SAMSUNG Twelve 5G Bands තාක්ෂණය සහිතව #FullOnLegend Galaxy F42 5G ස්මාර්ට් ජංගම දුරකතනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung Galaxy F42 5G image (1)

 




 

 

ශ‍්‍රී ලංකාවේ 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් හි නවතම 5G device එක වන Galaxy F42 5G සිය පාරිභෝගික ජනතාවට හඳුන්වා දී ඇත. අධිබල බැටරිය, අපූරු display එකකින් සහ සුපැහැදිලි හා අපූරු ඡුායාරූප ග‍්‍රහණය කරගත හැකි ප‍්‍රධන කැමරා පද්ධයකින් ද සමන්විත Galaxy F42 5G ශ‍්‍රී ලංකාවේ සියලූම smartphones ලෝලීන්ගේ හද බැඳි device එකක් බවට පත්වනු නොඅනුමානය.

Night mode විශේෂාංගය හා shooters 3 කින් සමන්විත 64MP ප‍්‍රධාන කැමරාව මගින් දහවල් කාලයේදී හෝ අඩු ආලෝක තත්ත්වයන් යටතේ වුවද දීප්තිමත් හා පැහැදිලි ඡුායාරූප ඔබට ලබා දෙයි. සෑම ක්ලික් කිරීමක් හරහාම  ඕනෑම කෙනෙකුට අද්විතිය රූපරාමු ග‍්‍රහණය කර ගැනීමට හෝ සෑම මිනිත්තුවකම සවිස්තරාත්මක ඡුායාරූප ලබා ගැනීමට මෙමගින් අවස්ථාව උදා කරයි. 5MP ultra-wide lens ඡුායාරූප සඳහා අමතර දර්ශනයක් එක් කරන අතර 2MP depth camera මගින් පසුබිම බොඳකර ඉතා අලංකාර ඇදහිය නොහැකි ආකාරයේ ඡුායාරූප ලබා ගැනීමට ඔබට ඉඩ සලසයි. Galaxy F42 5G 8MP ඉදිරිපස කැමරාවක් සහිතව එන නිසා එමගින් උසස් තත්වයේ සුපැහැදිලි සහ ආකර්ෂණීය සෙල්ෆි ඡුායාරූප ලබා ගැනීමට හැකිය.

‘‘අපගේ මීලඟ 5G device එක වන Galaxy F42 5G ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකි වීම ගැන අප ඉතා සතුටට පත් වෙනවා. සැම්සුන් devices වලට ආදරය කරන අපගේ පාරිභෝගික ප‍්‍රජාව නව තාක්ෂණයන් සමඟ කැටි වූ සැම්සුන් හි නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ඉතා ආදරයෙන් වැළඳගනු ඇතැයි අපට විශ්වාස කරනවා. අප සැමවිටම උත්සාහ කරන්නේ ඊළඟට ඇති වඩාත් හොඳම දෙය හඳුනා ගනිමින් අපගේ පාරිභෝගිකයින්ට උසස්ම දේ ලබා දීමටයි. ඇස් බැඳගන්නා අපූරු display එක හා ඇදහිය නොහැකි කැමරා ධාරිතාවයකින් සමන්විත Galaxy F42 5G පාරිභෝගිකයින්ට එම අත්දැකීම ලබාදෙනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් සැම්සුන් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

සැම්සුන් Galaxy F42 5G හි ඉදිරිපස 90Hz Full HD+ display එකකින් හා Infinity-V සහිත සෙල්ෆි කැමරාවකින් සමන්විතය. එමඟින් ඔබගේ ප‍්‍රියතම චිත‍්‍රපට දර්ශන පැහැදිලිව නැරඹීමට සහ සජීවී අත්දැකීමක් ලබා දීමට ඔබට ඉඩ සලසවයි. 90Hz refresh rate සහිත තිරය නිසා වේගයෙන්, සුමටව හා ඉතා පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයට පාරිභෝගිකයින්ට එයට අනුගත විය හැකිය.

5000mAh බැටරිය නිසා ඔබට කැමති දේවල් නොනවත්වා නරඹමින්, වීඩියෝ ක‍්‍රීඩාවල නිරත වෙමින් දවසේ බොහෝ කාලයක් ගත කළ හැකි බැවින් නිතර නිතර charge කිරීමට කරදර විය යුතු නැත. අධිබල 5000mAh බැටරිය සමඟ ඔබට නොනවත්වා විනෝද විය හැකිය.

සැම්සුන් හි තේමා පාඨය වන #BeFutureReady සමඟ Galaxy F42 5G පරිශීලකයින්ට Galaxy Twelve 5G Bands තාක්ෂණය සහිතව පුරාවෘත්තයක් මෙන් සම්බන්ධ විය හැකි බව සහතික වේ. 5G Band එක කුමක් වුවත් ඔබට 5G සම්බන්ධතාවයක් සහතික කර ගත හැකිය. Twelve 5G Bands තාක්ෂණය සහිත Galaxy 5G smartphones, අනෙකුත් 5G දුරකතනවලට සාපේක්ෂව පාරිභෝගිකයින්ට රට පුරා ඇති ඕනෑම 5G ජාලයකට බාධාවකින් තොරව ප‍්‍රවේශය ලබා දෙයි. මෙම අඛණ්ඩ 5G තාක්ෂණය ඔබ කොහේ සිටියත් ඇදහිය නොහැකි තරම් වේගයෙන් අන්තර්ගතයන් download, share හා stream කිරීමට ඔබට ඉඩ සලසයි. Galaxy F42 5G සඳහා 5G මෘදුකාංගය 2021 දෙසැම්බරයේ සිට ඔබට ලබා ගත හැකි අතර ඉන්පසුව පාරිභෝගිකයින්ට වීඩියෝ නැරඹීමේ පූර්ණ 5G අත්දැකීමක්  ලබා ගත හැකිවනු ඇත.

පාරිභෝගිකයින්ට හොඳම තාක්ෂණික අත්දැකීම ලබා දීම සඳහා සැම්සුන් Galaxy F42 5G Dimensity 700 SoC, Android 11 සහ 8GB RAM යන විශේෂාංගයන්ගෙන් ද සමන්විත වේ. Dimensity 700 5G-integrated SoC යනු 5G සම්බන්ධතාවය සමඟින් එන විශේෂාංගවලින් සෑම කෙනෙකුටම ප‍්‍රතිලාභ ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඇති ප‍්‍රධාන පෙළේ පළමු ස්මාර්ට් ජංගම දුරකතන 5G චිපය වේ. විශාල RAM එක හා Android 11 හි අමතර සහාය ඇතිව පාරිභෝගිකයින්ට වීඩියෝ නැරඹීමට, download කිරීමට හා කරදරයකින් තොරව විශාල ලිපි ගොනු පරිහරණය කිරීමට හැකිය.

මතක ධාරිතාව, මිල සහ ලබා ගත හැකි ස්ථාන

8GB RAM + 128GB වර්ගයේ Samsung Galaxy F42 5G ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් 79,999 ක් වන අතර අළු සහ නිල් යන ආකර්ෂණීය වර්ණ වලින් ඔබට ලබා ගත හැකිය.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට Galaxy F42 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව