ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැර මංගල්‍යය – 2022 සඳහා පීපල්ස් ලීසිං සමාගමද සිය අනුග්‍රාහකත්වය දක්වයි.

Microsoft Word - PLC - Sponsers Kandy Esala Perahera

 



 

 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය හා  ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය” සඳහා අනුග්‍රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්‍රී දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහක  දායකත්වය සපයයි.

රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් ^NBFI&වන පීපල්ස් ලීසිං සමාගම විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2011 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම, බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ජායාරූප විස්තරය

පීපල්ස් ලීසිං සමාගමෙහි ප්‍රධාන කළමනාකරු (ණය අය කර ගැනීම් -මධ්‍යම කලාපය) සමන් ලියනගේ මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත අනුග්‍රාහක ලිපිය පිරිනැමූ අවස්ථාව, මේ අවස්ථාවට  පීපල්ස් ලීසිං මහනුවර ශාඛාවේ ශාඛා කළමනාකරු සේනක මුණසිංහ මහතාද එක් විය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව