
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමේ [John Keells Foundation (JKF)] 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් 2025 අප්‍රේල් 25 වන දින පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික අංශයේ සමාගම්, අධ්‍යාපන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූලික සංවිධාන ඇතුළු ප්‍රධාන පෙළේ පාර්ශ්ව රැසක නියෝජිතයෝ සහභාගී වූහ. 2005 මාර්තු 28 දින ආරම්භ වූ ජෝන් කීල්ස් පදනම දීර්ඝ කාලයක පටන් මෙරට තුළ තිරසාර වර්ධනය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.
“ජෝන් කීල්ස් පදනම යනු ශ්‍රී ලංකාවේ මුල්ම ආයතනික සමාජ වගකීම් ආයතන අතරින් එකක්. එය ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම යටතේ, රටේ ජාතික මට්ටමේ ප්‍රමුඛතාවන්, තිරසාර සංවර්ධන අරමුණු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ මූලධර්මවලට සමගාමීව ඵලදායී හා තිරසාර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ දක්වා එම දීර්ඝකාලීන වැඩසටහන් මගින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 9 කට අධිකයි. ජෝන් කීල්ස් පදනමේ ප්‍රතිපතිය වන්නේ හුදෙක් සහනාධාර ඉක්මවා ජීවනෝපායන් සහ කුසලතා සංවර්ධනය වැනි මධ්‍යම සහ දිගුකාලීන ව්‍යාප්ත සදහාය. උදාහරණයක් ලෙස රණාල ප්‍රදේශයේ අපගේ Eelephant House (අලියා සිසිල් බීම ) කර්මාන්තශාලාව අවට වාසය කරන ජනතාවට අප කඩදාසිවලින් විවිධ නිෂ්පාදන සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදුන්නා. එමෙන්ම හික්කඩුවේදී අප Hikka Tranz by Cinnamon (‘හික්කා ට්‍රාන්ස’ හෝටලය ) සමග එක් වී එම ප්‍රදේශයේ ජනතාවට බතික් නිෂ්පාදනය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීමට පියවර ගත්තා. මෙහිදී අප වඩාත්ම දිරිගන්වන සාධකයක් වන්නේ, අපගේ සාමාජික සාමාජිකාවන් මෙම වැඩසටහන්වලට සහභාගී වීම සඳහා දක්වන උනන්දුවයි. පසුගිය දශක කිහිපය තුළ මෙම සමාජ මෙහෙවර අපගේ පැවැත්මේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබීම සතුටට කරුණක්.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපසමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසීය.
ජෝන් කීල්ස් පදනමේ දැක්ම තුළ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 සම්බන්ධයෙන් අවධානය යොමුකෙරේ. ජෝන් කීල්ස් සමූහයේ සමස්ත පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන රාමුව යටතේ ක්‍රියාවට නංවනු ලබන ප්‍රජා සත්කාරයන් සඳහා පදනම් වන්නේ ඉහත සඳහන් ප්‍රධාන අංශ 4 යි. වර්තමානය වන විට මේ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන, Project WAVE (Working Against Violence through Education), John Keells Vision ව්‍යාපෘතිය, Cinnamon වැසි වනාන්තර ප්‍රතිස්ථාපන වැඩසටහන, කලා පොළ, Village Adoption වැඩසටහන සහ ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන වැනි වැඩසටහන් හා ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නංවා ඇත. කිසිදු භේදයකින් තොරව, සමාජයීය පරිවර්තනයන් ඔස්සේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා ජෝන් කීල්ස් පදනම දක්වන කැපවීම කෙබඳුද යන්න මෙම වැඩසටහන් මගින් මැනැවින් පිළිබිඹු වේ.
“2005 වසර තරම් ඈත කාලයකදී, අතිශය දූරදර්ශී තීරණයක් ගනිමින් වෙනම ආයතනික ප්‍රජා සත්කාර අංශයක් ස්ථාපිත කිරීමට ජෝන් කීල්ස් සමූහය පියවර ගත්තා. දශක තුනක් පුරා ඇදුණු විනාශකාරී යුද්ධය, සුනාමි ආපදාව, COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය වැනි බොහෝ අර්බුද හමුවේ ජෝන් කීල්ස් පදනම හරහා අතිශය තීරණාත්මක සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අපට හැකියාව ලැබුණා. මේ දීර්ඝ මෙහෙවරේ කොටස්කාරියක වෙමින්, ජෝන් කීල්ස් පදනමේ ක්‍රමානුකූල විකාශනය මෙන්ම එය ජාතික මට්ටමේ අවශ්‍යතාවන්ට සහ ප්‍රමුඛතාවන්ට අර්ථවත් ලෙස දායක වන ආකාරය දැකබලා ගැනීමට හැකි වීම මට මහත් සතුටක්. අපගේ සාර්ථකත්වය හේතු දෙකකට අයත් කළ හැකිය: ජෝන් කීල්ස් සමූහය පුරා උනන්දුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කාර්ය මණ්ඩලය සහ වසර ගණනාවක් පුරා අප සමඟ කටයුතු කළ බාහිර හවුල්කාර ආයතන හා ප්‍රද්ගළයින්.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවාය.
මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ සහ කාර්ය සම්පාදන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නිලස් පෙරේරා මහතා තම අදහස් දක්වමින් පැවසුවේ, මොරටුව විශ්ව විද්‍යාලය සහ ජෝන් කීල්ස් සමූහය අතර හවුල්කාරීත්වයට වසර 19 ක් වන අතර, එම සහයෝගීතාවයට කෘතඥ වන බවත්ය. මෙහිදී ඔහු අධ්‍යාපනයට අදාළ දැක්ම වන ‘රැකියා නියුක්තිය සහ ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම’ පිළිබඳව විශේෂයන් අදහස් දක්විය. ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන, කුසලතා මත පදනම් වූ ශිෂ්‍යත්ව, සහ ජෝන් කීල්ස් පදනම සමග එක්ව ක්‍රියාවට නංවන ලද උපදේශක හා මගපෙන්වීම් වැඩසටහන් ආදිය හරහා මෙම අරමුණු අර්ථවත් ලෙස සාක්‍ෂාත් කර ගෙන ඇති බව පැවසුහ.
තවත් ප්‍රධාන පෙළේ ආරාධිතයන් කිහිප දෙනෙක් ජෝන් කීල්ස් පදනම සහ එහි මෙහෙවර සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. ඒ අතරින් කලා පොළ වැඩසටහන තුළින් තම ඉදිරි ගමන ආරම්භ කළ ආචාර්ය ප්‍රියන්ත උඩගෙදර මේ වන විට ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ජෝර්ජ් කීට් පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ු ලෙසද කටයුතු කරයි. ආසියා පදනමේ අධ්‍යක්ෂිකා (යුක්තිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය) ආචාර්ය රමණි ජයසුන්දරද මෙහිදී Project WAVE සම්බන්ධයෙන් සිය අදහස් පළකළාය. ඇය පැවසුවේ ජෝන් කීල්ස් පදනම මගින් වසර 10 ක් පුරා ක්‍රියාවට නැංවූ Project WAVE ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපයෝජන පිටුදැකීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ආයතනික මට්ටමින් ක්‍රියාවට නංවනු ලැබූ එම වර්ගයේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස සැලකෙන බවයි. චන්න දාස්වත්ත මහතා ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී කර්මාන්තයන්හි වැදගත්ම සහ, ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය වැනි වැඩසටහන් ඔස්සේ එම කර්මාන්තයේ උන්නතිය උදෙසා ජෝන් කීල්ස් පදනම ලබාදෙන සුවිශාල දායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති (තත්ත්ව සහතිකකරණය, තිරසාරත්වය, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සහ දත්තවල රහස්‍යභාවය) සහ සත්කාරක සේවා අංශයේ ආයතනික ප්‍රජා සත්කාර සම්බන්ධීකාරිකා ශානීස් විජේසිංහ, Cinnamon Hotels & Resorts සමග එක් වී ජෝන් කීල්ස් පදනම ක්‍රියාවට නංවන ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන් සහ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන හරහා ක්‍රියාවට නංවා ඇති තිරසාර ප්‍රජා සවිබල ගැන්වුම් වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.
මීට අමතරව මෙම උත්සවයේදී, දීර්ඝ කාලයක පටන් කලා පොළ වැඩසටහනට සහභාගී වන කලාකරුවකු වන ප්‍රගීත් මනෝහංස විසින් නිර්මාණය කරන ලද විශේෂ කලා නිර්මාණයක් එළිදක්වන ලද අතර, ජෝන් කීල්ස් පදනම සම්බන්ධ කෙටි වාර්තාමය වැඩසටහනක්ද එළිදක්වන ලදි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.