කොමර්ෂල් බැංකුවේ ගාලූ කොටුව ශාඛා ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි කවුන්සලයේ ප්ලැටිනම් සම්මානය

GBSL Platinum Award for Galle Fort Branch (1)

ගාලූ කොටුවේ කොමර්ෂල් බැංකු ශාඛාව පිහිටි මෑතකදී ප‍්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ගොඩනැගිල්ලේ තිබෙන පරිසර හිතකාමී අංග ලක්ෂණ හේතුවෙන් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් එම ගොඩනැගිල්ල වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයක් ප‍්‍රදානය කර තිබේ.

ගොඩනැගිල්ලක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහතික කිරීම වෙනුවෙන් භාවිතා කරන කාර්ය සාධන ප‍්‍රමිතීන්ට අනුව ලබාදිය හැකි ඉහළම වර්ගීකරණය ප්ලැටිනම් සම්මානය වේ. මේ අනුව, වාණිජ හෝ ආයතනික ගොඩනැගිලි සඳහා මෙම වර්ගීකරණය ලබාදීමේදී හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් සලකා බලන කරුණු අතරට කළමනාකරණය, තිරසර පරිශ‍්‍රයන්, බලශක්තිය සහ පරිසරය, අමුද්‍රව්‍ය සහ සම්පත්, අභ්‍යන්තර පාරිසරික ගුණාත්මක තත්ත්වය, නවෝත්පාදනය සහ සැලසුම් ක‍්‍රියාවලිය, සමාජ සහ සංස්කෘතිකමය දැනුවත් කිරීම ඇතුළත් වේ.

19 වන සියවසේ මුල් අවධියේදී ඉදිකර තිබෙන මෙම ගොඩනැගිල්ල කොමර්ෂල් බැංකුවේ අයිතියට පත්වූයේ 1973 වසරේදී බැංකුව විසින් මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා (MBI) මෙහෙයුම් මිලදීගැනීමෙන් පසුවයි. මෙම ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේදී කොමර්ෂල් බැංකුව විසින් හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් දක්වා තිබෙන සියළුම පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් අනුගමනය කිරීම කැපී පෙනෙන කරුණකි. හරිත ගොඩනැගිල්ලක් වීමට බලශක්ති කාර්යක්ෂමතාවය සහ පුනර්ජනනීය බලශක්තිය, ජල කාර්යක්ෂමතාවය, පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය සහ පිරිවිතරයන් යොදාගැනීම, අපද්‍රව්‍ය අඩුකර ගැනීම, විෂ ද්‍රව්‍ය අඩුකර ගැනීම, අභ්‍යන්තර වායු ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීම, පැහැපත් වර්ධනය සහ තිරසාර සංවර්ධනය යන කරුණු අවශ්‍ය වන අතර මෙම ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේදී එම කරුණු අනුගමනය කිරීමට බැංකුව කටයුතු කරන ලදී.

මෙම ගොඩනැගිල්ලේ කොමර්ෂල් බැංකුවේ ගාලූ කොටුව ශාඛාව සහ බැංකුවේ කළාපීය කාර්යාලය මෙන්ම නිවාඩු නිකේතනයක් පිහිටුවා තිබේ. මීට අමතරව, සංචාරක ආකර්ශනය දිනාගත් කුඩා කෞතුකාගාරයක් මෙහි ආරම්භ කර තිබෙන අතර මෙම ශාඛාව ආරම්භ කළ සමයේ සිට තිබූ කෞතුක භාණ්ඩ එහි තැන්පත් කර ඇත.

 




 

 

මෙම ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීම ගාලූ උරුමය පදනම, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ගාලූ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනවල උපදේශකත්වය මත සිදුකර තිබෙන අතර හැකි සෑමවිටම ඉපැරණි ආකෘතීන් සංරක්ෂණය කිරීමට කටයුතු කර තිබේ.

හරිත ගොඩනැගිලි කවුන්සලයේ ප්ලැටිනම් වර්ගීකරණය දිනාගත් මෙම ගොඩනැගිල්ලේ ප‍්‍රතිසංස්කරණ පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – සේවා චින්තක ධර්මසේන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුවේ ආයතනික න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන කුළුණක් ලෙස තිරසාරත්වය දැක්විය හැකියි. අපගේ ආයතනික සමාජ වගකීම් භාරය මගින් සිදුකරන සේවාවන් අතර ජාතික උරුමයෙන් පෝෂණය වූ ස්ථාන සහ සම්ප‍්‍රදායන් සුරක්ෂිත කිරීම ප‍්‍රධාන තැනක් ගන්නවා. 2020 වසරේ පැවැති කොමර්ෂල් බැංකුවේ සියවස් සැමරුමට සමගාමීව අපගේ ගාලූ කොටුව ශාඛාව ප‍්‍රතිසංස්කරණය කිරීමේදී මෙම කරුණු දෙක පිළිබඳවම අපි අවධානය යොමු කළා.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව