අයිඩියල් මෝටර්ස් සහයෝගීතාව සමඟ මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන ICV මාදිලියේ නවතම ෆියුරියෝ ට‍්‍රක් රථ පෙළ දැන් ශ‍්‍රී ලංකාවේ

CLIENT_11TMS-White-Cot-64417-back-Client

ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත දැවැන්ත සමාගමක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත Mahindra & Mahindra Ltd ශ‍්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගම සමඟ ඇති කරගත් ව්‍යාපාරික සහයෝගීතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස මධ්‍යම පරිමාණ බර වාහන මාදිලියක් වන මහින්ද්‍රා ෆියුරියෝ ට‍්‍රක් රථ දැන් ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දී ඇත.

මහින්ද්‍රා ෆියුරියෝ ට‍්‍රක් රථය රෝද 6 කින් සමන්විත වන අතර එම මාදිලිය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන ප‍්‍රථම අවස්ථාව ද මෙයයි. කැබ් සහ චැසි, ඩ්‍රොප් සයිඞ් ඩෙක්, හයි සයිඞ් ඩෙක් සහ අඩි 17, අඩි 19, අඩි 20, අඩි 22 හා අඩි 24 යන දිගින් යුතු ලොඞ් බොඩි සහිත තවත් ෆියුරියෝ මාදිලි රැුසක් ද ඉදිරියේදී හඳුන්වා දීමට අයිඩියල් මෝටර්ස් සමාගම තීරණය කර ඇත.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් Mahindra & Mahindra Ltd සමාගමේ අන්තර්ජාතික මෙහෙයුම් (දකුණු ආසියාව) නියෝජ්‍ය ප‍්‍රධානී, සන්ජේ ජාදව් මහතා මෙසේ අදහස් පළ කළේය. ‘‘අපගේ ශ‍්‍රී ලාංකික පාරිභෝගියකයන් වෙත ICV මාදිලියේ ෆියුරියෝ රථ පෙළ හඳුන්වා දීමට ලැබීම අපට ඉමහත් සතුටක්. විශිෂ්ට නිමාවකින් සහ අසමසම ආරක්ෂක විශේෂාංග රැසක් ද සමඟින් එන මෙහි රියදුරු කුටිය ඉතා සුවපහසු සහ ඉඩකඩ ඇති අයුරින් නිමවා තිබෙනවා. ෆියුරියෝ රථයේ ඇති මෙම විශේෂාංග නිසා මෙය වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නටත් නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නටත් හේතු වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කරමින් අදහස් දැක්වූ එම සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා – ‘‘අප විසින් ICV මාදිලියේ ට‍්‍රක් රථ ශ‍්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ෆියුරියෝ යනු අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුව නිපදවනු ලැබූ ට‍්‍රක් රථයක්. මේ වන විට වෙළඳපොළේ single cab, light commercial, intermediate commercial සහ heavy-duty වශයෙන් වාහන මාදිලි කිහිපයක්ම දැකිය හැකියි. මහින්ද්‍රා ෆියුරියෝ රථය අයත් වන්නේ intermediate commercial vehicle යන වාහන මාදිලියටයි. ලාංකේය වෙළඳපොළ අවශ්‍යතා හොඳින්ම හඳුනන ෆියුරියෝ හයිසයිඞ් මාදිලියේ ඇති විශේෂත්වය නම් එය මෙරට වෙළඳපොළට හඳුන්වා දෙන එම මාදිලියේ පළමු ට‍්‍රක් රථය වීමයි.”

මහින්ද්‍රා ෆියුරියෝ විශේෂයෙන්ම නිපදවා ඇත්තේ භාණ්ඩ ප‍්‍රවාහනය

සඳහා ය. මහින්ද්‍රා ෆියුරියෝ GW14000 මාදිලිය Euro  4 තත්ත්වයන්ට අනුකූලව නිපදවා ඇති අතර 3,500cc  අශ්වබල 140 ඞීසල් එන්ජිම, ABS බ්‍රේක් පද්ධතිය සහ වේග-6 ධාවන පද්ධතිය ද මෙම රථයේ විශේෂාංග අතර වේ. ශ‍්‍රී ලංකාවේ ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත වාහන මාදිලි පෙළට හිමිකම් කියන මහින්ද්‍රා සමාගම නිෂ්පාදනය කළ FuelSmart තාක්ෂණයෙන් ද මෙම රථ පෙළ සමන්විත වේ.

නවීනතම තාක්ෂණයෙන් සමන්විත නිසා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත මෙහි එක් වරකට ප‍්‍රවාහනය කළ හැකි බර ප‍්‍රමාණය ටොන් 10කි. මහින්ද්‍රා ෆියුරියෝ හි ඇතුළත් අනෙකුත් විශේෂාංග අතර බ්‍රේක් බාර් පද්ධතිය, 363mm විශ්කම්භයකින් යුතු  ඕගනික් ක්ලච්, සීරු මාරු කළ හැකි සුක්කානම, සීරු මාරු කළ හැකි රියදුරු අසුන සහ මගී අසුන් මෙන්ම නිදාගැනීමේ කුටියක් ද වේ.

Euro 4 තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා, ධාවනය කරන සෑම 40,000 km කටම වරක් සේවා කිරීමේ හැකියාව පවතී. නඩත්තු කටයුතුවලදී පහසුවෙන් එන්ජිම සහිත කොටස විවෘත කරගැනීම සඳහා රියදුරු කුටිය එසවිය හැකි අයුරින් සකසා ඇත. මිලදී ගැනීමේදී වසර 2ක් හෝ 200″000 km ක් සඳහා දීර්ඝ කළ හැකි වගකීමක් ද සමාගම විසින් ලබා දෙයි. දිවයින පුරා විහිදුණු අයිඩියල් මෝටර්ස් සේවා ජාලය නිසා සෑම විටම මහින්ද්‍රා වාහන සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා ගැනීමේ හැකියාව ද පවතී. එමෙන්ම, ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ පුහුණුව ලැබූ විශේෂඥ තාක්ෂණික නිලධාරීන් විශාල පිරිසක් ද අයිඩියල් මෝටර්ස් සමාගමේ සේවය කරනු ලබයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව