ශ්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා කොමර්ෂල් බැංකුව ලබාදෙන සහයෝගයේ කොටසක් ලෙස කොග්ගල ජලාශයේ තිබෙන කුඩා පතක් වටා කඩොලාන පැලෑටි 2000 ක සහ කඩොලාන පරිවාර ශාඛා 750 ක තීරයක් වැවීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, මෙම ජලාශයේ තිබෙන පතේ වෙනත් පැලෑටි 500 ක් මෙම ව්‍යාපෘතිය යටතේ වගාකිරීමට සූදානම් වේ.
දැනට හානියට පත්ව තිබෙන පාරිසරික පද්ධතිය යථාතත්ත්වයට පත්කිරීම සඳහාත් පරිසරය රැුකගැනීමේ සංස්කෘතියක් ප්‍රදේශවාසීන් තුළ ඇති කිරීම සඳහාත් කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය සිදුවේ.
මෙම ප්‍රතිස්ථාපන වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙන අක්කර 13.5 ක මෙම පත ‘කත්ව’ නමින් හැඳින්වෙන අතර එය මාර්ටින් වික්‍රමසිංහ සූරින් විසින් රචිත මඩොල්ව නවකතාවට පාදක වූ මඩොල්වට ආසන්නයෙන් හබරාව ප්‍රදේශයේ පිහිටා තිබේ.
කොමර්ෂල් බැංකුව විසින් මෙම ව්‍යාපෘතියට අදියර වශයෙන් අරමුදල් සපයනු ඇත. මේ තුළින් කොග්ගල කළපුව ආශ්රිත පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද හැකි වන අතර කළපුව ආශ්රිත ප්‍රජාවට පස සෝදායාම අඩු කිරීමට සහායවීමටත් වඩාත් පරිසර හිතකාමී ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමටත් බැංකුව විසින් කටයුතු කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට අමතරව බැංකුව විසින් ව්‍යාපෘතියේ ප්‍රගතිය මාස්පතා නිරීක්ෂණය කිරීමට, ශ්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනයට ප්‍රදේශයේ ප්‍රජාව සමග සබඳතා ගොඩනගා ගැනීම සඳහා සහාය වීමට, අධ්‍යාපනය සහ දැනුම ලබාදීමට සැලසුම් කර තිබේ. මීටඅමතරව, මෙම ව්‍යාපෘතියෙන් ඇතිවන තිරසාර ජීවනෝපායන් සහ ව්‍යාපාරික අවස්ථාවන් සොයා බැලීම සඳහාත් ඒවා ආරම්භ කිරීමට ආයතනයක් සමග එකතුවීමටත් බැංකුව අදහස් කරගෙන සිටී.
මෙම පතේ අයිතිකරුවන් සමග සාකච්ඡුා කිරීම, සිටුවීම සඳහා අවශ්‍ය පැල සූදානම් කිරීම සහ බිම සකස් කිරීම, පතේ තිබෙන තුරුලතා පිළිබඳව සමීක්ෂණයක් කිරීම, ප්ලාස්ටික් බැරල්වල පතේ මීටර් 1,100 ක් වන පරිමිතියෙහි කඩොලාන වගාකිරීම, මෙම කඩොලාන නිරන්තරයෙන් බලාගැනීම, අවශ්‍ය නම් නැවත වගා කිරීම, කළපුවේ සහ පතේ පරිසර හිතකාමී තොරතුරු පුවරු ඇතිකිරීම සහ ගස්වල නාමයන් දැක්වෙන පුවරු සවිකිරීම සහ ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම ‘කත්ව’ ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනට ඇතුළත් වේ.
ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 7.27 කින් සමන්විත කොග්ගල කළපුවේ තිබෙන ජෛව විවිධත්වය නිසා ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගැනීමට සමත්වී තිබේ. කඩොලාන වැවුණු කුඩා පත් සමූහයකින් මෙම කළපුව සමන්විත වේ. පසුගිය දශක කිහිපයේදී මිනිස් ක්‍රියාකාරකම් නිසා කළපු ඉවුර දැඩි ඛාදනයකට ලක්වූ අතර කඩොලාන සහිත පාරිසරික පද්ධතියද විනාශ වෙමින් තිබේ. මෙම ගැටලූව විසඳීමේ එක් කොටසක් ලෙස ‘කත්ව’ පාදක කරගනිමින් කොග්ගල කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට බැංකු ශාඛා 267 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 854 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට බැංකුව සමත්ව තිබෙන අතර මේ වසරේදී මේ දක්වා සම්මාන 25 කට වැඩි ප්‍රමාණයක් දිනාගෙන තිබේ. එසේම, 2019 වසරේදී මෙරට ගෞරවණීයම සමාගම් 10 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.