ආයතන ක්ෂේත්‍රෙයේ සෞඛ්‍යය හා යහපැවැත්ම නංවමින්, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පැවැත්වෙයි

6

ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE), ජපාන විදේශීය වෙළෙඳ සංගමය (JETRO) සමග එක්ව, මෙහෙය වූ, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අකිරා සුජියාමා මහතා එම උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ සභාපති, අමින්ද රොද්‍රිගො හා JETRO හි කොළඹ නියෝජිත මසාතොමො ඉතොනගා යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ. පෞද්ගලික සමාගම් රාශියක් පොදු සෞඛ්‍ය හා යහ පැවැත්ම උදෙසා යොමු කෙරෙන සම්මාන උළෙලක් ලෙසින් ප්‍රකට මෙම සම්මාන උළෙල මෙවර අවසන් වූයේ, එළඹෙන වසරේද, එවැනිම සම්මාන උළෙලක් පැවැත්වීමේ අපේක්ෂාව පෙරදැරිවය.

“ආයතනික සෞඛ්‍යය හා යහපැවැත්ම සලකා බැලෙන එකම සම්මාන උළෙල වශයෙන් ඇගයීමට ලක් වන, මෙවැනි සම්මාන උළෙලක් සංවිධානය කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. හැමවිටම ආයතනික ක්ෂේත්‍රයේ සොඛ්‍යය හා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා මෙවැනි කටයුතු සංවිධානය කිරීමට අපගේ ආයතනය හැමවිටම කැප වී සිටිනවා. මේ වන විට සෞඛ්‍ය හා ඵලදායිතාව සම්බන්ධයෙන් ආයතන ගණනාවක් දැනුවත් කිරීමෙන් ඒ සඳහා උනන්දු කිරීමෙන් හා සහය දීමෙන් අපි හොඳ ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. මේ සම්මාන උළෙලේ සාර්ථකත්වය, ආයතනවල සෞඛ්‍ය හා ඵලදායිතාව ඉලක්ක සපුරාලීම සඳහා අපගේ ඇති කැපවීමේ හා උනන්දුවේ අතුරුඵලයක් විදිහට සඳහන් කරන්න පුළුවන් ” COYLE හි සභාපති අමින්ද රොද්‍රිගො සඳහන් කළේය.

ඉකුත් වසරේ මෙන්ම මෙවරද, ජයග්‍රාහකයින් ඉහළම විනිවිදභාවයක් පෙන්වන, තෝරා ගැනීමේ ක්‍රමවේදයකට යටත්ව සම්මාන සඳහා සලකා බැලිණි. එමෙන්ම සෞඛ්‍ය හා යහපැවැත්ම අළලා උසස් ප්‍රමීතීන් අනුගමනය කිරීම පිළිබදව ආයතන දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වුණු මිනුම් හා වැඩමුළුද ඇතුළත්ව තෝරා ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් කර තිබිණි. එමගින් ආයතනවල පැවැත්ම වෙනුවෙන් දීර්ඝකාලීනව ප්‍රතිඵල අත්කර දෙන සෞඛ්‍ය හා යහපැවැත්මේ වටිනාකම් වැඩිදියුණු කිරීම පිළිබඳ බොහෝ ආයතන සිය ප්‍රසාදය පළ කර තිබේ.

සැලසුම් කිරීමේ සිට සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීම වෙනුවෙන් කැපවුණු ආයතන සොයා ගැනීම දක්වා දීර්ඝ, එහෙත් වටිනා ක්‍රියාවලියකින් පසුව, ඒ සුදුසු ආයතන ගණනාවක් හඳුනා ගැනීමටත්, අන් අයද දිරි ගැන්වෙන පරිදි එම ආයතනවලට සම්මාන පිදීම මගින් ඔවුන් සමාජයට හඳුන්වා දීමටත්, සංවිධායක මණ්ඩලයට හැකි විණි. මෙවැනි සම්මාන උළෙලක් මගින් සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ කටයුතු කරන ආයතන ඇගයීමට ලක් කිරීම පමණක් නොව, ආයතනයන්හි සේවක පිරිසට ශාරීරික හා මානසික වශයෙන් යහපත් වැඩ කිරීමේ පරිසරයක්ද උදා කර දීමද සිදු කෙරේ.

සේවක කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අනුව, ජයග්‍රාහකයින් රන් හා රිදී සම්මානයට පාත්‍ර වූහ. සේවක ප්‍රමාණය අනුව අති- විශාල කාණ්ඩය යටතේ හයිඩ්‍රාමනී ඉන්ටනැෂනල් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම රන් සම්මානයට පාත්‍ර වූ අතර, ලීනියා ඇක්වා පුද්ගලික සමාගම හා කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පී. එල්. සී රීදී සම්මානයටද පාත්‍ර විණි. මැක්ලැරන්ස් හෝල්ඩින්ග්ස් සමාගම කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. සේවක ප්‍රමාණය අනුව විශාල කාණ්ඩය යටතේ  ඔරෙල් කෝපරේෂන් පුද්ගලික සමාගම රන් සම්මානය දිනා ගත් අතර, එම කාණ්ඩය යටතේ සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් වෙත රීදී සම්මානය හිමි විය. ස්ක්‍රීන්ලයින් පුද්ගලික සමාගම හා ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන නිෂ්පාදනාගාරය කුසලතා සම්මානයටද ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් හි බටදූව නිෂ්පාදනාගාරය සහභාගිත්වය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර විය.

සේවක ප්‍රමාණය අනුව මධ්‍යම කාණ්ඩයේ රන් සම්මානය සැම්සන් කම්ෆවුන්ඩ්ස් පුද්ගලික සමාගම දිනා ගත් අතර, ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් හි ක්‍රීඩා ඇඟළුම් නිෂ්පාදනාගාරය එහි රිදී සම්මානයට හිමිකම් කීය. ටොපාන් ෆෝම්ස් (කොළඹ) සමාගම හා Smithkline Beecham සමාගම එහිදි කුසලතා සහතික හිමි කර ගනිද්දී, ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම කරන්දෙණිය නිෂ්පාදනාගාරය සහභාගිත්ව සම්මානයෙන් පිදුම් ලැබීය.  සේවක ප්‍රමාණයෙන් කුඩා කාණ්ඩය යටතේ, Gac Shipping වෙත රිදී සම්මානය හිමි විය. සහභාගි වූ සියල්ලන්ගේම මහන්සිය ඉතා ඉහළින් අගය කෙරෙන අතර, ආයතනයන්හි සෞඛ්‍ය හා යහපැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලු දෙනා වෙත ධෛර්යය හා ශක්තිය සංවිධායක කමිටුව ප්‍රාර්ථනා කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව