ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ රටවල් අතරට ‍ශ්‍රී ලංකාව ඇතුළත් කෙරේ : විදෙස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව යුගයක්

Sirus Migration (1) (LBN)

ඕස්ට්‍රේලියානු රජය විසින් සංක්‍රමණ ශ්‍රේණිගත කිරීම් අතර පළමු මට්ටමේ රටවල් අතරට ශ්‍රී ලංකාව උසස් කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට සහ පදිංචි වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට සුබ ආරංචියක් මෙන්ම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමට සුවිශේෂී කඩඉමක් විවර කර දීමකි. මෙම උසස් කිරීම තුළින් ඕස්ට්‍රේලියානු වීසා අනුමැතිය හිමි වීමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙන අතරම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ අයදුම්කරුවන් පිළිබඳ විශ්වාසය තවදුරටත් වර්ධනය වීමක් ද මේ තුළින් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 



 

මෙම උසස් කිරීම තුළින් ලාංකික සිසුන්ට හිමිවන ප්‍රතිලාභ උපරිමයෙන් ලබා දීමට Sirus Migration and Education ආයතනය ඉදිරිපත්ව සිටියි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි ප්‍රධාන ශාඛාව පිහිටි ප්‍රමුඛ පෙළේ උපදේශන ආයතනයක් වන Sirus Migration and Education, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු කොරියාව, පැපුවා නිව්ගිනියා, නවසීලන්තය, කොලොම්බියාව යන රටවල ශාඛා ජාලයකින් සමන්විත පුළුල් ව්‍යාප්තියක් ඇති ආයතනයකි. එමෙන්ම, Sirus Migration and Education යනු වසර 20කට වැඩි කාලයක් පුරා ජාත්‍යන්තර සිසුන්ට සහ සංක්‍රමණිකයින්ට මඟ පෙන්වීමේ විශේෂඥතාවයක් ඇති කීර්තිමත් ආයතනයකි. මේ ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට Sirus Migration සාඩම්බර සේවාවන් රැසක් ඔබ වෙත හඳුන්වා දී ඇත.

පළමු පෙළ ශ්‍රේණිගත කිරීම් යටතේ වර්ගීකරණය කරන ලද රටවල වීසා අයදුම්කරුවන්ට වඩාත් පහසු සහ වැඩි සහායක් ලැබෙන අයදුම් ක්‍රියාවලියක් අත්විඳීමේ අවස්ථාව හිමි වන අතර, සිසුන්ට මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතා අවම ලියකියවිලි ප්‍රමාණයකි. මූල්‍ය හා අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අමතර සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම ද අවශ්‍ය නොවේ. මේ නිසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය අවම වෙහෙසකින් ඉටු කරගැනීමට අවස්ථාව ලැබේ. පළමු පෙළ රටවල අයදුම්කරුවන්ට අනුකූලතා අවදානම් ඉදිරිපත් කිරීමේ සීමාවන් ද ලිහිල් කර ඇති නිසා වීසා අනුමත වීමේ වැඩි ඉඩක් ද ඇත. ඊට අමතරව, අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලිය ද වඩාත් කාර්යක්ෂම වීම හේතුවෙන් ඉතා අඩු කාලයකින් සිසුන්ට වීසා අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ද උදාවේ. ක්ෂණික ශිෂ්‍ය වීසා ප්‍රතිලාභවලට අමතරව, පළමු පෙළ රටක් ලෙස විශ්වාසය තහවුරු වීම නිසා උපාධිධාරීන්ගේ ස්ථිර පදිංචිය සඳහා වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ද වඩාත් ධනාත්මක මට්ටමකට පැමිණ ඇත.

මෙම සුවිශේෂී වෙනස ශ්‍රී ලාංකික සිසුන් ගෝලීය අධ්‍යාපන වෙළෙඳපොළ තුළ වඩාත් තරඟකාරී ලෙස ස්ථානගත කරන්නට දායක වන අතරම, ඕස්ට්‍රේලියාවේ දිගුකාලීන පදිංචිය සඳහා විකල්ප මාර්ග ද විවර කරයි.

විදෙස් අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස, Sirus Migration ශ්‍රී ලාංකිකයින් වෙත ලැබුණු මෙම උසස් කිරීමේ ඉහළම ප්‍රතිලාභ උපරිමයෙන් ලබා දෙන්නට කැපවී සිටියි. මූලික උපදේශනවල සිට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වීසා ලබා ගැනීම සහ පදිංචි වීම දක්වා සම්පූර්ණ මඟ පෙන්වීම, ශිෂ්‍ය වීසා, වෘත්තීය සංක්‍රමණ, සහකරු වීසා, දෙමාපිය වීසා සහ ස්ථිර පදිංචිය සඳහා සුදුසු මඟ පෙන්වීම් ලබා දීමට Sirus Migration කටයුතු කරයි.

මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සංක්‍රමණ සහ අධ්‍යාපන සේවා පිළිබඳ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ඉහළ සුදුසුකම් ලත් වෘත්තිකයන් පිරිසක් විසිනි. ඕස්ට්‍රේලියානු කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ ලියාපදිංචි සංක්‍රමණ සහ අධ්‍යාපන නියෝජිත ලෙස කටයුතු කරන ඉසුරු යාපා මහතා මෙහි ප්‍රධානත්වය දරයි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන දෙඅංශයේම ලියාපදිංචි අධ්‍යාපන නියෝජිත ලෙස යෝගේෂ් මහතා ද, සහකරු වීසා පිළිබඳ විශේෂඥ අත්දැකීම් ඇති ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සඳහා ලියාපදිංචි සංක්‍රමණ නියෝජිත සහ අධ්‍යාපන උපදේශක ලෙස අෂානි මහත්මිය ද මෙහි කාර්ය මඩුල්ල ලෙස කටයුතු කරයි. සිසුන්ට සහ සංක්‍රමණිකයින්ට ඔවුන්ගේ අයදුම්  සෑම අදියරකදීම මඟ පෙන්වීම සඳහා තාක්ෂණික දැනුම හා වෘත්තීය අත්දැකීම් ලබා දෙන්නට මෙම කණ්ඩායම නොමසුරුව කටයුතු කරයි.

ක්ෂේත්‍රයේ ලබා ඇති විශේෂඥතාව සමඟින්, Sirus Migration සිසුන්ට සහ පවුල්වලට නිවැරදි අධ්‍යාපන මාර්ගය තෝරා ගැනීමේ සිට ස්ථිර පදිංචිය ලබා ගැනීම දක්වා සියලු ආකාරයේ විසඳුම් සඳහා සහාය ලබා දෙයි.

ශ්‍රී ලංකාව පළමු පෙළ ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීම, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වීමට හේතු වනවා පමණක් නොව, ඕස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායට සහ සමාජයට ඵලදායී ලෙස දායක විය හැකි ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ විශ්වාසය වර්ධනය වීමට ද මෙය හේතු වී ඇත.

Sirus Migration & Education ආයතනය තම ජාත්‍යන්තර ශාඛා ජාලය හරහා විශ්වාසදායක උපදෙස්, වෘත්තීය නියෝජනය සහ කැපවූ සේවාවන් ලබා දෙමින් සිසුන්ගේ හා වෘත්තීය සංක්‍රමණිකයන්ගේ ගමනට සහාය වීමට නිරතුරුවම ඇපකැපවී සිටී. බ්‍රිස්බේන්, මෙල්බර්න්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු කොරියාවේ පිහිටා ඇති ශාඛා ජාලය හරහා ලොව විවිධ ප්‍රදේශවල වෙසෙන සේවාදායකයින්ට සහාය වීමට Sirus Migration ආයතනයට හැකි වී ඇත.

පළමු පෙළ ශ්‍රේණිගත කිරීම් යටතේ ඔබේ වීසා අයදුම්පතට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා සඳහා ඇති සුදුසුකම් පරික්ෂා කිරීම සහ ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට ඔබත් අදම Sirus Migration හා සම්බන්ධ වන්න.

වැඩිදුර විමසීම් සඳහා, +61 450 674 787, +94 70 777 7470, හෝ +94 70 777 7370 ඔස්සේ හෝ info@sirusmigration.com.au ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ විය හැකිය. වැඩිදුර තොරතුරු www.sirusmigration.com.au වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව