ආසියානු ක්‍රීඩා උළෙලේ ඒකල බැඩ්මින්ටන් තරග ඉසව්වට ශ්‍රී ලංකාවෙන් විරේන් නෙත්තසිංහ

IMG_3464 (LBN)

 


 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩා බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන විරේන් නෙත්තසිංහ චීනයේ හැංෂුයි නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල තරග ඉසව්වට සහභාගි වීම  සඳහා පිටත්ව ගියේය. පෙරේදා ආරම්භ වූ ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 2 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව්ව නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන විරේන් සමඟ ඔහුගේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස රොෂාන් ධම්මික මහතා ද  පිටත්ව ගියේය.

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 83 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ පසුගියදා ඉන්දුනීසියාවේ මෙඩන් හිදී පැවැති එක්ස්ෆෝරා ඉන්දුනීසියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලියේ පිරිමි ඒකල තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු ද වේ.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව