
2025 පෙබරවාරි 27, කොළඹ – නවලෝක හොස්පිටල්ස්හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත ධර්මදාස මහතා පසුගියදා පැවති 2025 Medicare Health Excellence සම්මාන උළෙලේදී පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන විශිෂ්ටයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමා විසින් කරන ලද පූර්ණ කාලීන දායකත්වය හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් ලබා දුන් දූරදර්ශී නායකත්වය අගයමින් මෙම සම්මානය ධර්මදාස මහතා වෙත පිළිගන්වන ලදී.
සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම, නවතම තාක්ෂණික සේවාවන් හඳුන්වා දීම හා රෝගී සත්කාරයේ නව්‍ය සංධිස්ථානයන් සනිටුහන් කිරීම සඳහා සිදු කළ අප්‍රතිහත කැපවීම මෙම සම්මානය තමන් ධර්මදාස මහතා වෙත ලබා දීමට හේතුවක් විය. ආචාර්ය ධර්මදාස මහතාගේ නායකත්වය යටතේ 1987 වසරේදී CT සහ MRI ස්කෑන් යන්ත්‍ර ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නවලෝක හොස්පිටල්ස් 2024 වසරේදී දකුණු ආසියාවේ Ai මඟින් ක්‍රියාත්මක රේඩියෝලොජි මධ්‍යස්ථානය ආරම්භ කිරීම ඇතුලු නව්‍යකරණයන් රැසක පෙරමුණ ගැනීමට සමත්ව ඇත.
මෙම ගෞරවණීය ඇගයීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “ මෙම ගෞරවය මා වෙත හිමිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙය මාගේ පෞද්ගලික ජයග්‍රහණයන් පමණක් නොව නවලෝක හොස්පිටල්ස් කාර්ය මණ්ඩලයේ සාමූහික කැපවීමේ ප්‍රතිපලයක් ලෙස සඳහන් කළ හැකියි. අප සියලු දෙනා එක්ව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් නැවත අරුත් ගන්වමින් මෙරට සෑම පුද්ගලයකුටම ලෝකයේ හොඳම වෛද්‍ය සේවාවන් ලබා දීමට කැපවී කටයුතු කරනවා” යනුවෙනි.
නව්‍යකරණ සේවාවන්ගෙන් ඔබ්බට යමින් සෞඛ්‍ය සේවාවන්හි තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ආචාර්ය ධර්මදාස මහතාගේ නායකත්වය දායක වී ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතම වෘත්තිකයින් නවලෝක රෝහල වෙත එක් කර ගනිමින් ගුණාත්මක සේවාවක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට හැකිව තිබේ. තවද අනාගත නායකයින් පුහුණු කිරීම හා නිර්මාණය කිරීම තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවාව හා නව්‍යකරණ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමටද නවලෝක හොස්පිටල් තුළින් කටයුතු කර ඇත.
දක්ෂතා හඳුනාගැනීමේ හා ඉහළ නැංවීමේ හැකියාව සමඟින් එකම අරමුණක් වෙනුවෙන් කැපවන නායකත්ව හා වෘත්තීය කාර්ය මණ්ඩලයකින් සමන්විත නවලෝක හොස්පිටල්ස් නායකත්වයන් නිර්මාණය කිරීම සඳහා නිරන්තර අවධානය යොමු කර ඇත්තේ ජනතාව වෙත උසස් තත්වයේ ගුණාත්මක සේවාවක් පිරිනමන බවට සහතික වෙමිනි.
ආර්ථික අභියෝගයන් මධ්‍යයේ වුවද ජංගම වෛද්‍ය සේවාවන්, නොමිලේ ප්‍රවාහන සේවාන් සහ විශිෂ්ට රෝගී සත්කාරක අංශයන් සමඟින් තම සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම සඳහා නවලෝක රෝහල ඉදිරියට ගෙන යාමට ආචාර්ය ධර්මදාස මහතාගේ දායකත්වය සුවිසල් ශක්තියක් විය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමට පමණක් නොව මෙරට සෞඛ්‍ය සේවාව සාර්ථකව ඉදිරියට ගෙව යාමට කැපවූ නව පරපුරක් වෙනුවෙන් සිය ශක්තිය ලබා දීමටද ධර්මදාස මහතා කටයුතු කර ඇත.
2025 Medicare Health Excellence සම්මානයෙන් පිදුම් ලැබීම තුළින් ‘ආරෝග්‍යා පරමා ලාභා’ හෙවත් යහපත් සෞඛ්‍යය විශාලතම ලාභය බවට විශ්වාසය තබමින් ආචාර්ය ධර්මදාස මහතා සිදු කරන කැපවීම නැවත නැවතත් පිළිබිඹු කරයි. මෙම සම්මානය තුළින් තව දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ආචාර්ය ධර්මදාස මහතා සිදු කළ බලපෑමේ විශිෂටත්වයයි.