ඔසප් සෞඛ්‍ය පිළිබඳ කතිකාවතක අවශ්‍යතාව

Eva Sinhala (1)

 




දේවිකා කොඩිතුවක්කු
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ, සභාපතිනිය

කාන්තා සෞඛ්‍ය පිළිබඳ විවිධ කතිකාවත් ගොඩනැගුනද දැරියක වැඩිවිය පැමිණීම  සම්බන්ධ සෞඛ්‍යමය කාරණා පිළිබඳ ප්‍රසිද්දියේ සාකච්චා කිරීම නොසලකා හරින බවක් අද සමාජයේ දක්නට ලැබේ. ඇතැම් සමාජ ස්ථර වල ප්‍රසිද්දියේ මේ පිලිබඳ කතා කිරීම ලැජ්ජාවක් වී ඇත. අපගේ දේශීය අනන්‍යතා සමාජ සංස්කෘතිකමය රාමු වලට මුවා වී එකී කාන්තාව සම්බන්ධ ගැටළු මෙන්ම ප්‍රජනන පිලිබඳ සෞඛ්‍ය බොහෝවිට අප සාකච්චා කරන්නේ ඉතා සීමිත වටපිටාවකය.


සමස්තයක් ලෙස ගත් කල කාන්තා සෞඛ්‍ය ගැටළු ලෙස හදුන්වන මාතෘ මරණ, අනාරක්ෂිත ගබ්සා කිරීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග දුෂ්කර පළාත් වලින් වැඩි ලෙස වාර්තා වීමක් දක්නට ලැබේ. ඔසප් සෞඛ්‍ය සැලකීමේදී, අපගේ කාන්තා ප්‍රජාවෙන් බොහෝ දෙනෙකුට ඔසප් වීම පිලිබඳ මූලික දැනුවත්භාවයක් නොමැත. ඔසප් වීම හා සම්බන්ධ පිළිවෙත් සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් පුළුල් ලෙස ගවේෂණය කර ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත සෞඛ්‍ය වැඩිදියුණු කිරීම රජයේ පවුල් සෞඛ්‍ය සංගමය වන අපගේ මුලික අරමුණකි. සංවිධානයක් ලෙස සැලකීමේදී අප ශ්‍රී ලංකාවේ විශාලතම කාන්තා වෘත්තීය සංවිධානය වනවා මෙන්ම, ග්‍රාමීය සෞඛ්‍ය උදෙසා ජනතාව අසලින්ම සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අප සංගමයේ සාමාජිකයෝ වෙති.
ජාතික සනීපාරක්ෂක ප්‍රතිපත්තිය 2017 දී හදුන්වා දීමත් සමගම පාසල් හි සනීපාරක්ෂක සේවා වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගන්නාලදී. පාසල් ළමුන්ගේ වැසිකිළි පහසුකම් සැපයීම මෙහි එක් අංගයකි. ඒ හා සමගාමිව පවුල් සෞඛ්‍ය නිලධාරීන්  වන අප පාසල් සමග යොවුන් සෞඛ්‍ය පිලිබඳ සාකච්චා කිරීමට මෙන්ම දැනුවත් කිරීමට වැඩමුළු කිහිපයක් සංවිධානය කරනු ලැබීය. මෙහිදී අපට දැරියන් මෙන්ම පිරිමි දරුවන් සමගත් මේ ගැන කතා කිරීමට අවස්ථාව හිමිවීම භාග්‍යක්. සමාජයේ දුර්මත පසෙකලා සෞඛ්‍ය වැනි කාරණාවන් කාන්තා පිරිමි දෙපාර්ශවයම එකලෙස දැනුවත් විය යුතුය යන්න අපගේ මතයයි.
පසුගිය කාල වකවානුවේ ඉතා උණුසුම් මාතෘකාවක් වුයේ කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂකතුවා යන්නයි. දියුණු වන රටක් ලෙස පැවතියද සනීපාරක්ෂක තුවා භාවිතා කළ හැක්කේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් 30% කට පමණක් බවත්, එනම් කාන්තාවන්ගෙන් 70% ක් රෙදි භාවිතා කරන බවත් ජාත්‍යන්තරව දත්ත විශ්ලේෂණ වලදී අනාවරණය වීම රටක් ලෙස අපට යහපත් නොවේ. මෙයින් පැහැදිලි වන කරුණක් නම් කාන්තා සෞඛ්‍ය ආශ්‍රිත තොරතුරු පිලිබඳ, ග්‍රාමීය වශයෙන් ජීවත්වන කාන්තාවන් දැනුවත් නොමැති බවයි.

 




 

 

වැඩිවියට පත්වන දියණියන්ගෙන් අති බහුතරයක් ඔසප්  දිනවලදී ආරක්ෂාවක් සහ සුවපහසු බවක් නොමැති නිසා නිවසේ රැඳී සිටීමට පෙළඹී ඇත. මේ හේතුවෙන් ඔවුනට අවම වශයෙන්  පාසල් දින 3 ක් වත්  අහිමි වේ. ඔසප් දිනයත් සාමාන්‍ය දිනයක් ලෙස ඔවුන්ගේ මනස මෙන්ම වටපිටවද සැලසීම අපගේ වගකීමකි. මෑතකදී පැවති පාසල් වැඩමුළුවකදී අප  ලද විශේෂම අත්දැකීමක් නම් වැඩමුළුව අවසානයේ එක්තරා කාන්තා පාසලක දැරියන් පිරිසක් ඉතා උනන්දුවෙන් තමන් මුහුණදෙන ගැටළු සාකච්චා කිරීමට පෙළඹීමයි. සැබෑවටම ඒ දරුවන්ට තමන්ගේ ගැටළු විසදා ගැනීමට කිසිදු අවකාශයක් හිමිවී නොතිබීම සොයා බැලිය යුතු කාරණයක්. සමාජයේ ඔවුන්ගේ ගැටළු සාකච්චා වෙනවානම් ඔවුන්ට ඇතිවන ගැටළු නිරායාසයෙන්ම අඩුවේ.
ඔසප් සෞඛ්‍යයට ඇති ලොකුම බාධකය වන්නේ සනීපාරක්ෂක පිළිවෙත් හා යටිතල පහසුකම් නොමැතිකමයි. බොහෝ ග්‍රාමීය කාන්තාවන් සහ ගැහැණු ළමයින් නැවත භාවිතා කළ හැකි රෙදි සිය ඔසප් දිනවලදී භාවිතයට ගනී. ඒවා සනීපාරක්ෂාව සඳහා පිරිසිදු ජලයෙහි සෝදා හිරු එළියෙන් වියළා ගත යුතුය. මෙය විශේෂයෙන් පාසල්වල ගැහැණු ළමයින්ට ගැටළුවක්. රෙදි කැබලි භාවිතයෙන්  විවිධ ආසද්මිකතා ඇතිවේ. ඔසප් සෞඛ්‍ය සනීපාරක්ෂාව නිසි පරිදි නොපවතින විට  ප්‍රජනන පද්ධතිය හා මුත්‍රා ආසාදන, ගැබ්ගෙල ආසාදන, වැනි සෞඛ්‍ය අවදානමකට තුඩු දිය හැකිය. දද ඉකිලි ප්‍රදේශයේ තුවාල ඇතිවීම, ඒ සමග ඇතිවන මානසික පීඩනය දැරියන්ට ඔසප් දිනවල පාසල් නොපැමිණීමට තවත් විශාල හේතුවකි.
ලංකාවේ විවිධ පෞද්ගලික ආයතන ඕනෑම තරාතිරමක කාන්තාවකට දරා ගත හැකි පරිදි මිලගණන් යටතේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කලද, ඇතැමුන් ඒ පිලිබඳ දැනුවත් නැහැ. ඒ වගේම තනි පැකට්ටුව ලෙස පාසල් දැරියන්ට පහසුවෙන් රැගෙන යා හැකි මෙන්ම ලාභදායි නිෂ්පාදන වෙළදපොලේ පවතී. අනාරක්ෂිත ඔසප් සෞඛ්‍ය පුරුදු නිසා ඇතිවියහැකි සංකුලතා සදහා අනිවාර්යෙන් විශාල මුදලක් වැය කිරීමටද සිදුවිය හැක. එය සංසන්ධනාත්මකව බැලුවහොත් සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් මිලදී ගැනීමේ පිරිවැයට වඩා අනිවාර්යෙන්ම ඉහලය. පාසල් ළමුන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට ගත් කැබිනට් තීරණය අගය කරනවාග
දේශීයව මෙන්ම විදේශීයව සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කිරීම ප්‍රශංසනීයයි. ලංකාවේ ප්‍රමුඛතම සන්නමයක් වන ෑඪ්  නවතම හදුන්වා  දීම මේ අතරින් සුවිශේෂී වේ. එහි  ප්‍රතිඔක්සිකාර අඩංගු  ග්‍රීන් ටී සාරයල ්බඑස-ඉ්ජඑැරස්ක ස්ථරයක් මෙන්ම ගැඹුරු කසුමසා කදජන-සබ අවශෝෂණ පද්ධතියකින් සමන්විත වීම, සුවිශේෂී කොට දැක්විය හැකිය.  එමගින්  ඔසප් දූර්ගන්ධය වැලක්වීමට මෙන්ම ඉතා වේගයෙන් රුධිරය සහ දියර  අවශෝෂණය කිරීමට හැකියාව භාවිතයේ පහසුව ඇති බව පැවසේ. මෙම ප්‍රතිලාභ සලකා බැලීමේදී පාසල් දැරියන්ට කර්මාන්ත ශාලා සේවිකාවන් වැනි විවිධ ස්ථර වල පිරිසට දරා ගත හැකි මිලකට ලබා ගතහැකි වීම භාග්‍යකි. ඒ පිලිබඳ සැලකිල්ලට ලක්කිරීම වැදගත්වනවා සේම ඔසප් සෞඛ්‍ය පිළිබඳ රටේ ජීවනාලිය වන කාන්තා පරපුරේ සෞඛ්‍ය පිළිබඳ අප සමාජයේ සියල්ලෝම අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව