ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ඩීමෝ පහසුකම් සලසයි

dimo
ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන හා සාමාන්‍යාධිකාරී චන්දිම සමරසිංහ යන මහත්වරුන් ඩීමෝහි ජල ව්‍යාපෘති කණ්ඩායම සමග විවෘත කිරීමේ උත්සවයේ දී ගන්නා ලද ඡායාරූපයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා සුරක්ෂිත පානීය ජලය ලබා දීම පිණිස ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා සමස්ත යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුමය කාර්ය භාරය සැලසීමට ඩීමෝ හි ජල ව්‍යාපෘති අංශය පියවර ගෙන තිබිණි. මෙය, ඩීමෝ වෙතින් පහසුකම් සැපයුණු විශාලතම ජල සම්පාදන ව්‍යාපෘතීන් අතරින් එකකි.

ජල සම්පාදන ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. කලක් තිස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩා විඳි 3000 කට අධික පවුල් සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය සපයමින් රුපියල් බිලියන 2.4 ක වියදමින් නිම කෙරුණු මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය පුහුල් පොළ ජලාශයයි. ඇටම්පිටිය, ඌව, මහවෙලගම, නෙලුන්දණ්ඩ, දෙහිවින්න හා හීන්නාරන්ගොල්ල ඇතුළත්ව ග්‍රාම නිලධාරී කොට්ඨාස  12 ක් මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය කෙරිණි.

“බල ශක්ති, ජල කළමණාකාරණ, ප්‍රවාහන මෙන්ම, තවත් නොයෙකුත් ආකාරයේ සැලසුම් තුළින් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් අද වන විට ඩීමෝ පෙරමුණ ගෙන සිටිනවා. ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන අතරම, ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ඩීමෝ විදහා පාන විශේෂඥභාවය හේතුවෙන් ඉහළම තාක්ෂණික විසඳුම් රටට ඉදිරිපත් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”  ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතියෙහි සමස්ත යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු කාර්යය භාරය ආවරණය කරමින් ඩීමෝ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්, අංග සම්පූර්ණ හයි ලිෆ්ට් පොම්ප පද්ධතියක්, KSB බූස්ටර් පොම්ප පද්ධතියක්, ඇලම් සහ ලයිම් ඩෝසින් පද්ධතියක්, ක්ලෝරිනීකරණ පද්ධතියක්, ජෙනරේටර්, ජල මට්ටම් අධීක්ෂණ පද්ධතියක්, විද්‍යුත් දොඹකර, බැක්වොෂ් ඔටෝමේෂන් පද්ධතියක් හා සාම්ප්ලින් පොම්ප ආදිය සපයා දී ඇති බව ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන පැවසීය.

පෙර ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමෙන් සනාථ කළ හැකියාව, යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ කාර්ය භාරය අතින් සමාගම දක්වන විශේෂඥභාවය මෙන්ම KSB වැනි ලෝක ප්‍රකට සන්නාම සමග පවත්වාගෙන යන සම්බන්ධතාවය ආදී කාරණා, ඩීමෝ හට මෙවැනි ව්‍යාපෘතියක් සඳහා දායක වීමට ඉවහල් වී තිබේ. සමාගම අපේක්ෂා කළාටත් වඩා අඩු කාල සීමාවකින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වීමද තවත් විශේෂත්වයකි.

“ශ්‍රී ලංකාව පුරා ජල සම්පාදන ව්‍යාපෘති ගණනාවක් සඳහා දායකත්වය ලබා දෙමින්, පසුගිය වසර 50 කට අධික කාලයක් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සමග ඩීමෝ  සමීපව කටයුතු කර තිබෙනවා. 2018 වසරේදී, සිවිල් ඉදිකිරීම් කාර්යයන් සඳහා CIDA-C2 සහතිකය ලැබූ සමාගමක් බවට ඩීමෝ පත් වුණා. ඒ නිසා ඕනෑම ජල ව්‍යාපෘතියක සිවිල් ඉදිකිරීම් ඇතුළු යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු කාර්ය භාරය ඉටු කිරීමටත් අපට හැකි වී තිබෙනවා. රට පුරා නල මාර්ගයෙන් ජල සැපයුම වැඩි කිරීමේ රජයේ අරමුණත් සමග, දැන් ශ්‍රී ලංකාව තුළ ඕනෑම ආකාරයක ජල සම්පාදන ව්‍යාපෘතීන් සඳහා විශාල වශයෙන් දායක වීමට ඩීමෝ වෙත හැකියාව පවතිනවා.” රණවන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

KSB හා Demag වැනි ලොව පිළිගත් ජර්මානු සන්නාම මෙරට තුළ නියෝජනය කිරීමත්, වසර ගණනක් තිස්සේ සමාගම අත්කර ගත් විශ්වාසය හා බැඳුණු ඩීමෝ හි විශිෂ්ටතම සේවාවත් නිසා, සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙවැනි ව්‍යාපෘති සඳහා මග පෑදී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව