ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද MAS සේවක සුබසාධනය වෙනුවෙන් කැපවෙයි

Image 1 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, සිය සේවක සුබසාධනය සඳහා වන කැපවීම නැවතත් අවධාරණය කරමින් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීම සඳහා යළිත් වරක් ඉදිරියට පැමිණ ඇත. ඉහළ උද්ධමනයට සාමූහිකව මුහුණ දීමේ අරමුණින් සමාගමේ නවතම සේවක සුභසාධන සහ ප‍්‍රතිලාභ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ.

එහි එක් පියවරක් ලෙස, MAS විශේෂයෙන් ඉහළ ගිය ජීවන වියදමට ප‍්‍රතිචාර දැක්වූ අතර, සියලූම සේවකයින්ට අමතර ගෙවීම් කිහිපයක් ගෙවනු ලැබීය. එය 2022 දී ඔවුන්ගේ මාසික වැටුපෙන් 125% ක් විය.

MAS විසින් පවතින ආර්ථික අර්බුදය සහ වසංගතය තුළ එහි සේවකයින් මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා තවත් මුලපිරීම් රැසක් ආරම්භ කර ඇත. MAS Holdings හි මානව සම්පත් මෙහෙයුම් අධ්‍යක්ෂ, චරක ගුණවර්ධන මහතා, MAS සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් නඟාසිටුවීමට දායක වූ ආකාරය ඉස්මතු කළේය. ”පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ අපි අපගේ සේවක ප‍්‍රජාව තනි නොකර ඔවුන්ට අත්වැලක් වීමට තීරණ කළා. අපි අපගේ සේවක සුබසාධන ප‍්‍රතිපත්ති කඩදාසියකට පමණක් සීමා නොකර ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවනවා. ඒ අනුව ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන්ට සෑහෙන තරම් ආහාර සලාක සහ දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබාදීමට කටයුතු කළා. සේවක මහත්ම මහත්මීන්ගේ මූල්‍ය යහපැවැත්ම නගාසිටුවමින් ඔවුන්ට මානසික සහනයක් ලබාදීමට නිරතුරුව අපි කටයුතු කරනවා.”

”අපි 2022 ජනවාරි මාසයේදී අපගේ සේවක වැටුප්තල ඉහළ නැංවූ අතර නැවතත් අපේ‍්‍රල් මාසයේදී ද සේවක වැටුප්තල ඉහළ නංවන ලදි. ඉහළ යන ආර්ථික අභියෝග හමුවේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කීරීමේ අරමුණින් ඉදිරියේදී තව තවත් සහන ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම දුෂ්කර කාලය ඉක්මනින් අවසන් වනු ඇති බවට අපි විශ්වාස කරන අතර 2023 වසරේදී ද අපගේ සේවක ජනතාව වෙනුවෙන් ඉහළ සුබසාධන වැඩසටහන් හදුන්වාදෙමින් ඔවුන්ව සවිබලගැන්වීමට අපි ඇප කැප වෙනවා.” යනුවෙන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

දැඩි ආර්ථික අභියෝගවලට සහ රට තුළ ඇති වන ආහාර හිඟයට ප‍්‍රතිචාරයක් ලෙස, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා MAS පෙරමුණ ගන්නා ලදි. MAS විසින් 80,000 කට අධික සේවකයින්, ඔවුන්ගේ පවුල් සහ තෙවන පාර්ශවීය සේවා සපයන්නන් සඳහා වියළි සලාක සපයන ලද අතර එය සිය සුබසාදන වැඩසටහන් අතර කැපී පෙනෙන පරිත්‍යාගයකි.

ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා වූ සිය කැපවීම යථාර්තවත් කරමින් MAS, ආහාර අවශ්‍යතා සපුරාලීමෙන් ඔබ්බට ගොස් තම සේවකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ද සපුරාලීමට කටයුතු කළේය. මෑතකදී MAS සිසු දිරිය යෝජනා ක‍්‍රමය ප‍්‍රකාශයට පත් කරන ලද අතර එමඟින් සියලූම මට්ටම් වල සේවකයින්ගේ සහ තෙවන පාර්ශවීය සේවා සපයන්නන්ගේ දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දෙන ලදී. තවදුරටත් ඉදිරියට යමින් රටේ ඉන්ධන අර්බුදය අතරතුර, 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සිසුන්ට ප‍්‍රවාහන පහසුකම් සැපයූ බස් රථ 80 ක් වෙනුවෙන් ඉන්ධන ලබා දීමට කටයුතු කළේය.

තම සේවකයන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරමින්, MAS විසින් උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමද වැදගත් මුලපිරීමකි. ඒ හරහා යහපත් මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව සහ අභියෝගාත්මක කාලවලදී යහපත් සෞඛ්‍යක් පවත්වාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී.

MAS උපකාර අවැසි පවුල් 119,0000 කට ප‍්‍රතිලාභ ලබා දෙන මානුෂීය ආධාර වැඩසටහනක් වන ”මනුදම් මෙහෙවර” සමාජ සත්කාර වැඩසටහන සමඟ අත්වැල් බැඳගනිමින් රටේ අඩු ආදායම්ලාභී ජනතාවට උපකාර කිරීමට සර්වෝදය ව්‍යාපාරය හරහා රුපියල් මිලියන 100 ක කැපී පෙනෙන මුදලක් පරිත්‍යාග කරන ලදී.

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 110,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups ප‍්‍රවාහන සහ කාර්යෝපාය අංශය මෙන්ම ලොව පුරා ඇගලූම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් කර ඇත. වසර 30ක් පුරා, MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය මෙන්ම එහි ශිල්පීයත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය සඳහා ගෝලීය පිළිගැනීමක් ලබා ඇත. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව