හෙට දියඹ දිනන, වෙළෙඳ නාවික වෘත්තිකයන් වෙනුවෙන් මැක්ලරන්ස් ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව සැමරේ

IMG_9337 (LBN)

ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුහුණු ආයතනයක් වන (McLarens Maritime Academy) මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ 2024 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැත්විණි. නාවික කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව (Navigation Officer Cadet Training Program) අදියර 1- පළමු කණ්ඩායම සහ Pre-Sea Training Course for Deck Rating 5 වැනි කණ්ඩායම සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමේ අවස්ථාව උදාකර ගත්හ.  lady deck ratings පළමු කාණ්ඩය ද ඊට ඇතුළත් වූ අතර, එම කණ්ඩායමට සිසුවියන් සිව්දෙනකු ඇතුළත් වූහ. එම පාඨමාලාව සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් සිය ප්‍රයෝගික පුහුණු සැසි නෞකාවලදී ආරම්භ කිරීමට නියමිතය.
 



 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූ මෙම උත්සවයට වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අසංක දේශප්‍රිය, මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශෙහාරා ද සිල්වා මහත්මිය සහ මොනාකෝ මැරීන් පුද්ගලික සමාගම නියෝජනය කරමින් කපිතාන් රොෂාන් පෙරේරා මහතා විශේෂ ආරාධිතයන් ලෙස එක්වූහ. මීට අමතරව වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි ඔෂාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී (වාණිජ) ආචාර්ය රවී එදිරිසිංහ, සමූහ අධ්‍යක්ෂවරුන් වන ෂනිල් පෙරේරා, චන්දන විජේසුන්දර, අද්මිරාල් ජයන්ත පෙරේරා, අෂේන් වෙලගෙදර, කපිතාන් අතුල හේවාවිතාරණ, කපිතාන් කීත් ජයසූරිය, නවීන් පෙරේරා, තුෂාර පෙරේරා, චන්දිම හුලංගමුව සහ ශ්‍රී ලංකා නාවික වෘත්තිකයන්ගේ ජාතික සංගමයේ නියෝජිත මහත්වරුන් සමඟ ගෞරවනීය ආරාධිතයෝ රැසක් ඊට එක්වූහ.

ආකර්ශනීය ශිෂ්‍ය සරඹ සංදර්ශනයක් සමඟ සහතිකපත් සහ ශිෂ්‍යත්ව පිරිනැමීම් සහ කැපී පෙනෙන දක්ෂතා ඇගැයීම් මෙම උත්සවයට ඇතුළත් වූ අතර, උපාධිධාරීන් නිල වශයෙන් සමුද්‍රීය වෘත්තියට ඇතුළත් වීමේ අවස්ථාව දැකබලා ගැනීමට සිසුන්ගේ සාඩම්බරනීය දෙමාපියන්, අධ්‍යාපන ආයතනයේ සාමාජිකයන් සහ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජිතයන් ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් පළ කළ ආචාර්ය රවී එදිරිසිංහ මහතා, ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන ආකාරයට සහ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට දායකත්වය ලබාදීම සඳහා උසස් පුහුණුවක් ලැබූ නාවික වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමෙහිලා මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ කැපවීම පැසසුමට ලක් කළේය.

උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය මැක්ලරන්ස් සමුද්‍රිය ඇකඩමියේ විදුහල්පති සහ සාමාන්‍යාධිකාරි යසස් තෙල්වත්ත මහතා, ඉහළම ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් සහ පුහුණුවක් තුළින් ශක්ති සම්පන්න වූ දක්ෂ සමුද්‍රීය වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට එම ඇකඩමියේ කැපවීම විශේෂයෙන් සඳහන් කළේය. මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියෙන් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ මනා පුහුණු වැඩසටහන් තුළින් ගෝලීය නාවික කටයුතු ක්ෂේත්‍රය තුළ උපාධිධාරීන්ට දීප්තිමත් අනාගතයක් හිමිවන බව අවධාරණය කළේය. කැපවීම, විනය සහ සිසුන්ගේ අධිෂ්ඨානශීලීත්වය ඇගැයීමට ලක් කළ ඒ මහතා නාවික කටයුතු ක්ෂේත්‍රය තුළ සිය භූමිකාව සිදු කිරීමට ඔවුන් නිසි සූදානමින් සිටින බවට සහතික කළේය

මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ උපාධිධාරීන් ලොව පුරා ප්‍රකට නැව් සමාගම්වල රැකියා අවස්ථාවන් ලබාගැනීමේ විශිෂ්ට වාර්තාවකට හිමිකම් කියන අතර, මෙවර උපාධියෙන් පිදුම් ලැබූ සිසුන්ට ද  එම අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ඇකඩමිය මගින් ගෝලීය නාවික ක්ෂේත්‍රයේ ප්‍රමිතියට අනුකූල උසස් තත්ත්වයේ පුහුණු පාඨමාලා අඛණ්ඩව සිදු කරන අතර, නාවික ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යෑමට අපේක්ෂා කරන ඕනෑම අයකුට ශක්තිමත් වෘත්තීය පදනමක් ලබාදෙන බවට සහතික කරයි.

මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ පුහුණු පාඨමාලාවේ ඊළඟ බඳවා ගැනීම සඳහා අයැදුම්පත් දැන් කැඳවා ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.mma.lk වෙබ් අඩවියෙන් හෝ ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඇකඩමිය සමඟ සම්බන්ධවීමෙන් ලබාගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව