එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ

Elephant (1)

දේශීය ක්‍රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය!

2025 මැයි 08, කොළඹ: ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වීමේ නිවේදනය පසුගියදා නිකුත් කලේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පෑවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය සිදුකරනු ලැබූ අතර, එය පරම්පරා ගනනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාව තුළ ක්‍රීඩාව තුළින් සහ රසවත් මතකයන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවක මෙන්ම බීම සන්නාම ද්විත්යක් එක්වීමේ සුවිශේෂ අවස්ථාවක් බවට පත්විය.
 



 
මේ හවුල්කාරීත්වය මත පදනම් ව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ශ්‍රී ලංකාව තුළ පැවැත් වෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල නිල සහ එකම බීම අලෙවිකරු වීමේ අයිතිය ද එලිෆන්ට් හවුස් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදි. ඉදිරියේ දී, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ශකාගාරයෙහි, VIP කාමරවල පමණක් නොව, ක්‍රීඩක විවේකාගාර තුළ ද එලිෆන්ට් හවුස් බීම මගින් තරගයේ උද්වේගකර අවස්ථා රසවත් කරනු ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමාගමේ පාරිභෝගික අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා ප්‍රකාශ කලේ, “සමාගමක් විදිහට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත්වෙනවා.” යනුවෙනි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “ අප මේ අනුග්‍රාහක දායකත්වය තුළින් අපේ සන්නාමය ප්‍රවර්ධනය කරගැනීමට වඩා, ක්‍රීඩාමය ලැදියාව, ආඩම්බරය වර්ධනය කිරීම තුළින් තරගයේ සුවිශේෂ අවස්ථා ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීම අරමුණ වෙනවා.”

එලිෆන්ට් හවුස් සමාගම සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති බැඳීම අද ඊයේ ඇති වූවක් නොවේ. ඔවුන් විසින් මෙයට පෙර ද පාසල් මට්ටමේ තරගාවලීන් සංවිධානය කිරීමට සහ ග්‍රාමීය ක්‍රිකට් දියුණු කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටු කර  ඇත. මෙම උපාය මාර්ගික සහයෝගිතාව හරහා දැන්වීම් පුවරු, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සහ තරග අතරතුරදීත් එලිෆන්ට් හවුස් සන්නාමය තව තවත් ජනතාව අතරට ගෙන යෑමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. මෙයට අමතරව එලිෆන්ට් හවුස් ආයතනය විසින් රසික ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ක්‍රීඩකයින්ද සහභාගි කරවා ගනිමින් ‍විවිධ වැඩසටහන් රැසක් ද සංවිධානය කරනු ඇත.

“අප එලිෆන්ට් හවුස් ආයතනය බොහොම ආදරයෙන් පිළිගන්නවා. මෙම සබඳතාව හරහා අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන සහය ඉතා විශාලයි. ඒ වගේම මෙම සබඳතාව හරහා ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ද ඔවුන්ට හිමි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඈශ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.

මෙම සබඳතාව හරහා එලිෆන්ට් හවුස් සන්නාමයේ ගුණාත්මක භාවය, අනන්‍ය බව සහ සාමාන්‍ය ජනතාවට සමීපවීම යන සාධක වැඩිදියුණු කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.

2027 වර්ෂයේ මාර්තු 31 වැනි දින දක්වා වලංගු මෙම සබඳතාව හරහා එලිෆන්ට් හවුස් විසින් නව ඉනිමක් දියත් කරනු ඇත. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව