එමිරේට්ස් වෙතින් නොවැ. 18 දක්වා විශේෂ මිලට වෙන්කර ගන්නා ටිකට් පත් තුලින් 2020 සැප්. දක්වා ගමන් කිරීමට අවකාශය

emirates

එමිරේට්ස් ගුවන් සමාගම සමඟ ඉදිරි මාස 10 තුළදී සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශී්‍ර ලාංකික ගුවන් මගීන් වෙනුවෙන් විශේෂ ආකර්ශනීය ගුවන් ගාස්තු ලබාදෙන ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.

නොවැම්බර් 18 වනදා දක්වා මිලදී ගන්නා ගුවන් ටිකට් පත් සඳහා මෙම ආකර්ශනීය වට්ටම් හිමිවන බවත් 2019 නොවැම්බර් 12 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා මෙම ගුවන් ගමන් සිදුකළ හැකි බවත් සම්මානනීය ගුවන් සමාගම සඳහන් කරයි.

මේ අනුව, ඉකොනොමි පන්තිය යටතේ මාලේ වෙත ගමන් කිරීමේ ටිකට් පතක් බදු සහිතව ඇමරිකානු ඩොලර් 240 කින් (පවතින විනිමය අනුපාතය යටතේ රුපියල් 43,500 ක් පමණ) ආරම්භ වන අතර ඩුබායි දක්වා ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 338 කින් (රුපියල් 61,300 ක් පමණ) ආරම්භ වේ. පැරිසියට ගුවන් ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 566 කින් ද (රුපියල් 102,600 ක් පමණ) ලන්ඩනයේ හීත්‍රෝ වෙත ටිකට් පතක් ඩොලර් 765 කින් ද (රුපියල් 138,700 ක් පමණ) නිව්යෝර්ක් දක්වා ටිකට් පතක් ඩොලර් 977 කින් (රුපියල් 177,110 ක් පමණ) ආරම්භ වන බව එමිරේට්ස් නිවේදනය කර ඇත.

එසේම, සියළු බදු ඇතුළත්ව ව්‍යාපාරික පන්තිය මගින් මාලේ වෙත ගුවන් ටිකට් පත් ඇමරිකානු ඩොලර් 545 කින් ද (රුපියල් 98,800 ක් පමණ) ඩුබායි වෙත ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 1,102 කින් ද (රුපියල් 199,800 ක් පමණ) ෆ්‍රැන්ක්ෆර්ට් වෙත ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 2,523 කින් ද (රුපියල් 457,400 ක් පමණ) පැරිසිය වෙත ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 2,533 කින් ද (රුපියල් 459,200 ක් පමණ) ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ දක්වා ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 2,614 කින් ද (රුපියල් 473,900 ක් පමණ) නිව්යෝර්ක් දක්වා ටිකට් පතක් ඇමරිකානු ඩොලර් 3,913 කින් ද (රුපියල් 709,400 ක් පමණ) මෙම ප්‍රවර්ධනය යටතේ ආරම්භ වන බව එමිරේට්ස් පවසයි.

‘මෙම විශේෂ වැඩසටහන් තුලින් පළමු පන්තියේ ගුවන් ටිකට් පත්වල වෙළඳපොළ මිලෙන් 15% ක් පමණත්, ව්‍යාපාරික පන්තියේ සහ ඉකොනොමි පන්තියේ ගුවන් ටිකට් පත්වල මිලෙන් 10% ක් පමණත් අඩු වෙනවා,’ යැයි මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළාපීය කළමනාකරු චන්දන ද සිල්වා මහතා සඳහන් කළේය. ‘ශ්‍රී ලංකාවේ සිටින ගුවන් මගීන්ට ලෝකයේ අග්‍රගන්‍ය ගුවන් සමාගම තුළින් සංචාරය කර තමන් වැයකරන මුදල් වෙනුවෙන් සැබෑ වටිනාකමක් ලබාගැනීමට මෙය කදිම අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි.’

එමිරේට්ස් ගුවන් සේවයේ නිරන්තර ගුවන් මගීන් සඳහා වන සම්මාන දිනූ ස්කයිවර්ඩ්ස් වැඩසටහන මගින් රැස්කරගත් සැතපුම් සහ මුදල් යොදා ලබා ගන්නා ටිකට් පත් සඳහා ගෙවීමට අවකාශය ලබාදේ. එ අනුව සංචාරකයන්ට තමන් එක් රැස්කර ගන්නා ලද ස්කයිවර්ඩ්ස් සැතපුම් ප්‍රමාණයෙන් ගුවන් ප්‍රවේශ පත්‍රයේ වටිනාකමෙන් කොටසක් ගෙවා ඉතිරිය මුදලින් ගෙවීමේ අවස්ථාව ලබාදී තිබේ.

සියලූම පන්තිවල මගීන් සඳහා එමිරේට්ස් ජාත්‍යන්තර ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙතින් සුහදශීලි සේවාවක්ද රසඥතාවයෙන් යුත් සූපවේදීන් වෙතින් පිරිනැමෙන දිවපිනන ආහාර වර්ග රැසක්ද, සිංහල සහ දමිළ චිත්‍රපට, සංගීත වැඩසටහන් ඇතුළුව නාලිකා 4500 කින් සමන්විත ගුවන්සේවයේ සම්මානනීය සජැ විනෝÞස්වාද පද්ධතිය රසවිඳීමේ අවස්ථාවද පිරිනැමේ.

එමිරේට්ස් ගුවන් සේවය 1986 අප්‍රේල් සිට ශ්‍රී ලංකාවේ තම සේවා කටයුතු පවත්වාගෙන යන අතර වර්තමානයේ කොළඹ සිට ඩුබායි දක්වා දිනකට ගුවන් ගමන්වාර 03 ක් ක්‍රියාත්මක කරමින් මහාද්වීප 06 ක ගමනාන්ත 158 ක් සඳහා ප්‍රවේශවීමේ පහසුව සපයයි. මෙරට සිට ක්‍රියාත්මක වන එමිරේට්ස් ගුවන් ගමන් 2019 නොවැම්බර් 30 වන දින සිට දිනකට 04 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කොට තිබේ.

විශේෂ ගුවන් ගමන් ගාස්තු සහ ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේ වැඩිදුර තොරතුරු සඳහා www.emirates.com/lk වෙත පිවිසෙන්න. නැතහොත් 4704070 දුරකථන අංකයට අමතන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව