එලායන්ස් ෆිනෑන්ස් සමාගම ළමා දිනයේදී ඉතුරුම්, නිර්මාණශීලිත්වය සහ දැනුම ප‍්‍රවර්ධනය කරයි!

Pic#2 - Mr Michael Benedict, Director – Recoveries AFC, along with Rev. Fr. Damien Arsakularatne handing over plants to the family community (LBN)

 



 

 

2023 ළමා දිනය නිමිත්තෙන්, ශ‍්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම, දරුවන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම සහ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය.

එහි පළමු අංගය ලෙස, දිවයින පුරා තෝරාගත් පෙර පාසල් 86 ක, එහි ශාඛා කලාප වලට අනුගත වන ලෙස පෙර පාසල් චිත‍්‍ර තරගයක් සංවිධානය කරන ලදී. ඔක්තෝබර් 2 වන දින පවත්වන ලද මෙම තරඟය කුඩා කල සිටම ඉතිරි කිරීමේ වටිනාකම් ඇති කිරීමටත්, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීමටත්, දරුවන්ට සහ දෙමාපියන් වෙත මෙම අදහසේ වටිනාකම උදහා දක්වන පරිදි සංවිධානය කිරීම වැදගත් විය. මෙම චිත‍්‍ර තරඟය ළමා දිනයට සමගාමීව සංවිධානය කිරීම මගින් ළමුන්හට එය ඉතා විනෝදජනක අංගයක් විය.

සෑම පෙර පාසලකින්ම එක් ජයග‍්‍රාහකයෙකු තෝරා ගන්නා ලද අතර, ඔවුන්ගේ සුවිශේෂී කලා නිර්මාණ කැපී පෙනුණි. ජයග‍්‍රාහකයින් හට AFC හපන්නු ළමා ඉතුරුම් ගිණුම් වෙත තැන්පතු පිරිනමන ලද අතර, තවද, සහභාගී වූ සෑම දරුවෙකුටම ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට සහ උත්සාහයට ගරු කරමින් එලායන්ස් ෆිනෑන්ස් සමාගමෙන් සහභාගීත්ව සහතිකයක් ලබා දෙන ලදී.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ දැක්මේ කොටසක් ලෙස ළමාවිය සංවර්ධනයෙහි මහා කර්තව්‍යයක් කරනා පෙර පාසල් වෙත නොමිලේ නාම පුවරුවක් පිරිනමන ලදී. මේ මගින් ්ත්‍ක්‍ සමාගම සහ පෙර පාසල අතර විශේෂ සබැඳියක් ගොඩනැගෙන අතර, ළමුන් සහ දෙමාපියන් වෙත ඉතිරි කිරීමේ පණිවිඩය රැගෙන යාමට මෙය රුකුලක් වේ යැයි සමාගමේ විශ්වාසයයි.

දිවයින පුරා පිහිටි එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ ශාඛා නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම චිත‍්‍ර තරඟ ළමුන්ගේ උද්යෝගය තවත් වැඩි කළේය. ඔවුන්ගේ පැමිණීම දරුවන්ට දිරිගැන්වීමක් ලබා දුන් අතර, උත්සවය අමතක නොවන එකක් බවට පත් විය.

පාසල් සිසුන් සඳහා, AFC විසින් එහි සියලූම ශාඛාවන්හි උද්යෝගිමත් ප‍්‍රශ්න විචාරාත්මක තරඟයක් සංවිධානය කරන ලදී. මෙම තරඟය 6-7 ශ්‍රේණිවල සහ 8-9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ළමුන් ඉලක්ක කර ගනිමින් වෙනම ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සහිතව පාසල් විෂයමාලා සහ කාලීන කටයුතු පිළිබඳ ඔවුන්ගේ දැනුම පරීක්ෂා කර වැඩිදියුණු කිරීම සඳහා සකස් කරන ලදී. එලායන්ස් ෆිනෑන්ස් ශාඛා විසින් අදාළ ප‍්‍රදේශයේ පාසල් සමඟ වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද අතර, සහභාගී වීමට කැමැත්තෙන් සිටි සිසුන් සහ දෙමාපියන්ගෙන් සියලූම එලායන්ස් ෆිනෑන්ස් ශාඛා පිරී ඉතිරී ගිය මෙම උත්සවය ඉතා සාර්ථක විය. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් මාධ්‍ය මගින් මෙම තරඟය පැවැත්විණි.

එලායන්ස් ෆිනෑන්ස් ප‍්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ ජයග‍්‍රාහකයින් හට ඔවුන්ගේ නමින් විවෘත කරන ලද AFC හපන්නු ළමා ඉතුරුම් ගිණුම් වෙත වටිනා මුදල් ත්‍යාග පිරිනමන ලදී. දීප ව්‍යාප්ත ජයග‍්‍රාහකයින්, 1 වන සහ 2 වන අනුශූරයන් හැරුණු විට, පළාත් ජයග‍්‍රාහකයින් 9 දෙනෙකු තෝරාගෙන ත්‍යාග මුදල් තැන්පතු සමඟ ්ත්‍ක්‍ හපන්නු ගිණුම් සමඟ ත්‍යාග පිරිනමන ලදී. අනෙකුත් සියලූම සහභාගිවන්නන්ට ඔවුන්ගේ උත්සාහයට වටිනාකමක් එක් කරමින් සහභාගීත්ව සහතික ප‍්‍රදානය කරන ලදී.

”අපගේ තරුණ පරම්පරාවට ඉතිරි කිරීමේ පුරුද්ද පෝෂණය කිරීම සහ නිර්මාණශීලීත්වය ප‍්‍රවර්ධනය කිරීම ගැන අපි තරයේ විශ්වාස කරමු. 2023 ළමා දිනය සැමරීම සඳහා පවත්වනු ලබන චිත‍්‍ර හා ප‍්‍රශ්න විචාරාත්මක තරඟ හරහා, කුඩා කල සිටම ඉතිරි කිරීමේ වටිනාකම ශක්තිමත් කිරීමට දරුවන් තුළ පෙළඹවීම අපගේ අරමුණයි. මෙය ඔවුන්ගේම අනාගතය සඳහා ශක්තිමත් අඩිතාලමක් වන බව නිසැකයි”, එලායන්ස් ෆිනෑන්ස් සමාගම හි ප‍්‍රධාන වාණිජ නිලධාරී අජන්ත කුමාර මහතා පැවසීය.

සමාජයට ධනාත්මක ලෙස දායක වීමට සහ අපේ රටේ අනාගත නායකයින් සවිබල ගැන්වීමට එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අඛණ්ඩ කැපවීම මෙම මුලපිරීම මගින් අවධාරනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව