සම්පත් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Ms. AYODHYA IDDAWELA PERERA (LBN)

සම්පත් බැංකුව 2024 වසරේ පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 6.2 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 3.4 ක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය 2023 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙලින් 39.1% සහ 27.8% ඉහළ යාමකි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 23.70 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 4.3 ක විනිමය අලාභයක් සිදු වූ අතර එම අලාභයද අවශෝෂණය කර ගැනීමෙන් අනතුරුව රුපියල් බිලියන 3.4 ක බදු පසු ලාභයක් වාර්තා කිරීම සුවිශේෂී වේ. මීට අමතරව සම්පත් සමූහයද 38.0% ක් සහ 26.0% ක වර්ධන ප්‍රතිශතයන් සහිතව රුපියල් බිලියන 6.9 බදු පෙර ලාභයක් ද රුපියල් බිලියන 3.8 බදු පසු ලාභයක් ද වාර්තා කරන ලදී.

 



 

2024 මාර්තු 31 දිනට සම්පත් බැංකුව වාර්තා කරන ලද විශේෂ මූල්‍ය ප්‍රතිඵල

  • බදු පසු ලාභය8% ක්, එනම් රුපියල් බිලියන 3.4 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යාම.
  • ශුද්ධ පොළී ආදායම (NII) 12.7% කින් ඉහළ යාම.
  • වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් පහළ යාම නිසා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 17.1% කින් පහත වැටීම.
  • ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 23.70 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 3 ක විනිමය අලාභයක් වාර්තා වීම.
  • අපහායන අයකිරීම්8% කින් පහත වැටීම.
  • බැංකුවේ දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 68 කින් ශක්තිමත් ලෙස ඉහළ යාම.
  • බැංකුවේ පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙලින් 15.18% ක් සහ22% ක් ලෙස අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පැවතීම.

සලකනු ලබන කාලපරිච්ජේදය සඳහා ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 20.5 ක් වූ අතර එය පෙර වසරේ අනුරූප කාලච්ජේදයේ වාර්තා වූ රුපියල් බිලියන 18.1 හා සැසඳීමේදී 12.7% ක ඉහළ යාමකි. මේ සඳහා පොළී ආදායම අඩුවීම අභිබවා ගිය පොළී වියදම් අඩුවීම හේතු විය. පොළී අනුපාතයන් පහත වැටීම මධ්‍යයේ වූවද බැංකුව විසින් සිදු කළ වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය මෙම ශුද්ධ පොළී ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතු විය. තවද බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය (NIM) 2023 දෙසැම්බර් 31 දිනට 5.16% වූ අතර එය 2024 මාර්තු 31 දින වන විට 5.24% ක් දක්වා වර්ධනය විය.

බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම්, පසුගිය වසරේ පළමු කාර්තුවට වාර්තා වූ රුපියල් බිලියන 2.8 හා සැසඳීමේදී 75.3% ක පහත වැටීමක් සහිතව 2024 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 0.7 ක් ලෙස වාර්තා විය. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ද 2023 පළමු කාර්තුව හා සැසඳීමේදී 17.1% ක පහත වැටීමක් පෙන්වූ අතර මීට මූලිකවම වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ආදායම් පහත වැටීම හේතු විය. මේ සඳහා ආනයන ආශ්‍රිත        කොමිස් අනුපාත පහළ දැමීම, වෙළඳාම් ආශ්‍රිත ගනුදෙනු ප්‍රමාණය පහත වැටීම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අතිප්‍රමාණය වීම යනාදී කරුණු හේතු විය. කෙසේ වෙතත් පෙර වසරේ අනුරූප කාලච්ජේදය හා සැසඳීමේදී ණය, විද්‍යුත් නාලිකා, කාඩ්පත් හා ප්‍රේශණ ආශ්‍රිත ආදායම්හි වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

2024 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 4.4 ක අපහායන අයකිරීමක් හඳුනාගන්නා ලද අතර මෙය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ජේදය හා සැසඳීමේදී 36.8% ක පහත වැටීමකි. ඉහත අපහායන අයකිරීම ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 2.4 ක් ද (2023 පළමු කාර්තුවට – රුපියල් බිලියන 6.2 ක්) වෙනත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 0.9 ක් (2023 පළමු කාර්තුවට – රුපියල් බිලියන 0.4) ද අනෙකුත් බැදීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 1.1 (2023 පළමු කාර්තුවට – රුපියල් බිලියන 0.4) කින් ද සමන්විත විය.

ණය හා අත්තිකාරම් සඳහා වූ මුළු අපහායන අයකිරීම් වල අඩුවීම සඳහා පෙර වසර වලදී බැංකුව විසින් සිදු කරන ළද විචක්ෂණශීලී අපහායන ප්‍රතිපාදන වෙන් කිරීම් මෙන්ම ආර්ථිකයේ ඇති වූ පුනර්ජීවනය හේතුවෙන් ණය කළඹෙහි ගුණාත්මකභාවය ඉහළ යාමද හේතු විය. මීට අමතරව 2023 වසරේ පැවති ප්‍රතිපාදන වෙන්කිරීමේ ආකෘතීන් 2024 වසරේ පළමු කාර්තුව පුරාවටද අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, හදුනාගත් ඉහළ අවදානම් සහගත කර්මාන්ත සඳහා මෙන්ම අනෙකුත් ඇතිවිය හැකි ණය අවදානම් සඳහා ප්‍රමාණවත් අතිරේක ප්‍රතිපාදනයන් හදුනා ගැනීමටද බැංකුව අඛණ්ඩව ක්‍රියා කරන ලදී.

සලකනු ලබන කාලපරිච්ජේදය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ජේදයට සාපේක්ෂව 7.0% ක වර්ධනයක් වාර්තා කරන ලද අතර මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධනය හේතුවෙන් ඉහළ ගිය පුද්ගල පිරිවැය මූලික වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුවේ සඵල බදු අනුපාතය 2023 වසරේ පළමු කාර්තුවේ පැවති 57.0% සිට 2024 වසරේ පළමු කාර්තුව අවසානය වන විට 59.7% ක් දක්වා ඉහළ යන ලදී.

2024 වසරේ පළමු කාර්තුව පුරාවට සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙළ සාමන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය 2023 වසර අවසානයේ වාර්තා කළ 16.35%, 16.35% හා 19.56% ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු 31 දින වන විට පිළිවෙලින් 15.18%, 15.18% හා 18.22% ක් ලෙස වාර්තා කරන ලදී. මෙම වෙනස් වීම සඳහා රුපියල් බිලියන 6.9 ක් වූ මුදල් ලාභාංශ ගෙවීම් හා ණය කළඹ ඉහළ යාම හේතුවෙන් වැඩි වූ අවදානම් මත බර තබන ලද වත්කම් (Risk Weighted Assets) ප්‍රමාණය ඉහළ යාම හේතු විය.

සම්පත් බැංකුව සතු මුළු වත්කම් 2023 වසරේ දෙසැම්බර් 31 දිනට පැවති රුපියල් ට්‍රිලියන 1.54 සිට 5.8% ක වර්ධනයක් (23.3% ක වාර්ෂික වර්ධනයක්) සහිතව 2024 මාර්තු 31 දින වන විට රුපියල් ට්‍රිලියන 1.63 ක් දක්වා වර්ධනය විය. තවද බැංකුව සතු මුළු වගකීම් 6.5% කින් වර්ධනය (26.1% ක වාර්ෂික වර්ධනයක්) වූ අතර මේ සඳහා බැංකුව සතු තැන්පතු ප්‍රමාණය 2023 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 1,264.5 සිට 2024 පළමු කාර්තුව අවසානය වන විට රුපියල් බිලියන 1,331.2 දක්වා ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව