වීඩියෝ ඇමතුමකින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් සමඟ කොමර්ෂල් බැංකුව ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් සක‍්‍රීය කිරීම පහසු කරයි

Top,View,Mockup,Image,Of,A,Woman,Holding,A,Black

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක‍්‍රීය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුලින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ.

මෙම සුවිශේෂී ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක‍්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ‘ෆ්ලෑෂ්’ ගිණුමේ සම්පූර්ණ ප‍්‍රවේශය සියළුම පහසුකම් සමගින් සක‍්‍රීය කිරීමට හැකිවී ඇත. මෙම පහසුකම් අතර අනිකුත් බැංකු ගිණුම් ඒකාබද්ධ කිරීමද තිබෙන අතර මේ තුළින් ගිණුම් හිමියාට වෙනත් බැංකුවක ගිණුමකින් ‘ෆ්ලෑෂ්’ ගිණුම සඳහා මුදල් පේ‍්‍රෂණය කළ හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

ගනුදෙනුකරුවන්ට ලබාදී තිබෙන ස්වයං ලියාපදිංචිවීම තවදුරටත් පහසු කරමින් කොමර්ෂල් බැංකුව විසින් ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුමක් ආරම්භ කරන ගනුදෙනුකරුවන්ට තමන්ගේ පුද්ගලික තොරතුරු කිහිපයක් පමණක් ඉතාමත් සරලව පුරවා ඒවා තමන්ගේ ‘ෆ්ලෑෂ්’ ජංගම දුරකතන ඇප් පහසුකම මගින් අප්ලෝඞ් කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. ඉන්පසුව, බැංකු නිළධාරියෙකු විසින් ගනුදෙනුකරුවාව වීඩියෝ ඇමතුමක් මගින් අමතන අතර එහිදී ගනුදෙනුකරුවාගේ තොරතුරු තහවුරු කරමින් ගිණුම සක‍්‍රීය කිරීමට කටයුතු කරනු ඇත.

2021 වසරේදී ඒෂියන් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් (ABF) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ඩිජිටල් බැංකුකරණ වැඩසටහන’ ලෙසින් සම්මානයට පාත‍්‍රවූ ‘ෆ්ලෑෂ්’ පරිපූර්ණ වූ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාවක් වේ. එමගින්  දෛනික වියදම් සහ විවිධ සේවා සඳහා ගෙවීම්, මුදල් කළමණාකරනය, ඉතිරි කිරීම, මූල්‍යන සේවා, ඊ-වාණිජ්‍යය, පාරිසරික දැනුවත් කිරීම් සහ ආයෝජන වැනි සේවා ගිනුම්හිමියන්ට ලබාදෙයි. මෙම ඇප් සේවාවට එයටම වෙන්වූ www.flashbank.lk වෙබ් අඩවියෙන් සහාය හිමිවේ.

‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් ජංගම දුරකතන ඇප් පහසුකම Apple App Store, Google Play Store හෝ Huawei App Gallery මගින් ඩවුන්ලෝඞ් කරගත හැකි අතර එක් අයදුමක් මගින් ගනුදෙනුකරුවන්ට  ඕනෑම වෙලාවක,  ඕනෑම තැනක සිට පරිපූර්ණ වූ මූල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ උපකරණ මාලාවක් මෙමගින් ලබාදෙයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව