
Franchise India Group සභාපති ගෞරව් මාර්යා
Global Franchise Forum (GFF) හි ප්‍රථම ශ්‍රී ලංකා සමුළුව පසුගිය අප්‍රේල් 27 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විණි. මෙම සමුළුව මගින්, ගෝලීය සන්නාම ප්‍රමුඛයන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් එකම තැනකට රැස් කරමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ තුළ සන්නාමකරණ අවස්ථා ගවේෂණයකර ඒවා භාවිතයට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම සිදුකෙරිණි. Franchise India Group හි සභාපති සහ බෙදාහැරීම් ජාල ස්ථාපිත කිරීමේදී වෙළෙඳ නාම 5,000 කට අධික සංඛ්‍යාවක් මෙහෙයවා ඇති පුරෝගාමී ව්‍යවසායකයෙකු වන ගෞරව් මාර්යා මහතා මෙම සමුළුව පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේය. සන්නාමකරණය ද ඇතුළුව ඩොලර් ට්‍රිලියන 5 ක ගෝලීය කර්මාන්තයක් නියෝජනය කරන ඒ මහතා, මෙම ව්‍යාපාර ආකෘතිය ශ්‍රී ලංකාවේ ආර්ථික තලයට අනුගතවන ආකාරයට පරිවර්තනයකර දේශීය ව්‍යවසායකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුගේ අත්දැකීම්ද උපයෝගී කරගනිමින් මෙසේ පැහැදිලි කළේ ය.
සන්නාමකරණ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන දේශපාලන ස්ථාවරත්වය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය වෙළෙඳ නාමකරණය සඳහා විශාල අවකාශයක් නිර්මාණය කර තිබේ. මාර්යා මහතා මුල්වරට 2003 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමේ සිට එතැන් පටන් නිතර මෙරටට පැමිණෙන අවස්ථාවල දක්නට ලැබෙන සැලකිය යුතු වෙනස්කම් පදනම්කර ගනිමින් මෙම අවකාශය හඳුනාගෙන තිබේ.
ඔහුට අනුව ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ප්‍රධාන අවස්ථා තුනකි. මුලිකවම ගෝලීය වෙළෙඳ නාම මේ වනවිට ශ්‍රී ලංකාව දෙස අවධානය යොමුකරමින් සිටින අතර, ආසියානු රටවල් ඒ අතර ප්රමුඛස්ථානයක් ගනියි. මේ වනවිට ලොව පුරා විසිරී ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගෝලීය වෙළෙඳ නාම පිළිබඳ ඉතා හොඳින් දැනුවත් නමුත්, එම වෙළෙඳ නාම දේශීය වෙළෙඳ පොළේ දක්නට නොලැබේ. දෙවනුව, ගෝලීය වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව සහිත ශ්‍රී ලාංකේය වෙළෙඳ සන්නාමයන් ද හඳුනාගත හැක.
ගෝලීය තීරුබදු ඉහළ යාමත් සමඟ, ශ්‍රී ලාංකේය වෙළෙඳ නාම වලට ගෝලීයකරණය වීමට විශාල අවස්ථාවක් නිර්මාණය වනු ඇත. අපනයනකරුවන්ට අවශ්‍ය වන්නේ නිෂ්පාදන අපනයනය කිරීමට වඩා තමන්ගේම වෙළෙඳ නාම නිර්මාණය කිරීමය. තෙවනුව, ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් සහ ආරම්භයක් ගොඩනැගීමට අවස්ථාවක් තිබේ. මරියා මහතාට අනුව එය විශාල අවකාශයක් වුවද ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නමුත් ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් නොලැබීම මීට හේතුව වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ සහ තිරසාරභාවයේ මාවතක් ලෙස වෙළෙඳ නාමකරණය
වෙළෙඳ නාමකරණය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජු බලපෑමක් කරමින් ඉන් 5-7% ක් නියෝජනය කරනු ඇතැයි මාර්යා මහතා නිගමනය කරයි. මෙලෙස වෙළෙඳ නාම හඳුන්වා දීම තුළ නව ව්‍යවසායකයන් බිහිවන අතරම සහ එමගින් නව රැකියා අවස්ථා උත්පාදනයද සිදුවෙයි. ශ්‍රී ලංකාව යනු සෘජු විදේශ ආයෝජන අවශ්‍ය රටක් නොව, තමන්ගේම රට තුළ ශ්‍රී ලාංකිකයන්ටම ආයෝජනය කළ හැකි කුඩා රටකි. මෙම වෙළෙඳපොළ ස්වාභාවික සංචාරක ක්ෂේත්රය හා අනෙකුත් සම්පත් උපයෝගී කරගනිමින් පහසුවෙන් ගොඩනැගිය හැකිය.
ශ්‍රී ලංකාවේ වෙෙළඳ නාමකරණය සඳහා වඩා සුදුසු අංශ සහ GFF හි අනාගත සැලසුම්
මාර්යා මහතාට අනුව ඔහු විසින් හඳුනාගත් ශක්තිමත් වෙළෙඳ නාම ස්ථාවරත්වයක් සහිත ප්‍රධාන අංශ කිහිපයක් වෙයි. ආහාර පාන, ශාරීරික යෝග්‍යතාව සහ සිල්ලර වෙළඳාම ඇතුළු පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාර ඉන් ප්‍රධානය. ඊට අමතරව කුසලතා සංවර්ධනය කේන්ද්‍රකරගත් අධ්‍යාපනයද සුවිශේෂී ය. එසේම, සෞඛ්‍ය සේවා සහ ළමා සංවර්ධනය ද පුළුල් ව්‍යාපාර ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන තිබේ. මාර්යා මහතා ඇතුළු GFF කණ්ඩායම විසින් මෙම හඳුනාගත් ක්ෂේත්රයන් ව්‍යාපාරික අංශ කෙරහි මේවන විටත් යොමුකරමින් සිටින අතර, ඔවුන්ගේ ලොව පුරා පැතිරුණු ජාලය ඊට මනා පිටුබලයක් සපයනු ලබයි.
ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර බලගැන්වීම
මාර්යා මහතාට අනුව දේශීය ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර බලගැන්වීම අධ්‍යාපනයෙන් පමණක් වුවද ආරම්භ කළ හැකිය. ඉන්පසු ඔවුන්ට විවිධ අවස්ථාවන්ට නිරාවරණය වීමට ඉඩ සැලසිය හැකි අතර අවසාන වශයෙන් ඔවුන් සාර්ථක ව්‍යවසායකයින් වන්නට පුහුණු කළ යුතුය.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, GFF ශ්‍රී ලංකාවේ දේශීය ශාඛාවක් පිහිටුවා ඇති අතර, එහි මූලිකම අරමුණ ව්‍යවසායකත්වය වෙත පුද්ගලයින් සමීපකරවමින් ඔවුන්ට ව්‍යවසායකයින් වන්නට අවශ්‍ය නිසි මගපෙන්වීමක් ලබාදීමයි. ඔවුන්ට වැඩමුළු, ව්‍යාපාර පුහුණු කිරීම් සහ විවිධ අවස්ථාවන්ට නිරාවරණය වීමට අවස්ථාව සලසා දෙමින් සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට මඟ පෙන්වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ නාමකරණයේ අභියෝග සහ අනාගත සහයෝගීතාව
මාර්යා මහතාට අනුව සාර්ථකත්වය වෙත යන මෙම ගමනේදී ලංකාව මුහුණ දෙන අභියෝග 4ක් හඳුනාගත හැකිය. තමන්ට තම රට තුළදීම යමක් කළ හැකි බව විශ්වාස නොකිරීමේ පුද්ගල මානසිකත්වය මින් මූලිකම අභියෝගය වන අතර, දෙවන අභියෝගය යටිතල පහසුකම් ය. තෙවනුව පහසු මූල්‍යකරණ සහයෝගයක් නොලැබීම අභියෝගයක් වන අතර සිව්වනුව ව්‍යාපාර කිරීමේ පහසුව කෙතෙක්ද යන්න බලපෑම් කරයි. මෙම සාධක හතර නිවැරදිව ආමන්ත්‍රණය කළ හැකි නම් සාර්ථක ව්‍යාපාරයක් නිර්මාණය කළ හැකි බව මාර්යා මහතා අවධාරණය කරයි.