කොමර්ෂල් බැංකුව ස්වාධීන රූපවාහිනිය හා එක්ව ලෝක ළමා දිනය සමරයි

Children's Day 2022 (LBN Fill)

 



 

 

ඔක්තෝම්බර් 01 වනදා වාර්ෂිකව පැවැත්වෙන ලෝක ළමා දිනය සැමරීමට කොමර්ෂල් බැංකුව ස්වාධීන රූපවාහිනී සේවය සමග අත්වැල් බැඳගනිමින් දරුවන් 5000 කට වැඩි සංඛ්‍යාවකට ලෙෂර් වර්ල්ඞ්හිදී දිනයක් පුරා ප‍්‍රීතිවීමේ අවස්ථාව උදාකර දෙන ලදී. මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුකිරීමේ ගිණුම් වන ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් මගින් සහයෝගය ලබාදුන් අතර දරුවන් ප‍්‍රීතිමත් කරන විවිධ ක‍්‍රීඩා සහ ක‍්‍රියාකාරකම් දිනය පුරා සංවිධානය කර තිබුණි. මෙහිදී, මෙම ක‍්‍රීඩා වලින් ජයග‍්‍රහණය කළ දරුවන්ට තොප්පි, බෑග්, කුඩ ඇතුළු සන්නාමකරණය කළ ඉතාමත් ආකර්ශනීය ත්‍යාග ලබාදුන් අතර දරුවන් සමග සැන්ඞ්විච් හැදීමේ තරගයට සහභාගී වී ජයග‍්‍රහණය කළ මව්වරුන්ට බැංකුවේ කාන්තාවන්ටම වෙන්වූ ‘අනගි’ ගිණුමේ සන්නාමය සහිත පොත් තිළිණ කිරීමට බැංකුව කටයුතු කළේය.

කොමර්ෂල් බැංකුවේ ප‍්‍රමුඛතම ළමා ඉතුරු කිරීමේ ගිණුම වන ‘අරුණළු’ මගින් සාමාන්‍ය ඉතුරු කිරීමේ ගිණුමකට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර මෙම ගිණුම් හිමි දරුවන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී සිය පාසැල් වලින් පළමු, දෙවන හෝ තුන්වන ඉහළම ලකුණු ලබාගන්නා විට බැංකුව විසින් විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමනු ලබයි. බැංකුවේ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමට අනුව මාස්පතා හෝ එක්වර මුදලක් ඉතිරිකළ හැකි අතර දරුවාට අවුරුදු 18 සපිරෙන විට මෙම ගිණුමෙන් රුපියල් මිලියන 12 ක් දක්වා ප‍්‍රතිලාභයක් ලබාගැනීමට හැකියාව තිබේ.

සේයාරුවලින් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුව විසින් ස්වාධීන රූපවාහිනී සේවය සමග පසුගියදා ලේෂර් වර්ල්ඞ්හිදී සංවිධානය කළ ළමා දින වැඩසටහනේ අවස්ථා කිහිපයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව