කොරෝනා වෛයිරසය, අන්තර්ජාලය හා සමාජ ජාල තොරතුරු ව්‍යාප්තිය සහ ඔබගේ මෙහෙවර

covid-19-lankabusinessnews

දිනෙන් දින අධිවසන්ගත තත්වයක් බවට වර්ධනයවූ කොරෝනා වෛරසයත් සමග අන්තර්ජාලය ඔස්සේද කොරෝනා පිලිබද සථ්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු බහුල වශයෙන් සන්සරණය වන බව මේ පිලිබද විශේෂඥයින්ගේ මතයයි.

විමසිලිමත්ව සහ වගකීම් විරහිත තොරතුරු නිර්මානය, මුදාහැරීම,  සහ නොදැනුවත් අන්තර්ජාල සහ සමාජ ජාල භාවිතය මෙම තත්වය සමාජ ව්‍යසනයක් දක්වා වුවද ගෙනයෑමේ අවදානමක් දක්වා වර්ධනය වියහැකි සමාජ වටපිටාවක් නිර්මාණය කරමින් පවතී

එවන් වටපිටාවක් තුල අසථ්‍ය තොරතුරු සමාජ ගතවීම වලකාගැනීමට හෝ අවම කර ගැනීමට වගකිවයුතු පුරවැසියකු ලෙස ඔබගේ සහභාගීත්වය කවර ආකාරයේ විය යුතුද යන්න පිලිබද විමසාබැලීමක් කිරීම අපගේ අරමුණයි

මෙම ව්‍යසනකාරී මොහොතේ විවිධ  මතිමතාන්තර, අදහස් ඔස්සේ කොරෝනා වෛරසය පිලිබද තොරතුරු නොනවත්වා ඔබවෙත විවිද මාධ්‍ය ඔස්සේ ගලා එන්නට පටන් ගෙන ඇත. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය මෙහි මූලිකතවය මෙන්ම අනෙතුත් මාධ්‍ය සදහා තිරතුරු තතු සපයන මූලාශ්‍රය බවට පත්ව ඇත.

මොහොතකට නවතින්න, හිතන්න

මෙලෙස ලැබෙන තොරතුරු වැඩි විමසීමකින් තොරව ඔබ විසින් ඔබගේ සමීපතයන් වෙත නොදැනුවත්වම බෙදාහදා ගන්නවා විය හැක.  මෙය සාමාන්‍යතත්වයක් වුවද මේ හරහා ඔබ සමාජයට මුදාහරින අසථ්‍ය තොරතුරු සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බවට සමාජ විද්‍යාඥයන් විසින් නිරතුරුව අන්තුරු ඇගවීම් කරනු ලබයි. කොරොනා අධිවසංගත තත්වයක් යටතේ මෙහි බලපෑම ඉතා බරපතල විය හැක.

එමනිසා ඊමේල් ,SMS, WhatsApp, Facebook, Twitter  වැනි සමජ ජාලා හා  අන්ත්‍රජාල වෙබ් අඩවි (Website) භාවිතයේදී මෙන්ම එම තොරතුරු වෙන කෙනෙකු සමග බෙදා හදාගැනීමේදී (Share & Forward) වගකිවයුතු පුරවැසියෙකු ලෙස තොරතුරු වල සථ්‍ය ඇසථ්‍ය භාවය සනාථකරගැනීම (verification) ඉතා වැදගත්වේ. එමනීසා තොරතුරු බෙදා හදාගැනීමට පෙර දෙවරක් හිතාමතා තහවුරු වූ තොරතුරු පමණක් ඒ සදහා බාවිතයට සුදුසු වේ.

 තොරතුරු සහ දත්ත මූලාශ්‍

ඔබට ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාවය පිලිබද ඔබ සැලකිලිමත්වන්න. බෙදාහදා ගැනීමට පෙර එම තොරතුර යොමුකරන තැනැත්තා සහ එහි සදහන් මූලාශ්‍රයන් පිලිබද පැහැදිලි අවබොධයකින් තොරව එය තවකෙකු සමග බෙදාගැනීමෙන් වැලකී සිටින්න.

විවිධාකාරයේ සාවධ්‍ය තොරතුරු දාම දහස් ගණනින් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය තුල සැරිසරණ බැවින් සනාථකරගත් තොරතුරු වෙත පමණක් ඔබගේ අවධනය යොමුකිරීම වැදගත්වේ.

කොරෝනා පිලිබද එවැනි අසථ්‍ය තොරතුරු BBC මගින් අනාවරණය කිරීමක් වාර්ථා කර ඇති තොරතුරක් පහතින්.

BBC® recently tracked how a misleading post from someone’s “uncle with a master’s degree” went viral.

මෙහිදී අප විශේෂයෙන් අවධානය යොමු කලයුතු කරනාවක් වන්නේ අසථ්‍ය තොරතුරු සපයන්නා පරිශීලකයාව තම තොරතුර හෝ ලිපිය වෙත නතුකර ගැනීමට මුලින්ම භාවිතා කරන්නේ ඔබ අප සියලු දෙනා විසින් දන්නා පිලිගත් කරුනක් වීමයි. ඒ හරහා ඔහු අපගේ මනස තම ලිපිය හෝ පවසන්නට නියමිත සෙසු කරුණු කෙරෙහි ධනාත්මක කෝනයකින් බැලීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසයි. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඔහු තම මත්වාදය, සනාථ කර නොගත් කරුනු ඔහුගේ දෘශ්ඨි කෝනයන්ට අනුව අපට කියවීමට හෝ දැකීමට, ඇසීමට සලස්වයි. අවසානයේ අපි නොදැනුවත්වම දෙවරක් නොසිතා එම තොරතුර සෙස්සන් සමග බෙදා හදා ගනී.

ඇතම්විට සමහරුන්ගේ මුහුණුපොත් බැලූවිට මෙම කරුණ මනාවට පැහිදිලිවේ. තමන්ගේ අදහස් සන්කල්පනා හා දැණුම වෙනුවට ඔබ වෙනකෙකු විසින් හුවමරු කරගත් සනාථ නොවුනු පෝස්ටු වලින් ඔබගේ සමාජ ජාල පිටු පුරවගෙන ඇත. ඔබගේ අනුගමිකයින් ඇතම් විට ඔබ ඔස්සේ කරුනු තහ්වුරු කර ගැනීමට සිටින මොහොතක ඔබත් රැල්ලට මෙන් තහවුරු නොවූ දේ බෙදාහදා ගතොත් සිදුවන ඉරණම ගැන සිතන්න.

ඇන්තර්ජාලයේ සැරිසරන්නන් සහ භාවිතා කරන්නන් ලෙස විචක්ෂණශීලී මනසකින් යුතුව වගකීමකින් යුතුව එය භාවිතය වැදගත්වේ.

සැම විටම විශ්වාසදායී මූලාශ්‍ර ඔස්සේ ඔබේ අන්තර්ජල පර්ශීලනයේ යෙදෙන්න. එවිට ඔබ බෙදාහදා ගන්නා තොරතුරු සාවධ්‍යවීමට ඇති ඉඩකඩ අවම වේ.

කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට විශ්වාසදායී මූලාශ්‍ර කීපයක් පහතින්.

 

කොරෝනා වෛරසය සම්බන්ධ පුවත් පරීශීලනයේදී පහත සදහන් කරුණු සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වන්න

  1. තොරතුරු මූලාශ්‍රය
  2. සථ්‍ය, අසථ්‍ය බව පිලිබද කරුණු නිරාකරණය
  3. විශ්වාසනීය බව; අවිශ්වාසනම් කිසිවකුට (don’t share)බෙදානොහරින්න
  4. සියලු කරුනු පිලිබද අධ්‍යයනය: සිරස්තලය පමණක් කියවා කිසිවෙකුටවත් (don’t share) බෙදාහැරීමෙන් වැලකීසිටින්න
  5. චිත්තවේගීය තොරතුරු වලින් පරිස්සම් වන්න, අවේගශීලීව තොරතුරු (don’t share) බෙදාහදා නොගන්න
  6. පක්ෂග්‍රාහී යටි අරමුණු සහිත කාරණා පිලිබද ගැඹුරින් සිතන්න, වෙනකෙකුගේ යටි අරමුණක ඉත්තෙක් නොවෙන්න

 

පරිගණක වෛරස්, අනිෂ්ට මෘදුකාංග සහ සයිබර් අපරාධ

කොරොනා වෛරසය සම්බන්ද වටපිටාව උපයොගී කරගෙන අන්තර්ජාලයට, WhatsApp සහ ඊමේල් හරහා බෙදාහරින පරිඝණක මෘදුකාංග වෛරසයන් ගැනද අවධානය යොමුකරන්න කාලය එලඹ ඇත.

කැස්පර්ස්කි හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ අංශ ප්‍රධානී කොස්ටින් රයූ අනතුරු ඇඟවූයේ රෝහලකට එරෙහිව සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මිනිස් ජීවිත අහිමි විය හැකි බවයි. කොරොනා වෛරසය පැතිරීම හේතුවෙන් යුරෝපයේ සයිබර් අපරාධ වැඩි වී ඇති බවට යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් අනතුරු ඇඟවීය.

කොරොනා වෛරසය නිසා – නිවසේ සිට වැඩ කිරීමත් සමග මිනිසුන් අන්තර්ජාලය හරහා ගත කරන කාලය වැඩි වීමේ අවස්ථාව සයිබර් අපරාධකරුවන් ප්‍රයෝජන ගනී. ශ්‍රී ලාංකිකයින් වශයෙන් මේ සම්බන්ධව අපගේ පෙර සූදානමත් මේ මොහොතේදී අප කල්පනා කලයුතුව ඇත.

කොරොනා පිලිබද අසථ්‍ය පුවත් පිලිබද ඔබසතු තොරතුරු අපට වාර්තා කරන්න editor@lankabusinessnews.com

සටහන : පුලතිසි ගුණතිලක

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව