දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන,දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී. අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. ශ්‍රී ලංකා ආයෝජන […]