Forbes Marshall ශ්‍රී ලංකාව තුළ සිය 30 වැනි සංවත්සරය සමරයි

2. Loshan Palayangoda, Country Manager - Sri Lanka & Maldives (LBN)

 



 

 

ක්‍රියාවලි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතා සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් පිරිනැමීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම (Forbes Marshall Lanka Pvt Ltd) පසුගියදා තම 30 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීය. ගෙවුණු දශක තුනක කාලය මුළුල්ලේ සමාගමේ ගමන්මග පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක යෙදුණු මෙම සැමරුමේදී ශ්‍රී ලංකාවේ සුප්‍රකට ආයතන සහ සංවිධාන සමඟ සමාගමට ඇති ශක්තිමත් සහයෝගීතාව පිළිබඳව ද අවධානය යොමුකෙරුණි.

ඉකුත් පෙබරවාරි 17 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ විවිධ කර්මාන්ත අංශවල ප්‍රකට පුද්ගලයින් 500කට වැඩි පිරිසක් එක්ව සිටීම කැපීපෙනුණි. ‘ක්‍රියාවලි සහ බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සහයෝගීතාව‘ යන මැයෙන් පැවැති විශේෂ සම්මන්ත්‍රණය ඔස්සේ සහභාගී වූ පිරිසට නව තාක්ෂණික දැනුම ප්‍රදානය කිිරීමක් ද මෙහිදී සිදුවිය. එම සම්මන්ත්‍රණයේදී process uptime මගින් ක්‍රියාවලි සහ බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් ලබාගත හැකි නව්‍ය විසඳුම් පිළිබඳව ද, ප්‍රධාන කාර්යසාධක දර්ශක අධීක්ෂණය සහ ඇගයීම පිළිබඳව ද, නවමු සංකල්පයක් වන Steam System Score Card පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි.

ෆෝබ්ස් මාෂල් ලංකා යනු Forbes Marshall සමූහයට අයත් සමාගමකි. වසර 75කට අධික පරිචයක් සහිත එම සමූහයේ ශක්තිය මත පදනම්ව ක්‍රියාකරන ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වාෂ්ප බොයිලේරු, වාෂ්ප උපාංග, පාලන උපාංග හැසිරවීම මෙන්ම අපවාහ සහ බාහීකරණ අධීක්ෂණ පද්ධති ක්‍රියාකරවීමේ ප්‍රමුඛයා වේ. 2018 වසරේදී බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණුකරන අංශය යටතේ Gold Flame සම්මානය දිනාගැනීමට ද ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම සමත්වීය.

ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ලොෂාන් පලයන්ගොඩ මහතා උත්සව සභාව අමතමින් ගෙවුණු වසර 30ක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ සමාගමේ සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාට සිය කෘතවේදීත්වය පළකළේය. ගෙවුණු වසර 75ක කාලය පුරාවට ෆෝබ්ස් මාෂල් සමූහය ලොව පුරා ව්‍යාපාර සහ ප්‍රජාවන් බලගැන්වූ ආකාරය ද සිහිපත් කළ ඒ මහතා, පේරාදෙණිය, මොරටුව සහ රුහුණ යන දේශීය විශ්ව විද්‍යාලවල වාෂ්ප රසායනාගාර පිහිටුවමින් අනාගත උපාධිධාරීන් සහ ඉංජිනේරුවන් වෙත නවතම දැනුම බෙදාදීමට සමාගම සිදුකරන කාර්යභාරය ද පැහැදිලි කළේය.

මේ අතර ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමේ වාෂ්ප පද්ධති අංශයේ සාමාන්‍යාධිකාරී සචින් මහජන් මහතා uptime, mainline trapping, process trapping සහ condensate recovery ආදියේ වැදගත්කම පිළිබඳ සභාව දැනුවත් කළේය. විශේෂයෙන්ම වාෂ්ප පද්ධතියක බලශක්ති ප්‍රතිසාධනය පිළිබඳ අවබෝධයක් ලබාදෙන condensate recovery factor (CRF) තාක්ෂණය ගැන ඔහු විස්තර කළේය. ඒ  ඒ කර්මාන්තශාලා පරිශ්‍ර පිළිබඳ ස්වාධීන අධ්‍යයන සිදුකරමින් නිසි බලශක්ති පිරිමැසුම් විසඳුම් පිරිනමමින් තම පාරිභෝගිකයින් වෙත 1-15% අතර ඉන්ධන ඉතිරියක් ලබාදීමට කටයුතු කරන ආකාරය පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය.

Forbes Marshall සහ ජර්මනියේ KROHNE  Messtechnik GmbH සමාගම්වල සහයෝගීතා ව්‍යාපාරයක් වන Krohne Marshall හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු අතුල් සිං මහතා මෙහිදී සුහුරු මිනුම්කරණයේ (smart measurement) ඇති වටිනාකම පිළිබඳ විස්තර කළේය. අත්පත් කර ගන්නා ලද පරිභෝජනය සහ ඉතිරිකිරීම් නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා කර්මාන්තය සැලකිය යුතු ලෙස ආයෝජනය කරන බවත්, KROHNE නිෂ්පාදන පරාසය මඟින් ඔවුන්ට පිරිනැමෙන සෑම පහසුකමක්ම ඉහළ නිරවද්‍යතාවයකින් අධීක්ෂණය කිරීමට හැකිවන බව ද ඔහු අවධාරණය කළේය.

Forbes Marshall හි බලශක්ති සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පී.සී. ප්‍රකාශ් මහතා Steam System Score Card පිළිබඳ සභාවට කරුණු ඉදිරිපත් කළේය. Forbes Marshall හි වසර 75කට අධික අත්දැකීම් තුළින් එම විසඳුම සංවර්ධනය වූ ආකාරය පෙන්වාදුන් ඔහු, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණුකිරීම සහ පරිසරයට ඇති බලපෑම අවම කිරීම සඳහා මෙහෙයුම් සහ නඩත්තු ගැටලු විසඳීමට ඉන් සහාය ලබාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කළේය. කර්මාන්තය තුළ සාමාන්‍යය කාර්යඵලසාධනය දැනට සියයට 70 ක් වන නමුත් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් කර්මාන්තශාලාවලට 100%ක් කරා ගමන්කළ හැකි බව පැවසූ ඔහු, විශිෂ්ටත්වය කරා යන මෙම ගමනට ෆෝබ්ස් මාෂල් සමඟ එක්වන ලෙස රැස්ව සිටි පිරිසට ආරාධනා කළේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව