බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) ලෙස හඳුන්වන ශ්‍රී ලංකා ව්‍යාපාර සහ ජෛව විවිධත්ව සංසදයේ ‘ලයිෆ් ටු අවර් කොරල් රීෆ්ස්‘ ව්‍යාපෘතිය හා එක්ව කොමර්ෂල් බැංකුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පනිචන්කේනි සහ කල්කුඩා අතර පිහිටි කායන්කර්නි සමුද්‍රීය අභයභූමිය සංරක්ෂණය කිරීමේ ප්රයත්නයට පූර්ණ සහයෝගය ලබා දී ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ බ්ලූ රිසෝසස් ට්‍රස්ට් (BRT) හි තාක්ෂණික හවුල්කාරිත්වය ඇතිව BSL විසින් මෙහෙයවීමට නියමිත මෙම පස් අවුරුදු ව්‍යාපෘතිය දේශීය ප්රජාවන්ගේ සමාජ ආර්ථික යහපැවැත්මට සහ සංවර්ධනයට දායක වෙමින් කොරල් පරිසර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම එහි ජනනය වීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සහ පරිසර පද්ධති සේවාවන්ට ප්‍රතිපාදන ලබා දීමත් අදහස් කර තිබේ.
2019 වසරේ දී සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හෙක්ටයාර 953ක කායන්කර්නි අභයභූමියෙහි දිගුකාලීන පැවැත්ම මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතූන් නිසා සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් සිටියි.
BSL සංවිධානයට අනුව ධීවර කර්මාන්තයේ දී කොස්සා මත්ස්‍යන්, ගල් මාළු සහ ගිරා මත්ස්‍යන් ආදී අපනයන අභිමුඛ මත්ස්‍ය විශේෂ වෙත අවධානය යොමු කරමින් දේශීය ආර්ථිකය ඉහළ නැංවුවද මත්ස්‍ය ගහනය අවම වීම සහ පතුලෙහි එලන දැල් වැනි තිරසාර නොවන මසුන් ඇල්ලීමේ ක්‍රම හේතුවෙන් කොරල්පර බිදී යාම සිදු වේ. සමුද්‍රීය ආරක්ෂිත කලාපයෙන් පිටත පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රියාකාරකම් මගින් සාගර පරිසර පද්ධතීන්ට බාධා සිදු වීම, අහම්බෙන් දැල්වලට කැස්බෑවන් අසුවීම සහ නිදැල්ලේ හැසිරෙන සුනඛයන් විසින් කැස්බෑ බිත්තර විනාශ කිරීම ද ජෛව විවිධත්ව ගැටලු මතු කරයි.
කොමර්ෂල් බැංකුවේ සහ අනෙකුත් ව්‍යාපාරික ආයතනවල සහයෝගයෙන් ක්‍රියාත්මක වන කායන්කර්නි කොරල්පර ව්‍යාපෘතියෙන් ප්‍රජා පාදක සම්බන්ධතා සැලසුම් කිරීම සහ ව්‍යාප්ත කිරීම, ක්ෂේත්‍ර පාදක කරගත් ක්‍රියාකාරකම් සඳහා සූදානම් වීම සහ පාර්ශවකරුවන් සමග හවුල්කාරීත්වයන් හදුනාගැනීම හා ගොඩනැගීම යනාදිය ආවරණය කරනු ලැබේ.
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංගලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.