SLT-MOBITEL Fibre වෙතින් ලංකාවේ ප්‍රථම ,අධිවේගී සහ පුළුල්ම අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ දේශය බලගන්වන්නට ‘Get a life with Fibre’ හදුන්වා දෙයි

SLT Telecom logo (LBN)

අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා තුළින් දේශය බලගන්වන SLT-MOBITEL Fibre, මෙරට වේගවත්ම සහ පුළුල්ම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අත්විදීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනාකර සිටී.

SLT-MOBITEL Fibre වෙතින් හිමිවන මෙම Fibre-to-the-Home (FTTH) සේවාව මේ වනවිට විශ්වාසනීය හා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අපේක්ෂාකරන බොහෝ දෙනෙකුගේ ප්‍රමුඛතම තේරීම බවට පත් වී තිබේ.

 



 

දීපව්‍යාප්ත SLT-MOBITEL Fibre  සේවාවේ වේගය මේ වනවිට 300Mbps වැනි අධිවේගී මට්ටමකට පැමිණ ඇත. එමෙන්ම නව සම්බන්ධතා සඳහා ලියාපදිංචි වන්නන්ට SLT-MOBITEL වෙතින් සෑම මසකදීම රු.1,000,000 කට වැඩි වටිනාකමකින් යුත් ත්‍යාගද හිමි වේ.

විශිෂ්ට ප්‍රමිතිය සහ වේගය සම්බන්ධයෙන් SLT-MOBITEL Fibre බෙහෙවින් කැපී පෙනේ. එමෙන්ම එය සැලකෙනුයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිශේෂී හා ගෞරවණීය අන්තර්ජාල සේවාව වශයෙනි. SLT-MOBITEL Fibre සේවාව ලබාගැනීම යනු මෙරට සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමක් සමග එක්වීමක්වන අතර, එම පාරිභෝගිකයන්ට ඉහළම ගුණාත්මකභාවයකින් යුත් අන්තර්ජාල සේවාවක් සමගින් ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

MySLT app තුළින්, 1212 අංකය ඔස්සේ SLT-MOBITEL ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන්, https://www.slt.lk/ වෙත පිවිසීමෙන් හෝ ළඟම පිහිටි SLT-MOBITEL සේවා මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් කෙනෙකුට නව SLT-MOBITEL Fibre සම්බන්ධතාවක් සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

2024 ජූනි මස 01 දින සිට SLT-MOBITEL Fibre සම්බන්ධතාවන්හි වේගය 300Mbps දක්වා වැඩිකර ඇත. එමෙන්ම ‘Midnight Thriller’ දීමනාව යටතේ සියලුම පාරිභෝගිකයන්ට රාත්‍රී කාලයේ නොමිලේ අන්තර්ජාලය භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.

SLT-MOBITEL මෙරට සෑම නිවසකටම විශිෂ්ටතම තාක්ෂණය හඳුන්වා දීමට කැප වී සිටී. එම උත්සාහයේ නවතම පියවරක්වන මෙම Fibre ප්‍රවර්ධන වැඩසටහන මගින් රටේ අන්තර්ජාල සම්බන්ධතා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින්, වඩාත් සමීපව සම්බන්ධ වූ ප්‍රජා සහිත අනාගතයක් නිර්මාණය කිරීමට SLT-MOBITEL අපේක්ෂා කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව