කලා පොළ – ශ්‍රී ලංකාවේ ජනප්‍රියම එළිමහන් කලා ප්‍රදර්ශනය 32වන වරටත් පෙබරවාරි 16 දා, කොළඹ දී

Image 3 - Kala pola (LBN)

කලා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, එහි 32වන ප්‍රදර්ශනය 2025, පෙබරවාරි 16, ඉරිදා දින, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්වීමට නියමිතය. විවිධත්වයෙන් හා නිර්මාණශීලීබවින් පරිපූර්ණ අද්විතීය කලාත්මක නිර්මාණයන්ගෙන් යුත් මෙම වසරේ කලා පොළ, දේශීය දෘෂ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමේ වසර තිහකට වැඩි මෙහෙවර විදහා දක්වමින් මින් පෙර නොතිබූ  ආකර්ෂණයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කරයි.
 



 

1993 වසරේ දී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළ, 1994 වසරේ සිට මේ දක්වා ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ අනුග්‍රහය හා සම ඉදිරිපත් කිරීම සමඟින් කොළඹ කලා දින දර්ශනයේ සහභාගී විය යුතුම ප්‍රදර්ශනයක් ලෙසට වැඩි දියුණු වී තිබේ. මෙම ප්‍රදර්ශනය ඔස්සේ සෑම ක්ෂේත්‍රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු විවිධ අංශයන්ට අයත් කලා ශිල්පීන් හට සත්කාරකත්වය ලබා දෙයි. එසේම ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම, කලාවට ලැදියාව දක්වන්නන් සමඟ සම්බන්ධ වීම හා අනෙක් කලාකරුවන්ගෙන් ඉගෙන ගැනීම යනාදිය සඳහා අවස්ථාව ලබා දෙමින් ඔවුනොවුන්ගේ කලා ජාලය පුළුල් කිරීමේ අනගි අවස්ථාවක් මින් ලබා දෙයි.

ජෝර්ජ් කීට් පදනමේ සභාපති, මාලක තල්වත්ත මහතා, කලා පොළ ප්‍රදර්ශනයේ වැදගත්කම අරුත් ගන්වමින්, “අපේ කලාකරුවන්ගේ ජීවිත වෙනස් කිරීමට අවස්ථාවන් ලබා දෙමින් ශ්‍රී ලාංකේය කලාව ඔප් නංවන්නට සහය දෙන කලා පොළ දශක තුනකට වැඩි කාලයක් පුරා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. මිනිසුන් නගා සිටුවීමට, දිරිමත් කිරීමට සහ ඔවුන්ව එකට එක් කිරීමට කලාවේ ඇති හැකියාවට මෙය සාක්ෂි දරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ  ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය,  “කලා පොළ, ශ්‍රී ලාංකික කුසලතා, ශ්‍රී ලාංකික සංස්කෘතිය හා ජන සමාජය සමරනු ලබන කලා ප්‍රදර්ශනයක් වන අතර එය හුදෙක් කලා ප්‍රදර්ශනයක් නොවේ. මෙරට නිර්මාණාත්මක ආර්ථිකය නගා සිටුවීමට දේශීය කලාකරුවන්ට ඇති පුළුල් හැකියාවත්, සමාජ සෞඛ්‍ය හා ජනතාවගේ එකමුතුබව ඉහළ නැංවීම සඳහා විචාරශීලී සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා සමස්ත කලාවේ හා සංස්කෘතියේ කාර්යභාරයත් හඳුනා ගනිමින් දේශීය කලාකරුවන් සවිබල ගැන්වීම සඳහා අපගේ කැපවීම නැවත අවධාරණය කරමින්, 32වන වරටත් මෙම අවස්ථාව හා සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා” යනුවෙන් අදහස් දැක්වීය.

මෙම ප්‍රදර්ශනය සංගීතය, සුහදත්වය, කලා සාකච්ඡා සහ සංස්කෘතික හුවමාරුවෙන් වර්ණ ගැන්වෙමින් විචිත්‍රවත්, සුහදශීලීත්වයෙන් පොහොසත් වාතාවරණයක් නිර්මාණය කරන්නේ මෙරට නිර්මාණ ශිල්පීන්, සිසුන් හා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් ආකර්ෂණය කර ගනිමිනි

ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතික ප්‍රදර්ශන අතරින් ප්‍රමුඛස්ථානයක් දරන කලා පොළ තුළින් ප්‍රවීණ සහ නැගී එන සියලුම කලාකරුවන්ට භේදයකින් තොරව සිය නිර්මාණ අලෙවි කිරීමේ අවස්ථාව ලබා දෙයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව