TEMU සහ CPEX හි වගකීම් විරහිත ක්‍රියාකලාපයෙන් පාරිභෝගිකයෝ අපහසුතාවයට

Temu Orders Go Missing CPEX (1)

අන්තර්ජාතික ඊ-වාණිජ වේදිකාවක් වන TEMU හි ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ නියෝජිතයා වන CPEX Lanka මූලස්ථානයේ තිබී, විවෘත කොට අතහැර දමා තිබූ TEMU ඇණවුම් රැසක් හමුවීමත් සමඟ මාර්ගගතව භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා තුළ පවතින විශ්වාසයට බරපතල පහරක් එල්ල වී තිබේ.

සමාජ මාධ්‍යයන් හි සංසරණය වන වීඩියෝපට සහ සාක්ෂිකරුවන් විසින් ලබා දෙන සක්ෂිවලට අනුව, බොහෝමයක් භාණ්ඩ හානි වී හෝ විකෘති කර තිබුණු අතර, ඒවා ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ගබඩා කොට තිබුණු බව ද පෙනේ. තම ගැටලුවලට පිළිතුරු සොයා CPEX Lanka මූලස්ථානයට පැමිණි පාරිභෝගිකයෝ පවසන්නේ, ඔවුන්ගේ පැමිණිලි භාරගැනීමට හෝ භාණ්ඩවල වගකීම භාර ගැනීමට හෝ කිසිදු නියෝජිතයෙකු එහි නොසිටි බවයි.
 



 

මෙම සිදුවීම, ශ්‍රී ලංකාව තුළ TEMU  හි බෙදාහැරීමේ ජාලය පිළිබඳව ඇති පාරිභෝගික විශ්වාසය කෙරෙහි ගැටළු ඇති කිරීමට හේතු වී තිබේ. පසුගිය මාස කිහිපය තුළ නිරන්තරයෙන් ම සිදුවන ඇණවුම් අස්ථානගත වීම, බෙදාහැරීමේ දී සිදුවන ප්‍රමාද දෝෂ මෙන්ම දුර්වල පාරිභෝගික සේවාව පිළිබඳව ද පාරිභෝගිකයෝ පසුවන්නේ දැඩි අප්‍රසාදයෙනි. මෙම ආසන්නතම සිදුවීම, බොහොමයක් පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගැනීමේ යෙදවුමක් මෙන්ම වේදිකාවක් ලෙස ද TEMU භාවිතයට ගන්නා අවසන් අවස්ථාව වීමට ද ඉඩ තිබේ.

පාරිභෝගික අධිකාරියේ (CAA) මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට ලැබෙනා පාරිභෝගික ඉල්ලීම් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂඥයින්ගේ මතය මෙන්ම යෝජනාව වන්නේ, අගතියට පත්වූ පාරිභෝගිකයින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත විධිමත්ව සිය පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවත්, අවශ්‍ය නම් හානිපූර්ණය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද සලකා බැලිය යුතු බවත් ය. ඇතිවී ඇති මෙම තත්ත්වය විසඳීමට හුදෙක් වන්දි ගෙවීමකට සීමා නොවී, ඒ සඳහා වගකීම සහ වගවීම බලාත්මක කළ හැකි ප්‍රතිපාදන සකස් කිරීමට අදාළ පාර්ශවයන්ට බල කළ යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති. බෙදාහැරීමේ නියෝජිතයන් නිරන්තරයෙන් ම තම වගකීම් ඉටු කිරීම පැහැර හරින්නේ නම්, ඔවුන්ට එරෙහිව අදාළ පියවර ගත යුතු අතර, ඒ සඳහා මෙහෙයුම් අත්හිටුවීමේ හැකියාවද ඇතුළත් විය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.

TEMU

ශ්‍රී ලංකාව තුළ රට රටවල් අතර සිදුකරන ඊ-වාණිජ සේවාවන් හි ව්‍යාප්තියත් සමඟ, ත්‍රෛ-පාර්ශවීය බෙදාහැරීමේ සේවාවන් මත යෙදවන අධීක්ෂණය අවම වී තිබේ. නීති විශාරදයින් පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ පවතින පාරිභෝගික ආරක්ෂණ නීති යටතේ, ඇණවුම් අස්ථානගත වූ, හානි වූ හෝ බෙදා හැරීම ප්‍රමාද වූ අවස්ථාවලදී, පාරිභෝගිකයින්ට ඇණවුම ලබාදුන් වේදිකාවෙන් මෙන්ම එහි බෙදාහැරීමේ නියෝජිතයන්ගෙන් ද වන්දි ඉල්ලා සිටීමට අයිතිය පවතී.

TEMU – CPEX Lanka මතභේදය උත්සන්න වෙමින් පවතින මොහොතක, ශ්‍රී ලාංකික පාරිභෝගිකයෝ පැහැදිලි පණිවිඩයක් අදාළ ආයතන වෙත ලබා දී තිබේ. එනම්, විශ්වාසය යනු හුදෙක් තෝරා ගැනීමක් නොව — එය මේ සියල්ලෙහි ම පාදම වන බවයි. එම නිසා තමාගෙන් ගිලිහෙන පාරිභෝගික ප්‍රජාව නැවත තමා වෙතට ආකර්ෂණය කර ගැනීමට නම්, TEMU ඔස්සේ සිදුකරනා ඇණවුම් වල ආරක්ෂිතභාවය සහ නිසි වේලාවට බෙදාහැරීමේ හැකියාව පිළිබඳ ව ඔවුන් තුළ වූ විශ්වාසය නැවත වතාවක් ගොඩ නැගීම අදාළ පාර්ශව හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව