අධ්‍යයන ක්ෂේත්‍රයේ විශිෂ්ටතා දැක්වූ CINEC Campus පර්යේෂණ හා වාණිජකරණ ජයග්‍රහණ රැසක් ලබයි

IMAGE-2 (LBN)

 



 

 

 

විශ්වවිද්‍යාලවල සිදු කෙරෙන පර්යේෂණ වාණිජකරණය සඳහා වන ප්‍රයත්න හඳුනා ගැනීමේදී ලබා ඇති ජයග්‍රහණ වෙනුවෙන් CINEC Campus සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘Accelerating Higher Education Expansion and Development’ (AHEAD) ව්‍යාපෘතිය මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. පර්යේෂණවල ප්‍රතිඵල වාණිජකරණය සඳහා දක්ෂතා දක්වන පර්යේෂණ කණ්ඩායම් සහ සමාගම් ඇගැයීම සම්මාන උළෙලේ ඉලක්කය විය. CINEC Campus හඳුන්වා දී ඇති පුළුල් පරාසයක විහිදී ඇති පර්යේෂණ ක්ෂේත්‍ර සිසුන් සඳහා අද්විතීය අධ්‍යයන වටපිටාවක් නිර්මාණය කරන අතර ඔවුන්ට විවිධ විෂය ගවේෂණය කිරීමෙන් විශිෂ්ටත්වය කරා ළඟා වීමට මඟ පාදයි.

පහත දැක්වෙන පරිදි විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා තාක්ෂණික කටයුතු සංවර්ධනයට CINEC Campus දායක විය.

නාවික කුඩම්බිතය – හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගම වෙත සේවා සැපයීම. පර්යේෂණ කණ්ඩායම: කපිතාන් ප්‍රසන්න සෙඩ්‍රික්, කපිතාන් හරීන්ද්‍ර පෙරේරා, මහාචාර්ය රෝහිනී චන්ද්‍රිකා විද්‍යාලංකාර, සමාදි මැදවල දිසානායක. දෙපාර්තමේන්තුව: Department of Marine Simulation. බහාලුම් බඩු තොග කළමනාකරණ ක්‍රමය සහ පද්ධතිය – මෙම තාක්ෂණය Cargoserv Shipping Limited වෙත හඳුන්වා දී ඇත. පර්යේෂණ කණ්ඩායම: මහාචාර්ය ලලිත් එදිරිසිංහ, තරින්දි අමරතුංග. අධ්‍යයන පීඨය: කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨය. මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය අයි. මහකලන්ද සහ Evoke Technologies ආයතනයේ ගිහාන් නදීර මෙයට බාහිර පාර්ශ්ව ලෙස සහයෝගය දුන්හ. පාදවල විකෘතිතා නිරීක්ෂණ පද්ධතිය බංග්ලාදේශයේ Global Bridge International ආයතනයට මෙම තාක්ෂණය හඳුන්වා දී ඇත. පර්යේෂණ කණ්ඩායම: දිශාන් ධම්මේආරච්චි, රන්දීර ලියනගේ, කල්ප මදුරංග, යසිත් වීරසිංහ, සෙව්මිණි ජයවීර, චන්දිම රත්නායක, ඉසිර දාබරේ, ක්‍රිෂානි ඔබ්‍රිස්. අධ්‍යයන පීඨය: ඉංජිනේරු සහ තාක්ෂණ පීඨය. සංවෘත පරිසරයකදී සමතුලිත මතුපිටක දෝෂ හඳුනා ගැනීම සදහා උපකරණයක් – මෙම තාක්ෂණය D. Samson lndustries (Pvt) Ltd වෙත හඳුන්වා දී ඇත. පර්යේෂණ කණ්ඩායම: රන්දීර ලියනගේ, දේශාන් ආදිත්‍ය බණ්ඩාර, නිපුන නිලුපුල් සමරකෝන්, යසිත් වීරසිංහ, මනුජ ඉඳුවර. අධ්‍යයන පීඨය: ඉංජිනේරු සහ තාක්ෂණ පීඨය. වේවැල් ඉවත් කිරීමේ යන්ත්‍රය – ජාතික ශිල්ප සභාවට මෙම තාක්ෂණය හඳුන්වා දී ඇත. පර්යේෂණ කණ්ඩායම: ඉශාන් විරන්ත. පීඨය: ඉංජිනේරු සහ තාක්ෂණ පීඨය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව