කැපිටල් මහරාජා සමූහයේ නවතම සාමාජිකයා වන Premier Herrero (Pvt) Ltd සිය ව්‍යාපාර කටයුතු අරඹයි

Herrero photo (1) (LBN)

 



 

 

කැපිටල් මහරාජා සමූහයේ Industrial Hub හි නවතම සාමාජිකයා වන Premier Herrero (Pvt) Ltd එහි කර්මාන්තශාලා පරිශ්‍රය පන්නල සඳලංකාවේදී පසුගියදා අරඹන ලදී. මෙම නව ආයතනය ඉදිරියේදී “Guardian” සන්නාමය යටතේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ නියැලෙනු ඇත. Guardian Chain Link Fencing යනු දැනටමත් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳපොලෙහි හොඳින් ස්ථාපිත වෙළඳ නාමයකි. Premier Herrero ආයතනය මේ සන්නාමය යටතේම තම නිෂ්පාදන පෙළ තවත් පුළුල් පරාසයක ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

නව කර්මාන්තශාලාවේ ආරම්භයත් සමඟ එහි ප්‍රථම නිෂ්පාදනය වන මළ නොබඳින Guardian Hot Dipped Galvanized Barbed Wire වෙළඳපොලට නිකුත් කළ අතර මෙය දිගුකල් පවත්නා Class D Zinc ආලේපිත නිෂ්පාදනයකි. මෙහි ඇති කම්බි ඒකාකාරී ඝනකමකින් යුත් අතර barb අතර පරතරය සමානව පවතින පරිදි නිෂ්පාදනය කොට ඇත. තවද එහි ඇති සුවිශේෂී ආරක්ෂිත ඇසුරුම්කරණය නිසා පරිහරණයට මෙන්ම සවිකිරීමටද පහසු වේ.

කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිළධාරී S.C. වීරසේකර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය අදහස් මෙසේ පළ කළේය. “Premier Herrero, කැපිටල් මහරාජා සමූහයේ Industrial Hub හි නවතම ව්‍යාපාරය වන අතර මේ හරහා අපගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තවත් පුළුල්ව සපුරාලීමට කටයුතු කරනවා පමණක්ම නොව තත්ත්වයෙන් ඉතා උසස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීම තුළින් ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස මෙම සන්නාමය ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”

මෙම අවස්ථාව සඳහා කැපිටල් මහරාජා සමූහයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ශෂී රාජමහේන්ද්‍රන්, එම සමූහයේ සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී S.C. වීරසේකර, Premier Herrero හි ප්‍රධාන විධායක නිළධාරී ප්‍රියන්ත ජයසිංහ හා එහි කර්මාන්තශාලා අධ්‍යක්ෂ ශබීර් අහමඩ් යන මහත්වරුන්ද S-lon Lanka සමාගම නියෝජනය කරමින් එහි කර්මාන්තශාලා අධ්‍යක්ෂ සුමේධ මඩවල, පිරිස් හා මානව පරිපාලන අධ්‍යක්ෂ ධම්මික මුදන්නායක සහ තත්ත්ව ආරක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියශාන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ද සහභාගී වූහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව