INSEE Ecocycle, ගාල්ලේ පිහිටි විශ්ලේෂණ විද්‍යාගාරයේ අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ ගිවිසුම්ගත වෙයි.

1 (1)

 




 

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණය වැළැක්වීම හා පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා ඇති ඉහළම ආයතනය වන සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ අත්වැල් බැඳගනියි. ගාල්ලේ පිහිටි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ විශ්ලේෂණ විද්‍යාගාරය සඳහා තිරසාර ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීම වෙනුවෙන් එම ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇත.

මෙම ගිවිසුමට MEPA හි සභාපතිනි දර්ශණී ලහන්දපුර, සාමාන්‍යාධිකාරී ආචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර සහ INSEE Ecocycle Lanka (Private) Limited හි අධ්‍යක්ෂ සංජීව චූලකුමාර යන මහත්ම මහත්මීන් විසින් අත්සන් තැබීය.

මෙම ගිවිසුමට අත්සන් කිරීමට පෙර විශ්ලේෂණාත්මක රසායනාගාර අපද්‍රව්‍ය සහ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා තිරසාර විසඳුමක් රට තුළ නොතිබුණි. පරිසරයට අහිතකර මෙම අපද්‍රව්‍ය රසායනාගාර තුළ එකතු වී හෝ අහිතකර ලෙස කාණු පද්ධති, පස් වලට එකතුවීමෙන් හෝ ස්වාභාවික ජලය හරහා විවෘත පරිසරයට එකතුවීමේ හැකියාව තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පාංශු ආම්ලීකරණය හෝ පස නිසරු වීම, ජලජ ශාක හා සතුන් වඳවී යාම, භූගත ජලය දූෂණය වීම, අම්ල වැසි සහ ඕසෝන් ස්ථරය ක්ෂය වී යාම වැනි පාරිසරික බලපෑම් සිදුවිය හැකිය.

ඊට අමතරව එමගින් මිනිස් සිරුරේ සමේ ​​පිළිකා, අක්මාවට බලපෑම් එල්ල වීම, අන්ධභාවය, ස්නායු ආබාධ, ගර්භණීසමයේ අහිතකර බලපෑම් වැනි විනාශකාරී සෞඛ්‍යමය බලපෑම් ද විය හැකිය.

මේ ගිවිසුම සම්බන්දයෙන් අදහස් දැක්වමින් සංජීව චූලකුමාර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “විශ්ලේෂණාත්මක රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා MEPA සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව INSEE Ecocycle අපි ආඩම්බර වන අතර මෙම කර්තව්‍යට මුලපිරීම සඳහා MEPA හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ කැපවීම සහ උනන්දුව අපි බෙහෙවින් අගය කරනවා. එය රටේ අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද හොඳ ආදර්ශයක්.”

MEPA හි ගාල්ලේ පිහිටි රසායනාගාරයේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා INSEE සමඟ ඇතිකර ගත් මෙම ගිවිසුම අධිකාරියේ ඉතිහාසයේ සහ රටේ වැදගත් සන්ධිස්ථානයක් ආරම්භ කරන බවත්, මේ දක්වා රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නිසි විසඳුමක් නොතිබුනු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දර්ශනි ලහන්දපුර මහත්මිය පැවසුවාය.

”තිරසාර වශයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම, පිරිසිදු කිරීම හා සෞඛ්‍යට හිතවත් සමුද්‍රීය පරිසරයක් පවත්වා ගෙන යාමට සහ රටේ ආර්ථික වර්ධනයට දායක විය හැකිය. ඊට අදාලව රජය විසින් සම්පාදනය කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘සමෘද්ධිය සහ තේජස’ හි ඇති අරමුණු සමඟ මෙම ගිවිසුම අනුකූල වෙයි.

INSEE සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආරම්භය වනු ඇතැයි MEPA තරයේ විශ්වාස කරනවා. ඊට අමතරව පුළුල් පරාසයක සිට සමුද්‍රීය හා වෙරළබඩ කසළ බැහැර කිරීමේ විෂය පථය පුළුල් කිරීමට හැකි බව” ඇය පවසන්නීය.

 

 



 

 

 

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට ප්‍රමුඛතාවය දී මහා පරිමාණ වෙරළ පිරිසිදු කිරීම සහ සංරක්ෂණ හා ආරක්ෂණ ව්‍යාපෘති දියත් කිරීමට ද MEPA සැලසුම් කරයි.

INSEE Ecocycle හි ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් වනුයේ රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණය, රසායනාගාර සේදීම සහ වෙනත් විශ්ලේෂණාත්මක රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ රසායනාගාර පරීක්ෂණ විසඳුම් පිළිබඳ රසායනාගාර කාර්ය මණ්ඩලයට වරින් වර පුහුණුව ලබාදීමයි. ඊට උපදේශන මාලා ඇතුළත් වන අතර මේ සියලු විසඳුම් ප්‍රවීණතා දැනුම මගින් සනාථ කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය, පළිබෝධනාශක රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය, රබර් පර්යේෂණ ආයතනය, රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රජයේ විශ්ව විද්‍යාල ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල දීර්ග කාලයක් තිස්සේ එකතු වී ඇති රසායනික අපද්‍රව්‍ය සඳහා INSEE Ecocycle දැනටමත් තිරසාර විසඳුම් සපයයි.

”රටේ සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා වන ප්‍රධාන නීතිමය රාමුව අරාක්ෂා කිරීමේදී  නාවික කලාප තුළ සිදුවන පාරිසරික විනාශ හා නාවික අනතුරු, අපද්‍රව්‍ය තෙල් බැහැර කිරීම, රසායනික කාන්දුවීම්, මුහුදු කසළ, ඝන අපද්‍රව්‍ය මුදාහැරීම සමුද්‍ර ආක්‍රමණ ආදිය නාවික කලාප තුළ ප්‍රධාන පාරිසරික උපද්‍රව ලෙස දක්නට ලැබේ. එවැනි අවස්ථාවන්හිදී, රටේ සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන පරිසර හිතකාමී විසඳුම් ලබා දීමෙන් INSEE Ecocycle අපට සහාය ලබා දී තිබෙනවා. ” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

“MEPA විවිධ අවස්ථා වලදී INSEE Ecocycle සමඟ දීර්ග කාලයක් තිස්සේ කටයුතු කර ඇති බවත්, කිසිදු පාරිසරික වගකීමක් නොමැති අවස්තාවන් වලදී වුවත් ආරක්ෂිත හා තාක්ෂණික ක්‍රමවේදයන්  මෙහෙයවීම තුළින් ඔවුන් පෙන්නුම් කරන අපද්‍රව්‍ය කළමනාකරණයේ වෘත්තීය මට්ටම  සහ විද්‍යාත්මක විදික්‍රම භාවිතය අපි සැබවින්ම අගය කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරයි.

තිරසාර ආර්ථිකය පදනම් කරගත් අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සඳහා පුරෝගාමී වූ ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මග පෑදූ INSEE Ecocycle රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික සංවිධාන ඇතුළු රටේ ව්‍යාපාර 1000 කට වැඩි ගණනකට සහාය දක්වයි. වර්තමානයේදී, INSEE Ecocycle විසින් සම-සැකසුම්, සමස්ත සේවා විසඳුම්, සම්පත් ප්‍රතිසාධනය, විශ්ලේෂණ රසායනාගාර විසඳුම්, රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය, කාර්මික පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ කළමනාකරණය, හදිසි ප්‍රතිචාර වැනි අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සපයයි. අග්නිදිග ආසියාවේ Ecocycle සඳහා පුළුල් මාවතක් ඇති අතර එය ප්‍රධාන වශයෙන් තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය සහ බංගලාදේශය යන රටවල් පුරා ව්‍යාප්ත වී ඇත.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව