අමානා බැංකුව තෙවන කාර්තුවේදීත් යහපත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි.

amanaa

තැන්පතු 12% කින් හා වත්කම් 10% කින් වැඩි වේ

අමානා බැංකුව වර්තමානයේ පවතින අභියෝග හමුවේ පවා තම ප්‍රධාන බැංකුකරණ අංශයන් හි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින්, 2020 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ රු. මිලියන 389 ක බදුවලට පෙර ලාභයක් සහ, රු. මිලියන 250 ක බදුවලට පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් විය.  Covid-19 ප්‍රථම රැල්ලේ බලපෑමට ලක්වූ මීට පෙර කාර්තුවට සාපේක්ෂව, තම ව්‍යාපාර කටයුතු නැවත යථා තත්ත්වයට ගෙන එමින්, තුන්වන කාර්තුව තුළ තම ලාභය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට බැංකුවට හැකියාව ලැබී ඇත. ඒ අනුව, දෙවන කාර්තුවේ වාර්තා වූ රු. මිලියන 70 සීමාව ඉක්මවා යමින් 3 වන කාර්තුව තුළ තම බදුවලට පෙර ලාභය රු. මිලියන 139 දක්වා ඉහළ නංවා ගැනීමට බැංකුව සමත් වූ අතර, දෙවෙනි කාර්තුවේ බදුවලට පසු ලාභය වූ රු. මිලියන 41, තුන්වන කාර්තුව තුළ රු. මිලියන 80 දක්වා වැඩිකරගනීමට බැංකුව සමත් වී තිබේ.

ශක්තිය, ස්ථාවරත්වය හා අභියෝගවලට මුහුණ දීමේ හැකියාව පෙන්නුම් කරමින්, අදාළ මාස 9 තුළ පාරිභෝගික තැන්පතු සම්බන්ධයෙන් අඛණ්ඩව යහපත් ක්‍රියාකාරීත්වයක් පවත්වාගැනීමට බැංකුවට හැකියාව ලැබුණු අතර, තැන්පතු එකතුව රු. බිලියන 80 දක්වා 12% කින් ඉහළ ගොස්, ජංගම හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) ක්ෂේත්‍රය ඉහළම අනුපාතයක් දක්වමින් 43% දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 2019 දී පැවති මට්ටමට වඩා 10% ක වර්ධනයක් දක්වමින් රු. බිලියන 95 ක් බවට පත්වී ඇත. අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ ණය අවදානම් සීමාවන් නිසි පරිදි පවත්වා ගැනීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, ණයදීම් ප්‍රමාණයන් 3% ක සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 60 ට ආසන්නයට පැමිණ තිබේ. යහපත් වත්කම් එකතුවක් සමගින් නිර්-ක්‍රියාකාරී අනුපාතයන් ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයන්ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර, ශුද්ධ නිර්-ක්‍රියාකාරී වත්කම් සහ දළ නිර්-ක්‍රියාකාරී වත්කම් ප්‍රමාණයන් පිළිවෙළින් 1.7% සහ 4.1% ලෙස වාර්තා වී ඇත. 2020 වසරේ 3 වන කාර්තුවේදී බැංකුවේ පර්යාප්ත ආදායම (Comprehensive Income), 2019 3 වන කාර්තුවේ වාර්තා වූ රු. මිලියන 140 ට සාපේක්ෂව 37% කින් ඉහළ යමින්, රු. මිලියන 191 මට්ටමට පැමිණ තිබේ.

අදාළ කාර්තුව තුළද ලාභාංශ සම්බන්ධයෙන් තම සුපුරුදු පිළිවෙත අනුගමනය කරමින්, අඛණ්ඩව 3 වන වරටත් ලාභාංශ ප්‍රකාශයට පත්කිරීමට අමානා බැංකුව කටයුතු කළ අතර, මෙවර එය ප්‍රකාශයට පත්කර ඇත්තේ කොටස් ලාභාංශයක් වශයෙනි. මෙමගින් බැංකුවේ කොටස් ප්‍රමාණය බිලියන 2.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, බැංකුවේ ශුද්ධ වත්කම් වටිනාකම කොටසකට රු. 4.70 දක්වා ඉහළ ගොස් තිබේ. වර්ධනය වන හා ස්ථාවර සමාගමක් ලෙස අමානා බැංකුව සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් ෆිච් රේටිංස් ශ්‍රී ලංකා සමාගම සිය 2020 ඔක්තෝබර් ඇගයුමේදී බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය.

අමානා බැංකුව මෙම 3 වන කාර්තුව තුළ පෙන්නුම් කළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “ප්‍රධාන බැංකුකරණ ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගත්විට අපට ප්‍රගතියක් දැකගත හැකි වුවත්, දැනට පවතින වසංගත රෝග තත්ත්වයේ බලපෑම තවමත් සියලුම ක්ෂේත්‍ර සහ අංශ තුළ දක්නට ලැබෙනවා. කෙසේ වුවත්, මෙම දුෂ්කරතා හමුවේ පවා එළඹෙන අවස්ථාවන් ග්‍රහණය කරගැනීම ඔස්සේ මෙම අභියෝග ජයගැනීමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.”

වසංගත තත්ත්වය පවතින කාලසීමාව තුළ, ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව ගන්නා උත්සාහයට අත්වැලක් වෙමින්, සෞභාග්‍යා යෝජනා ක්‍රමය යටතේ පිරිනමන සහන හා දීමනා වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටද අමානා බැංකුව කටයුතු කළේ ය. මෙම ක්‍රියාවලිය තුළදී, සහන ඉල්ලීම් 5,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට අමතරව සෞභාග්‍යා යෝජනා ක්‍රමයට අදාළ ඉල්ලීම් 180 කට අධික සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින්, කාරක ප්‍රාග්ධන සහය සඳහා අයදුම් කළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට රු. බිලියන 1.8 කට අධික මුදල් ප්‍රමාණයක් ණය ආධාර ලෙස ලබාදීමටද බැංකුව පියවර ගෙන තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.
පවතින ආර්ථික අභියෝග හමුවේ පවා ‘ඕෆන්කෙයා’ වැඩසටහන රට පුරා අසරණ දරුවන් 2,800 කට අධික පිරිසකට සහන සලසමින් සිටින අතර, ඒ සඳහා වූ 5 වන මුදල් නිකුතුවද 2020 නොවැම්බර් මාසයේදී සිදුකරන ලදි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN

අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.

Follow Us

පුවත් පත්‍රිකාව