බවර් සමාගම මෙරට කෘෂිකර්මාන්තයේ තිරසර නයිට්‍රජන් භාවිතය වෙනුවෙන් පෙරමුණ ගනියි

2- Rolf Blaser speaking (LBN)

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක්වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිරසර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය.

සැප්තැම්බර් 4 වැනිදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැති මෙම වැඩසටහනේ මුලසුන දැරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්.පී. නිශ්ශංක මහතා සහ Innovar Ag, LLC සමාගමේ උප සභාපති මෙන්ම කැන්සස් රාජ්‍ය විශ්ව විශ්ව විද්‍යාලයේ නිරවද්‍ය කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය රේ අසෙබෙඩෝ මහතා ය.
 



 

බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර්, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනක ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද FAO Sri Lanka ජ්‍යෙෂ්ඨ කෘෂි විශේෂඥ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිසරයේ බහුලවම ඇති මූලද්‍රව්‍යය වන නයිට්‍රජන් බෝග වර්ධනයට විශාල දායකත්වයක් සපයන නමුත්, නයිට්‍රජන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා දැවැන්ත පාරිසරික අභියෝගවලට මුහුණපෑමට සිදුවේ. ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය ආශ්‍රිත නයිට්‍රජන් මුදාහැරීම් වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, එනිසා පාංශු හායනය, ජල දූෂණය සහ හරිතාගාර වායු විමෝචනයට හේතු වී තිබේ. බෝග සඳහා යොදන නයිට්‍රජන් පොහොරවලින් සියයට 40කටත් අඩු ප්‍රමාණයක් බෝගවලට උරාගන්නා පසුබිමක, සෙසු නයිට්‍රජන් ප්‍රමාණය පරිසරයට එක්වීමෙන් දැවැන්ත හානියක් සිදුවේ.

මෙම පසුබිම තුළ 2016 වසරේදී සුපර් යූරියා පොහොර හඳුන්වාදීමට බවර් සමාගම පියවර ගත්තේය. සුපර් යූරියා යනු නයිට්‍රජන් පොහොරවල අමෝනියා වාශ්පශීලීත්වය සහ පසේ නයිට්‍රීකරණය අවමකිරීමට සමත් සුවිශේෂී පොහොර විශේෂයකි. තව ද එමගින් නයිට්‍රජන් පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිකරමින් නයිට්‍රජන් අපතේයාම වළක්වන අතර බෝග අස්වැන්න වැඩිකරමින් පාරිසරික බලපෑම ද අවමකරයි. මෙම සුපර් යූරියා හඳුන්වාදීම වෙනුවෙන් බවර් සමාගම Innovar Ag සමාගම සමඟ ද විශේෂ සහයෝගීතාවකට මුලපිරීය.

Innovar Ag වෙතින් හඳුන්වාදී ඇති N-Yield සහ NBound වැනි නිෂ්පාදන හරහා නයිට්‍රජන් අපතේයාම වළක්වමින් පාරිසරික බලපෑම අවමකරන අතර, බෝග අස්වැන්න ද සියයට 22ක් දක්වා ඉහළ නංවයි. Innovar Ag, තම සමාගම සතු PENXCEL වැනි විශේෂ තාක්ෂණ මෙසේ වැඩිදියුණු කළ පොහොර නිෂ්පාදනයට යොදාගනියි.

අමෝනියා වාශ්පීකරණය සහ නයිට්‍රීකරණය අවමකිරීම වැනි ක්‍රමවේද යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති Innovar Agහි අති නවීන නිෂ්පාදන මගින්, නයිට්‍රජන් අපතේයාම වළක්වාගැනීමටත්, වගාවට යොදන නයිට්‍රජන්වලින් වැඩි ප්‍රමාණයක් බෝගයට උරාගැනීමට මෙන්ම, පාරිසරික හානි සහ ජල දූෂණය අවමකිරීමටත් හැකිවී ඇති බව මහාචාර්ය රේ අසෙබෙඩෝ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව NEON ඇතුළු Innovar Ag හි නිෂ්පාදන හරහා වගාවේ ලාභය වැඩිකරන අතරතුර පාරිසරික හිතකාමීබව වර්ධනය කිරීමට සමත් තිරසර කෘෂි භාවිතයකට මඟපෙන්වන බව ද ඔහු කීය.

මේ අතර මහාචාර්ය නිශ්ශංක අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පරිසරය තුළ නයිට්‍රජන් ප්‍රතික්‍රියක කොටස් වැඩිවීම හරහා ජල සුපෝෂණය, පාංශු ආම්ලිකත්වය වැඩිවීම සහ පාංශු ජෛව විවිධත්වයට හානිවීම වැනි පාරිසරික ගැටලු ගණනාවක් පැනනඟින බව ය. ශ්‍රී ලංකාව තිරසර නයිට්‍රජන් කළමනාකරණ දර්ශකයේ ඉතාම පහළින් ශ්‍රේණිගතවී ඇති බව ද පෙන්වාදුන් මහාචාර්යවරයා, නයිට්‍රජන් කළමනාකරණය වෙනුවෙන් නවමු ප්‍රවේශයක අවශ්‍යතාව අවධාරණය කළේය.  පාලනයක් සහිත නයිට්‍රජන් පොහොර, යුරියේස් නිශේධක සහ නයිට්‍රීකරණ නිශේධක වැනි නවමු ක්‍රමවේද භාවිතය තුළින් නයිට්‍රජන් පොහොරවල කාර්යක්ෂමතාව වැඩිකරගැනීමටත්, නයිට්‍රජන් අපතේයාම අඩු කරගැනීමටත් හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදන සංවිධානයේ (UK Research and Innovation) අනුග්‍රහය යටතේ දකුණු ආසියානු නයිට්‍රජන් කේන්ද්‍ර පර්යේෂණ වැඩසටහන මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ නයිට්‍රජන් කළමනාකරණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි. එම වැඩසටහන හරහා ජාන විද්‍යාත්මක සහ කෘෂි ආර්ථික විසඳුම් අත්හදා ලැබීමටත්, පාරම්පරික කෘෂි දැනුම නවීන විද්‍යාව සමඟින් ඒකාබද්ධ කිරීමටත් උත්සාහ කෙරේ. නයිට්‍රජන් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනයක අවශ්‍යතාව ද මහාචාර්ය නිශ්ශංක ඉස්මතු කළේය.

ඒ අනුව තිරසර නයිට්‍රජන් කළමනාකරණ වෙනුවෙන්, පුළුල් ප්‍රතිපත්ති සම්පාදනමය ප්‍රවේශයක්, පාරිසරික භාරකාරීත්වයක්, පර්යේෂණ සහ විස්තීර්ණ සේවා අඩංගු ජාතික ක්‍රියා සැලසුමක අවශ්‍යතාව පැනනැඟී තිබේ. නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් ශ්‍රී ලංකාවට නයිට්‍රජන් කළමනාකරණයේ සුවිශේෂී වර්ධනයක් ළඟාකරගත හැකි අතර එහි ප්‍රතිඵල වශයෙන් ආහාර සුරක්ෂිතතාව හා පරිසර හිතකාමීත්වය ඉහළ නංවමින් වඩාත් තිරසර අනාගතයක් නිර්මාණය කරගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තයේ විශේෂඥයෙකු ලෙස බවර් සමාගම ඉදිරියටත් විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව තම විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම ද පෙරටු කරගනිමින් මෙරට නයිට්‍රජන් නාස්තිය අවම කරමින් සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන කෘෂි ඵලදායීතාව සහතික කරනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව