සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ වැඩසටහන තුළින් පුත්තලම් දිස්ත්‍රික්කයේ කොහොඹගස් වැව යළි ජීවය ලබයි

Image 1 (LBN)

Sub heading – පවුල් 200කට වැඩි ප්‍රමාණයකගේ දිවි රකිමින් ගොවි බිම් අක්කර 64ක් අස්වැද්දීමට දියවර

ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එයට අවශ්‍ය සාර්ථක විසඳුම් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් බැංකුව, දේශීය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීමේ අරමුණින් ‘වැවට ජීවයක්’ නමින් සුවිශේෂී තිරසාරත්ව වැඩසටහනක් දියත් කරන ලදී. එමඟින් සශ්‍රීක දැයක් නිර්මාණය කිරීමට දිගු කාලයක් පුරා කැපවූ, දැනට අභාවයට යමින් පවතින සහ ප්‍රතිසංස්කරණය කළ හැකි තත්වයේ ඇති වාරිමාර්ග පද්ධති වලට නැවත ජීවය ලබාදීම අරමුණ වේ. ඒ ඔස්සේ ‘වැවට ජීවයක්’ වැඩසටහන තුළින් දිගු කාලයක් පුරා අක්‍රීය තත්වයේ පැවති පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කොහොඹගස් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයන් අරඹමින් එම ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත නැවුම් අපේක්ෂාවක් දැල්වීමට සමත් විය. එයින් නොනැවතී ඔවුන්ගේ අපේක්ෂාවන් මල් ඵල ගන්වමින් සාර්ථක අයුරින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කොහොඹගස් වැව නැවත ගොවි ජන භාරයට පත්කිරීමද පසුගියදා උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලැබීය.

 



 

පුත්තලම් දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොහොඹගස් වැව, එම ප්‍රදේශයේ අක්කර 64ක භූමියක් අස්වැද්දීම වෙනුවෙන් කැපවූ වැවකි. එයින් ප්‍රදේශයේ ගොවි පවුල් 76කට වැඩි පිරිසක් සහ වෙනත් වෘත්තීන් වල නිරත පවුල් 150ක පමණ පිරිසක් සිය දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමට යොමුවිය. කලක පටන් මෙම වාරිමාර්ග පද්ධතිය අඩපන වීම හේතුවෙන් ඔවුන් අතිශය පීඩාකාරී තත්වයන්ට මුහුණ දුන්නේය. විශේෂයෙන් මෙම වැවට ජලය ගෙන එනු ලබන පෝෂිත ඇළ මාර්ගය, පිටවාන සහ වැව් බැම්ම හා වාරි ඇළ දිගු කාලයක් පුරා ප්‍රතිසංස්කරණය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැවේ ජලය රඳවා ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබූ අතර, මේ හේතුව නිසාම එම ප්‍රදේශයේ ගොවි ජනතාව හට වසරේ එක් කන්නයක් හෝ වගා කිරීම දුෂ්කර කාර්යයක් විය. එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීමට සවන්දෙමින්, පවතින දුෂ්කර තත්වය අවබෝධ කරගත් සම්පත් බැංකුව, මෙම ‘වැවට ජීවයක්’ වැඩසටහන ඔස්සේ කොහොඹගස් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද එම ප්‍රදේශයේ ගොවීන් හට යල සහ මහ කන්න දෙක තුළදීම සාර්ථක අයුරින් කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් බෝග වගාවන් හි නිරතවීමේ අවස්ථාව හිමිකර දී ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රධාන මානව සම්පත් නිලධාරි ආචාර්ය ලලිත් වේරගොඩ මහතා  මෙසේ අදහස් දැක්වීය, “වැවට ජීවයක්” සමාජ සත්කාරක වැඩසටහන සම්පත් බැංකුව මගින් දියත් කරන සමාජ සත්කාර වැඩසටහන් අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වනවිට මෙම වැඩසටහන හරහා අපි දිවයිනේ වැව් 21ක් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මේ වැඩසටහන තුළින් අපට ගොවි ජනතාව වෙත සිය කෘෂිකාර්මික කටයුතු වල නිරතවීමට අවශ්‍ය පරිසරය සැකසීම, දේශීය කෘෂි කර්මාන්තය කෙරෙහි පිරිස් ආකර්ෂණය කර ගැනීම වගේම කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සමාජය තුළ ධනාත්මක ආකල්පයක් රෝපණය කිරීමටත් හැකිවී තිබෙනවා. එය ආයතනයක් විදිහට අපත්, පොදුවේ රටක් විදිහට අප සැමත් ලැබූ විශාල ජයග්‍රහණයක් විදිහට මට හඳුන්වන්න පුළුවන්.”

දේශීය කෘෂිකර්මාන්තයේ හදවත බඳු වාරි පද්ධතිය, දෙස් විදෙස් විද්වතුන්ගේ පවා ඉහළ ඇගැයීමට ලක් වූ හෙළ විශ්මිත නිර්මාණයකි. විශේෂයෙන් නූතන වාරි තාක්ෂණයට පවා අභියෝග කළ හැකි තාක්ෂණයකින් නිර්මාණය වූ මෙය, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය, ශක්තිය ලොවට විදහා දැක්විමට සමත් වූ පෞරාණික උරුමයකි. පසුකාලීනව විවිධ හේතූන් මත මෙම වාරි පද්ධතීන් නිසි පරිදි නඩත්තු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමුකළ සම්පත් බැංකුව, එම ජනතාව වෙත ශක්තියක් වෙමින් සහ දේශීය වාරි කර්මාන්තයට යළි පණපෙවීමේ අරමුණින් මෙම සුවිශේෂී ‘වැවට ජීවයක්’ වැඩසටහන දියත් කිරීමට යොමුවිම, ශ්‍රී ලාංකීය ජනතාවගේ හෙට දිනය එළිය කිරීම  වෙනුවෙන් සිය කැපවීම මැනවින් තහවුරු කරනු ලබන කර්තව්‍යයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව