අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා වැඩ භාර ගනියි

Alan Smee, Newly appointed CEO, Country Manager at Allianz Insurance Lanka Limited (LBN)

 



 

 

2022 නොවැම්බර් මස පළමු (01) දින සිට අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා පත කර ඇති බව අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් නිවේදනය කර ඇත. 2015 ජුනි මස සිට ස්මී මහතා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවක කළ අතර 2022 මාර්තු මාසයේ සිට 2022 ඔක්තෝබර් මාසය දක්වා එහි සභාපති ධූරයද හෙබවීමට කටයුතු කර ඇත. මින් පෙර අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා දේශීය කළමනාකරු ලෙස කටයුතු කළ සහ වර්තමානයේ අලියාන්ස් අසියා පැසිෆික් කලාප කාර්යාලයේ නව තනතුරක් සඳහා පත් කර ඇති සහ ගානි සුබ්‍රමනියම් මහතා වෙනුවට ඇලන් ස්මී මහතා පත් කිරීම සිදුව ඇත.

ඇලන් ස්මී මහතා දීර්ඝ කාලයක් ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ තනතුරු දරා තිබේ. 1999 වසරේදී ඕස්ට්‍රේලියාවේ අලියාන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආයුගණක නිලධාරී ලෙස එම සමූහය සමග එක් වූ ඒ මහතා, 2003 වසරේ අගෝස්තු මස සිට 2006 වසර දක්වා කෙටි කාලයක් Ernst & Young Australia හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

2006 වසරේ සිට 2008 වසර දක්වා අලියාන්ස් ප්‍රධාන කාර්යාලයේ මිලකරණ ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස කටයුතු කළ ඇලන් ස්මී මහතා එහි පරිවර්තන තිරසාරත්ව ව්‍යාපෘතියටද දායක විය. ඉන් අනතුරුව ඒ මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා, තුර්කියේ අලියාන්ස් සමාගමේ පාරිභෝගික විකුණුම් ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස සහ තාක්ෂණික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, එම සමාගම එරට සාර්ථකම රක්ෂණ සමාගමක් බවට පත්කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළේ ය.

මෑතකාලීනව අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපයේ මෙහෙයුම් කටයුතු වලට දායක වූ ඇලන් ස්මී මහතා, මීට පෙර එම කාර්යාලයේ තාක්ෂණික ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස කටයුතු කළේ ය. එමෙන්ම කමිටු හා මණ්ඩල රැසක සාමාජිකත්වය දරා ඇති ඒ මහතා, කලාපීය සම්මන්ත්‍රණ හා මාර්ගගත වැඩසටහන් රැසකටද නායකත්වය දී තිබේ. ඊට අමතරව ඒ මහතා කලාපීය මිලකරණ, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ක්‍රමෝපායික අධ්‍යයන, ඒකාබද්ධකරණ ක්‍රියාකාරකම් සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති රැසක් සාර්ථක ලෙස මෙහෙයවා ඇත.

ප්‍රවීණ රක්ෂණ වෘත්තිකයෙකු වන ඇලන් ස්මී මහතා ඕස්ට්‍රේලියාවේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙකි. ඒ මහතා ඕස්ට්‍රේලියාවේ Macquarie University වෙතින් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් සහ ව්‍යවහාරික සංඛ්‍යාලේඛන පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකරගෙන තිබේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව