‘DFCC ඩිජිටල් දන්සැල’ රු. මිලියනය ඉක්මවයි: සහය දුන් සැමට DFCC බැංකුවේ ස්තූතිය

Untitled (1)

 




 

2021 ජූනි 29: ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet සේවාව වන DFCC Virtual Wallet පදනම් කරගෙන DFCC බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද DFCC ඩිජිටල් දන්සැල වැඩසටහනට ආරම්භයේ පටන්ම ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. එම නිසාම සති 3 ක් වැනි කෙටි කාලයක් තුළ, ගනුදෙනුකරුවන්, DFCC බැංකුව, එහි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රු. මිලියනයකට අධික මුදලක් එම අරමුදලෙහි එක්රැස් විය.

අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ මෙම ඩිජිටල් දන්සැල වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හා සංචරණ සීමාවන් නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වී ඇති ජනතාවට වියළි ආහාර ලබාදීම මෙහි මූලික අරමුණ විය. යාපනය, වැල්ලවාය, බණ්ඩාරවෙල, නුවරඑළිය, බදුල්ල, හැටන්, මොණරාගල, ඇඹිලිපිටිය, වැලිමඩ, බලන්ගොඩ, බුත්තල, බිබිලේ, මහියංගණය, ගොඩකවෙල, මාතලේ, මාතර, රදම්පළ, අකුරැස්ස, අම්බලන්තොට, පුත්තලම, කොළඹ, නාවල, නුගේගොඩ, සහ මාලබේ යන ප්‍රදේශ ඇතුළුව, දිවයින පුරා පිහිටි DFCC බැංකු ශාඛා 139 ආශ්‍රිත ප්‍රදේශ වල, දුෂ්කරතාවට පත්ව සිටින ජනතාව අතර මේ ආකාරයට වියළි ආහාර බෙදා දෙන ලදි.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “අපගේ ගනුදෙනුකරුවන්ට ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට අප කැමතියි. ඔවුන්ගේ සහයෝගය නොලැබුණා නම් අපට මේ ඉලක්කය සපුරා ගැනීමට හැකි නොවන්නට ඉඩ තිබුණා. දුෂ්කරතා වලට මුහුණ දී සිටින ජනතාවට ප්‍රමාණවත් සහනයක් සැලසීමට, ගනුදෙනුකරුවන් පරිත්‍යාග කළ මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට අප කටයුතු කළා. මෙවැනි අභියෝගකාරී කාල වකවානුවක, එකිනෙකා හා සම්බන්ධ වී ඔවුනොවුන්ට උපකාර කිරීමට නම්, සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවිය යුතු වනවා. DFCC Virtual Wallet හරහා අප සංවිධානය කළ DFCC ඩිජිටල් දන්සැල වැඩසටහන ඒ සඳහා හොඳ උදාහරණයක්. ඩිජිටල් අතුරු මුහුණතක් භාවිතා කරමින්, රටේ විශාල පිරිසකට සහන සැලසූ මෙවැනි වැඩසහටහනක් සංවිධානය කළ එකම බැංකුව DFCC බැංකුව බව මා කියන්නේ ආඩම්බරයෙන්.”

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව