ඇමරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

GSCD (LBN Fill)

 



 

 

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියවන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pte Ltd (IOCPL) එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි.

මෙම හවුල්කාරීත්වය යටතේ Galle Submarine Cable Depot Pvt Ltd, නම් සමාගම පිහිටුවන ලද අතර, එය ද Singapore Telecom සහ Orange Marine of France අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වේ. 2018 වසරේදී ආරම්භ කරන ලද මෙම කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානය, දකුණු ආසියාවේ එම වර්ගයේ එකම මධ්‍යස්ථානය ලෙස සැලකේ. මෙම මධ්‍යස්ථානය ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසා, මෙම කලාපයේ මෙන්ම යුරෝපයේ සිට ආසියාව දක්වා බොහෝ රටවල් සම්බන්ධ කරන, සාගරය යටින් දිවෙන රැහැන් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පහසු වී ඇත. මෙම අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අතිරේක කේබල්, මෙවලම් සහ පරීක්ෂණ උපකරණ ආදිය ද මෙහි ගබඩා කර තබාගැනේ.

ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ආර්ථික ඒකක ප්‍රධානී ෆිලිප් ලූස්ලි මහතා සමග SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

SEA-ME-WE 3, SEA-ME-WE 4, SEA-ME-WE 5, Bharat Lanka and Dhiraagu-SLT යන කේබල් පද්ධති 5 ඔස්සේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරමින් සිටී. අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ බටහිර යුරෝපය යා කරමින් ඉදිකිරීමට යෝජිත SEA-ME-WE 6 කේබල් පද්ධතිය මෙය තවදුරටත් පුළුල් කරනු ඇත. තත්පරයකට ටෙරාබිට්ස් (terabits) 100කට අධික සම්ප්‍රේෂණ ධාරිතාවකින් යුත් මෙම කේබල් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු 2025 වසර වනවිට අවසන් කිරීමට නියමිත ය.

අනාගතයේදී වඩාත් හොඳ ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා ලබාදීම සඳහා SLT-MOBITEL සතු සැලසුම්වලට මෙම කේබල් පද්ධතිය අතිශයින් වැදගත් වේ. එමෙන්ම SLT-MOBITEL 5G ජාලයේ මෙහෙයුම් කටයුතු සහ උසස් තත්වයේ machine to machine සන්නිවේදනය සඳහා ද මෙම කේබල් පද්ධතිය මහෝපකාරී වනු ඇත. SEA-ME-WE 6 පද්ධතිය වෙනුවෙන් කරන ලද ආයෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මට්ටම දැන් ටෙරාබිට්ස් (terabits) තලයට පිවිසී ඇති අතර, ඒ ඔස්සේ රටට ඉදිරියේදී අන්තර්ජාල භාවිතාව සම්බන්ධ දැවැන්ත ඉල්ලුමට SLT-MOBITEL හරහා සාර්ථක ලෙස මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව