කලාපීය වැවිලි සමාගම් ඉදිරිපත් කළ ඵලදායීතාවය හා සම්බන්ධ වැටුප් යෝජනාවට කම්කරු අමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර

tea-plucker

කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දිනකට රුපියල් 1108/-ක කම්කරු වැටුපක් ගෙවීම සඳහා වන සංශෝධිත වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම සංශෝධිත වැටුප් යෝජනාව කම්කරු අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලයකි. කෙසේවෙතත් වෘත්තීය සමිති තවමත් මේ සඳහා ප‍්‍රතිචාර දක්වා නොමැත. මෙම යෝජනාව මගින් කම්කරුවන් ඉල්ලූ රුපියල් 1000/-ක වැටුපකට වඩා ඉපැයීමක් සහතික කරනු ඇති අතර ඵලාදායීතාවය ඉහළ නැංවීම වෙනුවෙන් අමතර දීමනා ද අවසානයේදී හිමි වනු ඇත.

වතු කම්කරුවන්ට රුපියල් 1108/-ක දෛනික වැටුප හිමිවන්නේ මේ ආකාරයටය. මූලික වැටුප රුපියල් 725/-ක්ද, කොටස් මිල පූරකය රුපියල් 50/-ක්ද, සේ. අ. අ/සේ. භා. අ. රුපියල් 108/- ක් සහ පැමිණීමේ හා නිෂ්පාදන දිරි දීමනා රුපියල් 225/-ක්ද වශයෙන් නව යෝජනාවේ සඳහන් වේ.

 




 

 

නව යෝජනාවට අනුව ස්ථාවර දෛනික වැටුප් ආකෘතිය සතියකට දින තුනක් වලංගු වන අතර ඉතිරි දිනවලදී ඵලදායීතාවය හා සම්බන්ධ ආකෘති දෙකෙන් එකක් මත පදනම්ව කම්කරුවන්ට වැටුප් ගෙවනු ඇත. මෙහි එක් යෝජනාවක් වන ඵලදායීතාව හා සම්බන්ධ යෝජනා යටතේ සේවකයින් නෙලා ගන්නා සෑම දළු කිලෝවකටම රුපියල් 50/-ක් ලබා ගත හැකිය. අනෙක් විකල්ප යෝජනාව වන්නේ සේවකයින්ට ව්‍යවසායකයින් බවට පත් විය හැකි ආදායම් බෙදා ගත හැකි ක‍්‍රමවේදයයි.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ‘‘වෘත්තීය සමිති දැන් පවසා සිටින්නේ අපගේ සේවකයින්ට වඩාත් සුදුසු වන්නේ කිසිඳු නිෂ්පාදන දීමනාවක් හෝ දිනපතා සේවයට වාර්තා කිරීමට අවශ්‍යතාවක් පවා නොමැති රුපියල් 1000/-ක මූලික වැටුපක් යන්නයි. මෙම ක‍්‍රියාවලියේදී අප විසින් ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් ද ඔවුන් ප‍්‍රතික්ෂේප කළා. මෙම සෑම යෝජනාවකම රුපියල් 1000/-කට වැඩි ස්ථාවර දෛනික වැටුපක් හිමිකර ගැනීමේ හැකියාව තිබෙනවා. පටු දේශපාලන වාසිවලින් ඔබ්බට ගොස් වතු කම්කරුවාගේ යහපත පිණිස වන මෙම යෝජනා සලකා බලන ලෙස වෘත්තීය සමිතිවලින් අප ඉල්ලා සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.

‘‘ඵලදායිතාවය හා සම්බන්ධ ආකෘති කි‍්‍රයාත්මක කිරීමෙන් පසු කම්කරුවන්ට වැඩි නිදහසක් හිමි වනවා මෙන්ම ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද ඉපැයීම් කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා. එමෙන්ම මෙම ක‍්‍රියාවලිය මගින් ඔවුන්ගේ මාසික වැටුප විශාල වශයෙන් වැඩි කරගැනීමට ද හැකියාව ලැබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව