ඊටන් විද්‍යාලය නව පරිශ්‍රයකට පැමිණෙයි

ETON (LBN)

ඊටන් විද්‍යාලය සිය ගමන් මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජූලි මස 30 වැනි දින නවීන පහසුකම්වලින් සපිරි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලදී. නව පාසල් ගොඩනැගිල්ල නවීන පන්ති කාමරවලින්, විද්‍යාගාරයකින්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයකින්, පුස්තකාලයකින් සහ අංගසම්පූර්ණ පෙර පාසලකින් සමන්විත වේ. ඊටන් විද්‍යාලය මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට ගුණාත්මක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සැපැයීමට මරදාන ප්‍රදේශයේ කුලී පදනම මත ගත් ගොඩනැගිල්ලක 2024 ජනවාරි 07 වැනි දින සිසුන් 40 දෙනෙකුගෙන් සමන්විතව අරඹන ලදී. ඊටන් විද්‍යාලය අක්‍රම් මොහොමඩ් තව්ෆීක් මහතාගේ නායකත්වයෙන් කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත.
 



 

වර්තමානයේදී එහි 200කට අධික සිසුන් පිරිසක් සහ 20කට අධික ගුරු මණ්ඩලයක් සිටින අතර ඊටන් විද්‍යාලයේ විදුහල්පති හා ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන අක්‍රම් මහතා ගුණාත්මක අධ්‍යාපනය පෝෂණය කිරීමටත්, විනයගරුක සිසුන් නිර්මාණය කිරීමටත් කැප වී සිටී. ඊටන් විද්‍යාලය පාපන්දු, පිහිනුම්, කරාතේ, සංගීතය, නර්තනය ඇතුලු විවිධ ක්‍රීඩා හා සෞන්දර්යය ක්‍රියාකාරකම් සඳහාද සිසුන් යොමු කරවයි. විද්‍යාලයේ සිංහල සහ දෙමළ භාෂා සංගම් සමග ඊටන් ඉංග්‍රීසි සංගමය ත්‍රෛභාෂා චතුරත්වය ප්‍රවර්ධනය කිරීමට තීරණාත්මක කාර්යයක් ඉටු කරයි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඊටන් විද්‍යාලය හා අනුබද්ධව ඊටන් කැම්පස් ස්ථාපනය කර ඇත. කොල්ලුපිටියේ පිහිටි ඊටන් කැම්පස් TVEC අනුමත පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා අධ්‍යාපනය සම්බන්ධ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි (ශාස්ත්‍රවේදී/ශාස්ත්‍රපති) පාඨමාලා රැසක් පිරිනමයි. ඊටන් කැම්පස් එක්සත් රාජධානියේ ATHE, Qualifi සහ ABE සඳහා අනුමත මධ්‍යස්ථානයකි. එක්සත් රාජධානියේ සුදුසුකම් නියාමකයා වන Ofqual විසින් පිළිගනු ලැබූ මෙම ආයතනය හරහා RQF සුදුසුකම්ද පිරිනමයි. ඊටන් කැම්පස් ශ්‍රී ලංකාවේ අනුමත SELT විභාග මධ්‍යස්ථානයක් වන අතර එක්සත් රාජධානියේ වීසා සහ ආගමන (UKVI) අරමුණු සඳහා එරට ස්වදේශ කාර්යාලය විසින් අනුමත කරනු ලැබ ඇත. ඊටන් විද්‍යාලය හා ඊටන් කැම්පස් එක් වී සිසුන්ට ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වා මග පෙන්වන පුළුල් හා ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහනක් නිර්මාණය කරයි.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව