝල් අවන්හල් ජාලයේ දශක තුනක සාඩම්බර සැමරුමට සමගාමීව පාරිභෝගිකයින්ට වාසි රැසක්

Great Wall - 30th Anni

 




 

 

ශ්‍රී ලංකාව තුළ වැඩිම ජනාදරයක් දිනාගත් චීන අවන්හල් ජාලය වන ග්‍රේට් වෝල් රෙස්ටොරන්ට් (Great Wall Restaurants) පුද්ගලික සමාගමට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පාරිභෝගිකයින්ට විශේෂ පිරිනැමීම් රැසක් සූදානම් කර තිබේ. ඒ අනුව 2021 සැප්තැම්බර් මාසය තුළ ග්‍රේට් වෝල් අවන්හල් වෙතින් විවිධ වෙළඳ වට්ටම් ලබාගැනීමට මෙන්ම, ආහාර මෙනුපතට එක් කර ඇති නවතම ආහාර වර්ග රැසක් රසවිඳීමටත් පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. තව ද සංවත්සරයට සමගාමීව නවතම ග්‍රේට් වෝල් අවන්හල් කිහිපයක් විවෘත කිරීමට ද සැලසුම් කර තිබේ.

‍ග්‍රේට් වෝල් අවන්හල් ජාලය යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් විවිධාංගීකරණයක් රැගත් ව්‍යාපාර සමූහයක් වන සුමති සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයකි.

මේ අනුව තම සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මාසය පුරා විශේෂ ’30-30’ පිරිනැමීමක් ග්‍රේට් වෝල් අවන්හල් වෙතින් හිමි වේ. එනම් සැප්තැම්බරයේ දින 30 පුරා, 30%ක වට්ටමක් යටතේ ආහාර ගැනීමේ විශේෂ අවස්ථාවක් පාරිභෝගිකයින්ට උදා වේ. එමෙන්ම තම නිවසටම ආහාර ගෙන්වා ගන්නා පාරිභෝගිකයින්ට ද පසුව භාවිත කළ හැකි විශේෂ කූපන්පතක් පිරිනැමේ.

සැප්තැම්බර් මාසය තුළ නිවසට ආහාර ගෙන්වා ගන්නා පාරිභෝගිකයින් අතර සිදුකරන විශේෂ කුසපත් ඇදීමකින්, විශේෂ වට්ටම් සහ වාසි රැගත් රන් ටිකට්පතක් දිනාගැනීමේ අවස්ථාව ද පාරිභෝගිකයින්ට හිමිවීම කැපී පෙනේ. මීට අමතරව, ග්‍රේට් වෝල් අවන්හලේ සමාජ ජාලා අඩවිවලට අලුතින් එක් කර ඇති විවිධ ක්‍රියාකාරකම් ආදිය මගින් ද ක්ෂණික ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ.

පාරිභෝගිකයින්ට තවදුරටත් විවිධ පිරිනැමීම් හා වට්ටම් පිළිගැන්වීමට UberEats සහ PickMe වැනි ඩිලිවරි සේවාවන් සමඟ මෙන්ම HSBC සහ කොමර්ෂල් බැංකුව වැනි බැංකු සහකරුවන් සමඟ ද ග්‍රේට් වෝල් අවන්හල් ජාලය අත්වැල් බැඳගෙන ඇත.

දිව පිනා යන රසවත් ආහාරපාන පිළිගැන්වීම සිය රාජකාරිය කරගත් ග්‍රේට් වෝල් ජාලයේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ පාරිභෝගික තෘප්තිය පවත්වාගැනීමයි. එම දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යමින් තවත් ප්‍රදේශ 30කට ග්‍රේට් වෝල් ඩිලිවරි සේවාවන් ලබාදීමට ද එහි කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.

ග්‍රේට් වෝල් අවන්හල් ජාලයේ 30 වසරක සාඩම්බර සැමරුමට සමගාමීව සංවිධානය කරන මෙම විවිධ ප්‍රවර්ධන වැඩසටහන් හා දීමනා ආදිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0112 508 555 හෝ 011 2 785 510 යන අංක වෙත දුරකථන ඇමතුමක් ලබාගත හැක.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව