ක‍්‍රිස්බ්‍රෝ zNext Olympic Hopez වැඩසටහන ඔස්සේ ජාත්‍යන්තර ජයග‍්‍රහන ලද සිසු සිසුවියන්ට දෙස් විදෙස් අනුග‍්‍රහය

Tharushi

 




දෙස් විදෙස් ක‍්‍රීඩා ජයග‍්‍රහන අත්කර ගැනීමේ විභවයක් සහිත යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත මහජන අවධානය ලබාදෙමින් ඔවුන්ගේ නොමසුරු පරිත්‍යාගයන් මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලබාදීම සඳහා නිර්මාණය කළ Next Olympic Hope වැඩසටහන මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙරටට විශාලතම කුකුළු මස් නිෂාපදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් මීට පෙර දියත් කළ NOCSL-CRYSBRO Next Champ වැඩසටහනේ දිගුවක් ලෙස ^extension program& ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන NOCSL-CRYSBRO Next Champ ක‍්‍රීඩා ශිෂ්‍යත්ව ලාභී යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනා වෙත දෙස් විදෙස් ශ‍්‍රී ලාංකිකයින්ගේ සහාය ලබා ගැනීම සඳහා නිර්මාණය කළ වැඩසටහන්ක් වේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහය සිය රූපවාහිනි වැඩසටහන හරහා ග‍්‍රාමීයව වෙසන අඩු වරප‍්‍රසාද යටතේ දේශීය හා ජත්‍යන්තර අවධානය දිනා ගත් යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 150 දෙනෙකු මෙරට ජනතාවට හඳුන්වාදෙන ලදි.

CRYSBRO Next Champ වැඩසටහන ඔස්සේ දැනටමත් පාසල් වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 150 දෙනෙකු හඳුන්වාදෙමින් ඔවුන් අතුරින් ජාත්‍යන්තර ජයග‍්‍රහන කරා ගෙනයා හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා NOCSL-CRYSBRO Next Champ වැඩසටහන යටතේ ක‍්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමමින් ඔවුන් ජාත්‍යන්තර ජයග‍්‍රහන සඳහා සුදානම් කරවීම අරඹා ඇත. මීට සමගමීව දියත් වූ වෙබ් බිහිදොර ^web portal&  මගින් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔලිම්පික් ජයග‍්‍රහනයන් වෙත රැගෙන යන  “next Olympic Hope” ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වීමට දෙස් විදෙස් ශ‍්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලබා දී ඇත. www.nextolympichope.com වෙබ් අඩවියට පිවිස මෙම දක්ෂතා සහිත දරුවන්ගේ ක‍්‍රීඩා දිවිය සඳහා විවිධ පරිත්‍යාගයන් සිදු කිරීමේ හැකියාව පවතී.දස්කම් සපිරි මෙම පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බොහොමයක් දුෂකරතා මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමට පැමිණීමට ආසන්නයේ සිටින අතර NOCSL-CRYSBRO Next Champ වැඩසටහන මගින් ඔවුන්ගේ ක‍්‍රීඩා දිවිය පවත්වාගෙන යෑම සඳහා වන මූල්‍යමය, ද්‍රව්‍යමය සහ පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කෙරේ. මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 යොවුන් ඔලිම්පික් තරගාවලිය, 2022 ආසියානු තරගාවලිය, 2022 පොදුරාජ්‍යමණ්ඩලීය තරගාවලිය, සහ 2023 දකුණු ආසියානු තරගාවලිය ඉලක්ක කර ගනිමින් පුහුණු කටයුතු සඳහා යොමු කර ඇත. NOCSL-CRYSBRO Next Champ වැඩසටහනේ ප‍්‍රතිලභ හිමිකර ගන්නා පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිපදෙනෙක් 2019 වසරේදී නේපාලයේදී පැවති දකුණු ආසියානු තරගාවලියේදී රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

‘‘ අපගේ NOCSL-CRYSBRO Next Champ ක‍්‍රීඩා ශිෂ්‍යත්ව වැඩසටහන හරහා විවිධ මූල්‍ය දුෂකරතා ඇති එහෙත් දෙස් විදෙස් කෙළ බිම ජයගත් පාසල් සිසුදරුදැරියන්ට ඔවුන්ගේ ජාත්‍යන්තර ක‍්‍රීඩා ජයග‍්‍රහන නමැති සිහින සැබෑ කර දීම සඳහා ලබා දිය හැකි සෑම පහසුකමක්ම ලබා දීමට අපි කැපවී සිටිනවා. මෙම ශිෂ්‍යත්වය හරහා යම්නිෂ්චිත කාලසීමාවක් තුළ ඔවුන්ගේ ජීවන වියදමට යම් දීමනාවක්, ක‍්‍රීඩා උපකරණ, පෝෂණය සහ පුහුණු අවස්ථාව ලබා දීමට අපි කටයුතු සම්පාදනය කර තිබෙනවා. මෙම වැඩසටහන පවත්වාගෙන යෑම සඳහා විශාලම දායකත්වය ලබා දෙන මෙරට ජාතික ඔලිම්පික් කමිටුව වඩාත් විනිවිද අයුරින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම, ඔවුන්ගේ ක‍්‍රීඩා කාර්යසාධනය අඛන්ඩව ඇගයුමට ලක්කිරීමට කටයුතු කරන බැවින් NOCSL-CRYSBRO Next Champ වැඩසටහනේ සාර්ථකත්වයට මෙය මහත් උපකාරයක් වී තිබෙනවා‘‘ යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අළෙවි කළමනාකාර අමෝරෙස් සෙලර් මහතා පැවසීය.

NOCSL-CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරා ගත් අනාගත දෙස් විදෙස් ජයග‍්‍රහන ලබා ගැනීමේ හැකියාවක් සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිපදෙනක් පහතින් හඳුනාගත හැක.

 

 



 

 

 

අමන්දිකා අමරසිංහ

කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ පාසල් වාර්තා රැසක් හිමි කර ගත් අමන්දිකා අමරසිංහ ක‍්‍රීඩිකාව මීටර් 10 වායු රයිෆල් සහ වායු පිස්තෝල ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාව අලූත් කිරීමට සමත් වූවාය. එමෙන්ම 2019 ඉන්දුනීසියාවේ පැවති තරගාවලියේදී මෙම ඉසව්වෙන් 5වැනි ස්ථානයට පත්වූ අතර ඇය ලෝක ශ්‍රේණිගතකරණයේ 80 ස්ථානයෙහි පසුවන්නීය.

මිල්කා දිව්‍යාන්ජලා

18 වියෙහි පසුවන මිල්කා දැනටමත් ජාත්‍යන්තර ජයග‍්‍රහන රැසක් අත් කර ගැනීමට සමත් වීම නිසා මෙරට අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔලිම්පික් තලයට රැගෙන යන NOCSL-CRYSBRO Next Champ වැඩසටහනේ ශිෂ්‍යත්වලාභිනියක බවට පත් ව සිටින්නීය. පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් සහ කොළඹ මෙතොදිස්ත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මිල්කා හිටපු ජිම්නාස්ටික් ජාතික ශූරියක වන රංජනා තරංගා මහත්මිය යටතේ මුලික පුහුණුව හදාරන ලදි. කුඩා අවධියේ සිට ප‍්‍රකට කළ ජාත්‍යන්තර ජයල‍්‍රහන හා දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ලබා දෙන ඔලිම්පික් සහයෝගීතා ශිෂ්‍යත්ව වැඩසටහන ඔස්සේ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් 2019 වසරේ දී ජපානයට ගිය මිල්කා සිය වැඩිදුර පුහුණුවීම් කටයුතු ජපානයේ සිට සිදු කරනු ලබන්නීය.

තරුෂි කරුණාරත්න

NOCSL-CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්ව ලාභියකු වන තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව මේ වසරේ අගෝස්තු මාසයේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වීමට නියමිත ලෝක කණිෂ්ඨ මලල ක‍්‍රීඩා උලෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නා ලදි. 16 වයැති පාසල් ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරනු ඇති අතර ජාතික මලල ක‍්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ විනාඩි 2.07 ක කාලයකින් අවසන් කර 2වැනි ස්ථානයට පත් වූවාය. ඇය විසින් වාර්තා කළ කාලය අනුව ඇය මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකරණයට අනුව 6 වන ස්ථානයෙහි පසුවන අතර වයස අවුරුදු 18ට අඩු වයස් කාණ්ඩයේ ආසියාවේ පළමු තැන හිමිකර ගෙන සිටින්නීය. තරුෂි මහනුවර මැණික්හින්න වලල ඒ රත්නායක විදුහලේ ශිෂ්‍යාවකි.

සචිනි ලක්සරණි රාජපක්ෂ

තවමත් වයස අවුරුදු 15 පසුවන සචිනි ශ‍්‍රී ලංකාවේ ලාබාලතම බර එසවන්නියයි. කිලෝග‍්‍රෑම් 55 බර පංතියේ 2019 වසරේ සමස්තලංකා ශූරිය වන සචිනි ජාතික යොවුන් බරඑසවීමේ තරගාවලියේදීද ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉදිරියේදී පැවැත්වෙන යොවුන් ජාත්‍යන්තර තරග ඉලක්ක රග නිමින් ඇය පුහුණුවීම් කටයුතුවල නිරත ව සිටින්නීය.

නෙත්මි නිම්තෙරා

වයස අවුරුදු 16 පසුවන නෙත්මි පාසල් බොක්සිං වළල්ල තුළ කැපී පෙණෙන දස්කම් දැක්වූ ක‍්‍රීඩිකාවකි. ශ‍්‍රී ලංකා බොක්සිං සංගමය 2018 සහ 2019 වසරවල සංවිධානය කළ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 40-42 ෆෙදර් වේට් බර පංතිය නියෝජනය කළ ඇය එහි ශූරතාව හිමිකර ගැනීමට සමත් වූවාය.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated&  තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැුසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

 

 

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව