ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Vonlan Constructions පිදුම් ලබයි

IMAGE-1 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Vonlan Constructions පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 150 – මිලියන 450 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

අනුරාධපුර ගුණවර්ධන ආයුර්වේද හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම වෙනුවෙන් ආදිත්‍යා ආයුර්වේද රෝහල් ගොඩනැගිල්ල ඉදි කිරීම උදෙසා Vonlan Constructions සමාගමට මෙම සම්මානය හිමි විය. අනුරාධපුර ආදිත්‍ය ආයුර්වේද හෝටලයට අනුබද්ධව ක්‍රියාත්මක වන මෙම ආයුර්වේද රෝහල දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද කීර්තිමත් ආයතනයකි.

2007දී Sanken Constructions පෞද්ගලික සමාගමේ සහෝදර සමාගමක් ලෙස Vonlan Constructions සමාගම ඇරැඹීය. ගොඩනැගිලි ඉදි කිරීම්, ජල සම්පාදන හා මළාප්‍රවාහන ව්‍යාපෘති සඳහා C1 ශ්‍රේණිය යටතේත් පාලම්, මහා මාර්ග හා වාරි මාර්ග ව්‍යාපෘති සඳහා C3 ග්‍රේණිය යටතේත් රජයේ ලියාපදිංචි වී ඇති Vonlan Constructions සමාගම මහා මාර්ග, පාලම්, පානීය ජල හා ජල නළ ව්‍යාපෘති, කාර්යාල හා වෙළෙඳ ගොඩනැගිලි, රෝහල්, පාසැල්, හෝටල් ආදී විවිධ ඉදි කිරීම් රැසක් දිවයින පුරා සාර්ථකව නිම කර ඇත.

Vonlan Constructions සමාගම නවීන තාක්ෂණය භාවිතා කරමින්, ගුණාත්මක භාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් සපිරි අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉදි කිරීම් ව්‍යාපෘති කලට වේලාවට අවසන් කිරීම Vonlan Constructions සමාගමේ විශ්වාසනීයත්වය තහවුරු වීමට ප්‍රබල හේතුවක් වී ඇත. වෘත්තීමය අත්දැකීම්වලින් සපිරි පළපුරුදු ඉදි කිරීම් ශිල්පීන් සහ වෘත්තිකයන් සිය ඉදි කිරීම් ව්‍යාපෘති සදහා සම්බන්ධ කර ගැනීම නිසා Vonlan Constructions සමාගමේ ඉදි කිරීම් විශිෂ්ට මට්ටමක පවතී.

“Vonlan Constructions කෙරෙහි නිරන්තර විශ්වාසය තබමින් ඉදි කිරීම් ව්‍යාපෘති සදහා අප සමඟ අත්වැල් බැඳ ගත් සියලු රාජ්‍ය ආයනවලට, සියලු පෞද්ගලික ආයතනවලට සහ සියලු පාරිභෝගික භවතුන්ට මාගේ කෘතඥතාව මේ මොහොතේ පළ කරනවා.” Vonlan Constructions සභාපති රෝහණ වන්නිගම මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව