ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් ආදර්ශයක් සපයන නිව් ඇන්තනීස් සමූහය, සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් තම කැපවීම තවදුරටත් සහතික කරමින් නොවැම්බර් 18-24 දක්වා යෙදී තිබෙන World AMR Awareness Week වැඩසටහන වෙනුවෙන් නිල ප්‍රතිඥාවකට පසුගියදා එක්විය.
නොවැම්බර් 19 දින හංවැල්ලේ පිහිටි නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම විශේෂ අවස්ථාව සනිටුහන් වූ අතර, එම අවස්ථාවට විශේෂ පාරිභෝගිකයෝ, ව්‍යාපාර හවුල්කරුවෝ, සෞඛ්‍ය අංශ වෘත්තිකයෝ මෙන්ම නිව් ඇන්තනීස් සමූහයේ අධ්යක්ෂ මණ්ඩලය සහ කාර්යමණ්ඩලය ද එක්ව සිටියහ. සමූහයේ කළමනාකාර අධ්යක්ෂ එමිල් ස්ටැන්ලි මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර, තවත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් දේශන සහ ඉදිරිපත්කිරීම් කිහිපයක් ද ඉන් අනතුරුව සිදුකෙරිණි. ප්‍රතිජීවක විරෝධතාවය මැඬපැවැත්වීමේ වැදගත්කම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් වෛද්‍ය කිෂානි දිනපාල පැවැත්වූ දේශනය එහිදී කැපීපෙනුණි.
ලෝක ප්‍රතිජීවක පිළිබඳ දැනුවත්කිරීමේ සතිය වෙනුවෙන් නිව් ඇන්තනීස් සමූහය සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ අංගයක් ලෙස මෙම අවස්ථාව සංවිධානය කරතිබුණී. එහි අරමුණ වන්නේ මහජන, සත්ත්ව සහ පාරිසරික සෞඛ්‍ය භාවිතාවන් ඒකාබද්ධ කරගත් “One Health” ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමට සාමූහික ප්රයත්නයේ වැදගත්කම අවධාරණය කිරීමයි.
ආචාරධාර්මික සහ තිරසර ව්‍යාපාර භාවිතාවක් වෙනුවෙන් කීර්තියක් උසුළන නිව් ඇන්තනීස් සමූහය වසර 5කටත් අධික කාලයක් පුරා ප්‍රතිජීවකවලින් තොරව තම ආහාර නිෂ්පාදන කටයුතු සිදුකරයි. ප්‍රතිජීවක භාවිතයෙන් තොරව මෙරට කුකුළු මස් නිෂ්පාදනය කරනු ලබන එකම සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් සමූහය වීම විශේෂත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වඩාත්ම සෞඛ්යාරක්ෂිත කුකුළු මස් නිෂ්පාදන සමාගම ලෙස ද නිව් ඇන්තනීස් සමූහය හැඳින්විය හැක.
එහිදී අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළු මස් කවුන්සිලයේ ප්‍රමිතීන්ට අනුගතවන ලෙස ජෛව ආරක්ෂණ සහ සත්ත්ව සුබසාධන රෙගුලාසිවලට අනුව ස්වභාවික නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ කුකුළු මස් නිෂ්පාදනය කිරීමට නිව් ඇන්තනීස් සමූහය කටයුතු කරයි.
නිව් ඇන්තනීස් සමූහය අනුගමනය කරන හරිත ආඥාවන්ට අනුව, එහි සමස්ත සැපයුම් දාමය ම තිරසරභාවයට වගවීමෙන් ක්‍රියාකරන අතර, ප්‍රතිජීවක භාවිතයෙන් තොරව කටයුතු කිරීම ද එහි මූලිකාංගයකි. එමගින් පාරිභෝගිකයින් වෙත උසස් තත්ත්වයේ, සෞඛ්යාරක්ෂිත මාංශ ආහාර නිෂ්පාදන ඉදිරිපත් කිරීම සමාගමේ අරමුණයි. තව ද ඒ වෙනුවෙන්, ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම් භාවිතය තුළින් කසළ අවමකිරීම සහ පරිසර පද්ධතියට සිදුවන බලපෑම අවමකිරීම, ISO ප්‍රමිති සහතිකවලට අනුව හරිතාගාර වායු විමෝචනය කළමනාකාරණය කිරීම, තිරසර ලෙස නිපදවනු ලබන එක්සත් ජනපද සෝයාබෝංචි අමුද්‍රව්‍ය ලෙස ලබාගැනීම ආදී පියවර ගණනාවක් නිව් ඇන්තනීස් සමූහය විසින් අනුගමනය කරනු ලබයි.
මෙසේ ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන මන්දපෝෂණය අවමකිරීම ට ද සමූහය සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකරයි. අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මක වීම යන තේමාව යටතේ හඳුන්වාදී ඇති ලෝක ප්‍රතිජීවක පිළිබඳ දැනුවත් කිරීමේ සතියට සම්බන්ධ වෙමින්, කාර්යමණ්ඩලය සම්බන්ධ කරගත් විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කළ නිව් ඇන්තනීස් සමූහය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩමුළුවක් ද සංවිධානය කරන ලදී. එමෙන්ම ප්‍රාදේශීය පාසලක පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව එම පාසලට ජල පිරිපහදු ඒකකයක් ද පරිත්‍යාග කරන ලදී.
තිරසර මාංශ ආහාර නිෂ්පාදනයේ පුරෝගාමියෙකුවන නිව් ඇන්තනීස් සමූහය, FSSC 22000 සහතිකය ද, හරිතාගාර වායු සහතිකකරණය ද, GMP, HACCP, ISO 22000 සහ හලාල් වැනි වෙනත් ආහාර සුරක්ෂිතතාව හා බැඳුණු සහතික රැසක් ද හිමිකරගෙන සිටියි. මේ සියල්ල තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන මට්ටම උසස් කරමින් රට තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීම නිව් ඇන්තනීස් සමූහයේ අභිප්‍රාය යි.