අප්ෆීල්ඩ් ලංකා සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට Pulse Oximeters ඒකක 05 ක් පරිත්‍යාග කරන ලදි

Image 1 (1)

 




 

 

අප්ෆීල්ඩ් ලංකා සමාගම, මෙරට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙහිලා අඛණ්ඩව සහාය දක්වමින් 2021 ජූනි මස 23 වෙනි දා පල්ස් ඔක්සිමීටර් ඒකක 05 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන ලදි. අප්ෆිල්ඩ් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂක අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුනසිංහ මහතාට බාර දෙන ලදී. මෙම අවස්ථාව සදහා අප්ෆීල්ඩ් සමාගමේ නිලධාරින් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහභාගී වන ලදි.

අප්ෆීල්ඩ් ලංකා සමාගම විසින් පරිත්‍යාග කරන ලද ”නෙල්කොර් රෝගීන් අධීක්ෂණ පද්ධතිය” (Nellcor Bedside Patient Monitoring System), ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක්. මෙම ඔක්සිමීටර් යන්ත්‍ර තුලින් රෝගීන්ගේ ශ්වසන තත්ව පිළිබද වැදගත් තොරතුරු  සෞඛ්‍ය නිලධාරින් හට ලබා ගත හැකි අතර එමගින්  ශ්වසන සංකූලතා කල්තියා හදුනාගෙන ඒ සදහා ක්ෂණිකව ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදාකර දේ .

ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සදහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් සමාගම, මෙරට ජාතික රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල පවත්නා සීමිත දැඩි සත්කාර ඒකක ඇදන් සංඛ්‍යාව වර්ධනය කිරීමෙහිලා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට සහාය වෙමින් මීට මාසයකට පෙර, ශ්‍රී ලංකා හමුදා සේවා වනිතා ඒකකයට ඉලෙක්ට්‍රික් ICU ඇදන් 10ක් පරිත්‍යාග කරන ලදි.

මෙරට කොවිඩ් 19 වසංගත කාලය තුළ අප්ෆීල්ඩ් ලංකා සමාගම විසින් දියත් කළ විවිධ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ කොවිඩ් රෝගීන්ට අවශ්‍ය පෝෂණය ලබා දීම සදහා ඇස්ට්‍රා සහ ෆ්ලෝරා කිලෝග්‍රෑම් 5000 කට වැඩි ප්‍රමාණයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාග කිරිමඩ විශේෂ කර්තව්‍යක් ලෙස සඳහන් කල හැක. එපමණක් නොව මෑත දී පැවැත් වූ සා.පෙළ විභාගය ආරක්ෂිතව පැවැත්වීමට සහාය වෙමින් අප්ෆීල්ඩ් සමාගම ඒ සදහා සහභාගී වූ විභාග සමීක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයේ කලාප නිලධාරීන් හරහා පුද්ගලික ආරක්ෂණ ඇදුම් කට්ටල 200ක්   ලබා දෙන ලදි.

වසර 55 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ඇස්ට්‍රා වර්ග නාමයට හිමිකම් කියන අප්ෆීල්ඩ් ලංකා සමාගම රට තුළ කොවිඩ් 19 වසංගත පාලනය කිරීම සදහා අනාගතයේ දී ද තවත් මෙවැනි වැඩසටහන් රාශියක් දියත් කිරීමට බලාපොරොත්තු වෙයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව