කටාර් එයාර්වේස් සමාගම හා එක්වීමට ශ්‍රී ලංකාවේ විශාල පිරිසකට අවස්ථාව

Qatar

 



 

 

 

  • ගුවන් සේවා කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහය තුළ පෙරමුණ ගනිමින්, ඉදිරි මාස කිහිපයේදී තම සමූහය තුළ රැකියා අවස්ථා රාශියක් පිරිනැමීමට කටාර් එයාර්වේස් සූදානම්
  • ඉඳුම් හිටුම් හා දීමනා සමග බදු රහිත තරගකාරී වැටුප් ලබමින් ලොව පුරා සංචාරය කිරීමට අවස්ථාවක්

2022 සැප්තැම්බර් ….

දෝහා, කටාර්: කටාර් එයාර්වේස් (Qatar Airways) ඉදිරි මාස කිහිපයේදී සිය කාර්ය මණ්ඩලය සඳහා ශ්‍රී ලංකාවෙන් සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. 2022 සැප්තැම්බර් 15 දින සිට, කටාර් එයාර්වේස් හි විවිධ අංශ වල විවිධ තනතුරු සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

සිය කාර්ය මණ්ඩලය ශක්තිමත් කරමින් මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් කටාර් එයාර්වේස් මේ ආකාරයට ලොව ගුවන් සේවා කර්මාන්තයේ දැවැන්තම බඳවා ගැනීම් වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. ශ්‍රී ලංකාව තුළ සිදුවන බඳවා ගැනීමේ වැඩසටහන එම ජාත්‍යන්තර වැඩසටහනේ එක් පියවරකි.

ශ්‍රී ලංකාවේදී කටාර් එයාර්වේස් සමූහයට අයත් Qatar Airways, Qatar Duty Free, Qatar Aviation Services, Qatar Airways Catering Company, Qatar Distribution Company සහ Dhiafatina Hotels යන සමාගම් සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට එම සමූහය බලාපොරොත්තු වෙයි. මෙහිදී පාරිභෝගික අත්දැකීම් අංශය සම්බන්ධයෙන් ප්‍රමුඛතම අවධානයක් යොමුකෙරෙනු ඇති අතර, ඊට අමතරව ආහාරපාන, ආයතනික හා වාණිජ කටයුතු, කළමනාකරණය, භාණ්ඩ හැසිරවීම, පාරිභෝගික සේවා, ඉංජිනේරු, ගුවන් මෙහෙයුම්, බිම් මෙහෙයුම් සේවා, ආරක්ෂාව, ඩිජිටල් මෙහෙයුම්, ඉදිරිපෙළ සේවා, පරිපාලනය, විකිණුම් සහ මූල්‍ය යනාදී අංශ සඳහා මෙලෙස කාර්ය මණ්ඩලය බඳවා ගැනෙනු ඇත.

කටාර් එයාර්වේස් බඳවා ගැනීමේ වැඩසටහන 2022 සැප්තැම්බර් 15 සහ 16 දෙදින තුළ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට https://qatarairways.com/recruitment වෙත පිවිසී මේ සඳහා අයදුම් කළ හැක. තෝරාගනු ලබන පුද්ගලයන්ට, ‘ලොව විශිෂ්ටතම ගුවන් සේවාව’ සම්මානය 6 වරක් දිනාගත් එකම ගුවන් සේවාවේ සාමාජිකයෙකු හෝ සාමාජිකාවක බවට පත්වීමේ අවස්ථාවට අමතරව, තරගකාරී බදු රහිත ආදායමක්, ඉඳුම් හිටුම් සහ දීමනා හිමි වේ.

“අපගේ කණ්ඩායම ශක්තිමත් කරමින්, මගීන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් හිමිකර දීමට අප කැපවී සිටිනවා. නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවාගෙන අපගේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අපට අවශ්‍යයි. කටාර් එයාර්වේස් යනු කවදත් ශ්‍රී ලංකාව සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන සමාගමක්. මෙම බඳවාගැනීම් වැඩසටහන ඔස්සේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් අප දක්වන කැපවීම අප යළිත් වරක් තහවුරු කරනවා.” කටාර් එයාර්වේස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අක්බර් අල් බකර් මහතා පැවසී ය.

“ලොව විශිෂ්ටතම ගුවන් සේවාව ලෙස, අපගේ මගීන්ට සදානුස්මරණීය අත්දැකීමක් තිළිණ කිරීමට අප ගන්නා උත්සාහය පිළිබඳව අපට ආඩම්බර වන්නට පුළුවන්. එය කළ හැකි වන්නේ අපගේ කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ කැපවීම සහ විනය තුළින් පමණයි. අප සමග එක්වන මෙන්, දක්ෂතා සපිරි ශ්‍රී ලාංකිකයන්ට අප ආරාධනා කරනවා. කටාර් එයාර්වේස් හි සාමාජිකයෙකු හෝ සාමාජිකාවක බවට පත්වීම මගින් ලොව සුවිශේෂීම හා දියුණුතම නගරයක් වන සහ 2022 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පැවැත්වෙන, ජාත්‍යන්තර තලයේ සාප්පු සංකීර්ණ, අලංකාර වෙරළ තීරයන් මෙන්ම සුවිශේෂී කලා හා සංස්කෘතික සම්ප්‍රදායන් සහිත දෝහා නගරයේ ජීවත් වීමටත් අවස්ථාව ලැබෙනවා.” අක්බර් අල් බකර් මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ වනවිට කටාර් එයාවේස් සමූහය 2022 පාපන්දු ලෝක කුසලානය (FIFA World Cup Qatar 2022™) සඳහා සූදනම් වෙමින් සිටී. ඒ අතරතුර මෙලෙස ලොව පුරා රටවලින් කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම යනු, ලොව ගුවන් සේවා කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව තුළ කටාර් එයාර්වේස් ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි.

කටාර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන කටාර් එයාර්වේස්, මෙතෙක් පැවති ගමනාගමන සීමාවන් ඉවත් වීමත් සමග මේ ආකාරයට තම මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටී. මේ වනවිට එම ගුවන් සේවය ලොව ගමනාන්තයන් 150 කට අධික සංඛ්‍යාවක් වෙත පියාසර කරයි.

කටාර් එයාර්වේස් සමාගම මේ දක්වා සම්මාන හා ඇගයුම් රාශියකින් පිදුම් ලබා තිබේ. ගුවන් සේවා කර්මාන්තයේ ශ්‍රේණිගත කිරීම් සිදුකරන ජාත්‍යන්තර සමාගමක් වන Skytrax විසින් කළමනාකරණය කරනු ලබන සම්මාන උළෙලක් වන ‘World Airline Awards’ හි 2021 අදියරේදීද කටාර් එයාර්වේස් සමාගම වසරේ විශිෂ්ටතම ගුවන් සේවය (‘Airline of the Year’) ලෙස නම්කරන ලදී. එමෙන්ම ‘World’s Best Business Class’, ‘World’s Best Business Class Airline Lounge’, ‘World’s Best Business Class Airline Seat’, ‘World’s Best Business Class Onboard Catering’ සහ ‘Best Airline in the Middle East’ යන කාණ්ඩ වල ජයග්‍රහණයන්ද කටාර් එයාර්වේස් වෙත හිමි විය. තවද මෙම සම්මාන වැඩසටහන තුළ වසර 6 කදී  (2011, 2012, 2015, 2017, 2019 සහ 2021) වසරේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස ඇගයීමට ලක් වූ ලොව එකම ගුවන් සේවය වන්නේ කටාර් එයාර්වේස් ගුවන් සේවයයි.

ගුවන් සේවාවන් තුළ COVID-19 සම්බන්ධ සුරක්ෂිතතාව වෙනුවෙන් Skytrax වෙතින් තරු පහේ ශ්‍රේණිය හිමිකරගත් ලොව මුල්ම ගුවන් සේවාව බවට පත්වීමටද කටාර් එයාර්වේස් සමත් වීම විශේෂත්වයකි. ඊට පෙර හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මැද පෙරදිග සහ ආසියානු කලාපයන්හි COVID-19 සම්බන්ධ සුරක්ෂිතතාව වෙනුවෙන් Skytrax වෙතින් තරු පහේ ශ්‍රේණිය හිමිකරගත් ලොව මුල්ම ගුවන් තොටුපළ බවට පත්විය. මේ නිසා, කටාර් එයාර්වේස් යනු සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වාගන්නා සහ, එම ප්‍රමිතීන් ස්වාධීන සමීක්ෂණ ආයතන මගින් තහවුරු කරන ලද ගුවන් සේවාවක් බව නැවත නැවතත් සනාථ වේ. ගුවන් තොටුපළේදී සහ ගුවන් යානා තුළදී ක්‍රියාත්මක වන ආරක්ෂක විධිවිධාන පිළිබඳව සවිස්තර තොරතුරු www.qatarairways.com/safety. හි දක්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව