ඉහළ ජනප‍්‍රියත්වය හා අධික ඉල්ලූම හේතුවෙන් SAMSUNG ‘’Upgrade Festival’’ තවත් දීර්ඝ කරයි

Samsung Upgrade Fest

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් පුළුල් ජනප‍්‍රසාදයක් හිමි කරගෙන සිටින ඔවුන්ගේ Upgrade Festival මේ වන විට එය ලබා ඇති ඉහළ ජනප‍්‍රියත්වය හා අධික ඉල්ලූම හේතුවෙන් 2022 ජනවාරි අවසානය දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව නිවේදනය කර සිටී.

පසුගිය නත්තල් සමයේ පාරිභෝගිකයින්ට සුවිශේෂ දීමනා ලබා දෙමින් මෙරට සියලූම ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට ආරම්භ කරන ලද මෙම ප‍්‍රවර්ධනය මෙම 2022 නව වසරේදී ද වැඩි පාරිභෝගික ජනතාවකට තම නිවෙස් සුපිරි සැම්සුන් තාක්ෂණයෙන් ඉහළ දැමීම සඳහා තවදුරටත් පුළුල් කර තිබීම කැපී පෙනේ. සියලූම ශ්‍රී ලාංකික ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව කටයුතු කරනු ඇත.

පසුගිය නොවැම්බර් 5 වන දින දියත් කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දැන් 2022 ජනවාරි 31 දක්වා ක‍්‍රියාත්මක වේ. Samsung Upgrade Festival හරහා රු. මිලියන 140 ක වටිනාකමින් යුත් ත්‍යාග හිමිකර ගැනීමට පාරිභෝගිිකයින්ට හැකි අතර රු.5,000ක් දක්වා වවුචර් පත් මගින් තෝරා ගනු ලබන ගෘහෝපකරණ සඳහා ඔබට ගෙවීම් කළ හැකිය. එසේම නොමිලේ Sound bar හා මයික්‍රොවේව් වැනි විශේෂ දීමනා පැකේජයක් හිමි කරගැනීමට ද අවස්ථාව ලැබේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා සිටින ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ සැල් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා හා පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් සහිත ආකර්ෂණීය ගෙවීම් ක‍්‍රම සමඟින් තමන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ලබා ගත හැකිය.

Upgrade Festival සඳහා සැම්සුන් වෙත ලැබුණු අතිමහත් සුබවාදී ප‍්‍රතිචාර හේතුවෙන් මෙය දීර්ඝ කිරීමට තීරණය කෙරිණි. වවුචර් පත්, විශේෂ දීමනා පැකේජ සහ පහසු ගෙවීමේ ක‍්‍රම වැනි අමතර ප‍්‍රතිලාභ සමඟින් එදිනෙදා ජීවිතය පහසු කරන නව්‍ය නිෂ්පාදන පෙළක් පිරිනමමින් වැඩි පාරිභෝගික ජනතාවකට Upgrade Festival හි ප‍්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව ලබා දීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේx

Samsung Upgrade Festival හරහා රු. 2,500 සිට රු.5,000 දක්වා වවුචර් පත් මගින් තෝරා ගනු ලබන සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ වායු සමීකරණ සඳහා ඔබට ගෙවීම් කළ හැකිය. එසේම රුපියල් 99,999 වටිනා Sound bar වැනි විශේෂ දීමනා පැකේජයක් තවත් බොහෝ දේ හිමි කරගැනීමට ද අවස්ථාව ලැබේ.

Visual Display Business තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 දී අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත් විය. වසර 15 ක් පුරාවට ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ නවෝත්පාදනයන් ඉදිරිපත් කරමින් ද නව පාරිභෝගික ජීවන රටාවන් පිළිබිඹු කරන අතිනවීන නිෂ්පාදන හඳුන්වා දෙමින් ද සැම්සුන් රූපවාහිනී ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වී සිටී. එමෙන්ම මෙම අංශය තුළ තිරසාරභාවය පවත්වාගෙන යාම සඳහා සැම්සුන් අඛණ්ඩ උත්සාහයන් ගෙන ඇති අතර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහ වර්ණ හඳුනා ගැනීමේ දුර්වලතාවයෙන් පෙළෙන පරිශීලකයින්ට ප‍්‍රවේශවීමේ හැකියාව වැඩි කරන නිෂ්පාදන සහ පරිසර හිතකාමී ඇසුරුම්කරණ දියත් කරමින් සිටී.

QLED Neo 8K TV සහ Crystal UHD 4K TV ඇදහිය නොහැකි ආකාරයේ තාක්ෂණයක් සහ වෙනත් කිසිවකට නොදෙවෙනි නැරඹීමේ අත්දැකීමක් ඔබට ලබා දෙයි. තවද නව ජීවන රටාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි මාදිලි 5 කට (5-in-1) වෙනස් කිරීමේ හැකියාව සහිත වේගවත් සුළං රහිත (Wind-Free) නව වායු සමීකරණ පෙළක් ද යෝගට් සෑදීමේ සහ ගබඩා කිරීමේ තාක්ෂණය සහිත ඉතා උසස් තාක්ෂණයකින් සමන්විත ලොව ප‍්‍රථම Frost Free ශීතකරණය වන Curd Maestro™ ශීතකරණය ද වෙළෙදපොල වෙත හදුන්වා දුන්නේය.

වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් පෙර නොවූ විරූ කොවිඞ්-19 වසංගතය අතරතුර පවා නොසැලී සිටිමින් අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම වැජඹීමට සමත්ව සිටී.

ලොව පුරා විවිධ වූ නව නිපැයුම් බිහි වෙමින් පවතින යුගයක පාරිභෝගිකයින් සියලූ දෙනාම තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශ්වසනීය වෙළෙඳ නාමයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. වර්තමාන පාරිභෝගිකයින්ට විවිධ වූ සහ ආවේනික රසයන් ඇත. සුපිරි පන්නයේ ජීවන රටාවකට ඇළුම් කරන මෙම පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන් කැමති අකැමැති දේ හොඳින් විදහා දැක්වීම සඳහා තම නිවෙස් සකසා ගැනීමටයි. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා සැම්සුන් නිවෙස් අලංකරණයට හා ජීවන රටාවෙහි විවිධ වූ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඒ ඒ පාරිභෝගිකයාට කැමති පරිදි වෙනස් කිරීමේ හැකියාව ඇති modular design ගුණාංගවලින් යුත් නව ගෘහස්ත උපකරණ පෙළගැස්මක් හඳුන්වා දී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව