සොෆ්ට්ලොජික් ලයිෆ් වසරේ පළමු භාගයේදී 43%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 9.2ක දළ ලිඛිත වාරික ආදායමක් (GWP) වාර්තා කරයි

collage-3

 




 

 

 

  • බදු පසු ලාභය 73% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 920ක් බවට පත්වෙයි
  • රුපියල් බිලියන 1,454ක බදු පෙර ලාභයක් වාර්තා කරයි
  • රුපියල් මිලියන 247ක ක්‍දඩසා හිමිකම් ගෙවා දමයි
  • රක්ෂණ වෙළෙඳපොලේ තුන්වන විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වෙයි

වසංගත තත්වය තුළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය මුහුණ දුන් සුවිසල් අභියෝග මධ්‍යයේ 2021 වසරේ මුල් කාර්තු 2 තුළ අතිසාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට සොෆ්ලොජික් ලයිෆ් සමත් විය. පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ එම මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 9,183ක දළ ලිඛිත වාරිකයක් (GWP Income) වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වූයේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 43% ක සැළකිය යුතු වර්ධනයක්ද වාර්තා කරමිනි. තම ඔප්පු හිමියන් සමඟ නිතැතිව රැඳෙමින් රුපියල් මිලියන 247ක COVID රක්ෂණ හිමිකම් පියවීමට ද සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරන ලදී.

2020 දෙසැම්බර් 31 වන විට 15.2%ක් ලෙසට වාර්තා කර තිබූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි වෙළෙඳපොල කොටස ඊට සාපේක්ෂව 16.3%ක් ලෙස වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර තිබීමද විශේෂත්වයකි. මෙම වෙළෙඳපොල  කොටස අඛණ්ඩව ඉහළ යාමේ ප‍්‍රතිඵලයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ වෙළෙඳපොලෙහි තුන්වන විශාලතම සමාගම ලෙස තවදුරටත් සිය ස්ථාවරත්වය රඳවා ගැනීමට සමත්ව ඇත්තේ බොහෝ පැරණි රක්ෂණ සමාගම්ද අභිබවා යමිනි.

2021 වසරේ මුල් මාස 6 තුළ මුළු රක්ෂණ ක්ෂේත‍්‍රයේම ඇස්තමේන්තු කළ දළ ලිඛිත ආදායම් වර්ධන අගය (GWP Growth Rate) වන 30% හා සැසඳීමේදී 43%ක දළ ලිඛිත වාරික වර්ධනයක් අත්පත් කර ගැනීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකි වී තිබේ. ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ දස වසරක දළ ලිඛිත වාරික සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය (CAGR) 13%ක් බවට පත් වන විට සොෆ්ට්ලොජික් ලයිෆ්හි 29%ක වර්ධන අගයක් වාර්තා කර ඇත. මිලියන 1.5කට අධික ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් වෙත ජීවිත රක්ෂණ විසඳුම් සපයන සොෆ්ට්ලොජික් ලයිෆ්, රක්ෂණ ඔප්පු 130,613ක් නිකුත් කරමින් අදාල කාලය තුළ ද වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා  ද සුවිසල් දායකත්වයක් ලබා දෙමිනි.

එසේම අදාල කාලය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්තා කරනු ලැබූ බදු පසු ලාභය රුපියල් මිලියන 920ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 73%ක ඉහළ යාමක් විය. බදු අනුපාතය 28% සිට 24% දක්වා වෙනස් වීම හේතුවෙන් රුපියල් මිලියන 232ක බදු වත්කම් ආපසු හැරවීමේ ගැලපීම මෙම බදු පසු ලාභයට ඇතුළත් වේ. එම ගැලපීමට පෙර වාර්තා කළ සාමාන්‍යකරණය කරන ලද බදු පසු ලාභය රුපියල් මිලියන 1,152කි. පසුගිය වසරේ එම කාර්තුට සාපේක්ෂව සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්තා කරන ලද බදු පසු ලාභයේ වර්ධනය 91%ක් වන අතර එහි අගය රුපියල් මිලියන 1,454කි. එය එසේ වන විට සමාගමේ දුරදර්ශී හා කාර්යක්ෂම වියදම් කළමනාකරණය තුළින් මෙහෙයුම් වසරක් තුළ 2020 ජුනි 20 වන විට පැවති 27%ක වියදම් අනුපාතය 20%ක් ලෙසට අඩු කරගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව ඇත. එසේම පවත්වා ගත යුතු නියාමන ප‍්‍රාග්ධන අනුපාත අවශ්‍යතාවය 120%ක් වන විට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එම අනුපාතය 298%ක් වැනි ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීම ද සුවිශේෂී කරුණකි.

සමාගම වාර්තා කර ඇති මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි සභාපති අශෝක් පතිරගේ මහතා ‘‘පවතින වසංගත තත්වය තුළ කෙතරම් අභියෝග එල්ල වුවද ලබා ගත් සුවිශේෂ වර්ධනය හේතුවෙන් මේ වසරේ දෙවන කාර්තුව අවසානයේදී 16.3%ක වෙළෙඳපොල කොටස වර්ධනය කරගනිමින් ශ‍්‍රී ලංකාවේ තෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අපගේ ස්ථානය එලෙසින්ම පවත්වාගෙන යාමට හැකි වීම විශේෂ කරුණක්. වසංගත තත්වයක් තුළ පවා අපගේ උපාය මාර්ග හා ඒවා ක‍්‍රියාත්මක කිරීම මෙම ජයග‍්‍රහණයන්ට සුවිශේෂී හේතුවක් වු අතර සමාගම සාර්ථත්වය කරා ගෙන යාමට එය හේතු වූ බවද සඳහන් කළ හැකියි.’’ යනුවෙන් පවසා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘වසංගතය සොෆ්ට්ලොජික්හි උපාය මාර්ග, වෙනස් වන තත්වයන්ට මුහුණ දීම (Responsiveness) හා නව්‍යකරණය වෙනුවෙන් වන හැකියාව හා ඵලදායීතාව ප‍්‍රදර්ශනය කිරීම සඳහා මෙම වසංගත තත්වය හේතු වුණා. සමාගමේ උපායමාර්ග, වෙනස් වන තත්වයන්ට මුහුණ දීමේ හැකියාව හා නව්‍යකරණය වෙනුවෙන් හැකියාවන්හි ඵලදායීතාවය පරීක්ෂාවට ලක්වීමත්, අපගේ උපායමාර්ගයන්හි නිවැරදිතාවය තහවුරු වීමටත් මෙම කොවිඞ්-19 වසංගත තත්වය හේතු වුණා. අපගේ සමස්ත ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් සේවාවන් සේවාවන් තුළින් සෑම කාර්තුවකදීම වගේම මේ කාර්තුවේදී අඛණ්ඩ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ අතර ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙම සේවාවන් හේතු වූ බව සඳහන් කළ යුතුයි. සියලූම සාධාරණ හිමිකම් පියවීමේ පොරොන්දුව වෙනුවෙන් වූ අපගේ කැපවීම “One Minute Claims Initiative” වැනි නව්‍යකරණ සේවාවන් හරහා මනාව පිළිබිඹු වන අතර අපගේ අනෙකුත් නව්‍යකරණය වූ රක්ෂණ සේවා විසඳුම් ඔස්සේ විවිධ ආර්ථික මට්ටම්හි සිටින ශ‍්‍රී ලාංකිකයන්ට රක්ෂණ පහසුකම් සලසමින් මිලියන 1.5ක ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට අපට හැකි විය.

2021 වසරේ පළමු මාස 6 තුළ රුපියල් මිලියන 247ක COVID-19 හිමිකම් පියවීමෙන් පාරිභෝගිකයින් වෙනුවෙන් වූ අපගේ කැපවීම හොඳින්ම පෙන්නුම් කෙරෙනවා. මේ වගේ අභියෝගාත්මක කාලයකදී වුවද සමාගම විසින් පෙන් වූ විශිෂ්ට වර්ධනය පිළිබඳව මා සතුටට පත්වන අතර ඉදිරි මාස කිහිපය තුළදී සමාගමේ වර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳවද මාගේ විශ්වාසය පළකර සිටිනවා.’’

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව