ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය දීර්ඝ ඓතිහාසික පසුබිමකින්, සංස්කෘතික විවිධත්වයකින් මෙන්ම නිපුණතා පිරිපුන් මානව සම්පතකින්ද පිරිපුන් හෙයින් එකී කලාපය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ වැඩි ඉඩකඩක් පවතී. විවිධ සේවා හා වින්දනීය අත්දැකීම් වෙනුවෙන් මුදල් වියදම් කිරීම ඔස්සේ දේශීය ආර්ථික වර්ධනය මෙන්ම අර්ථාන්විත රැකියා අවස්ථා උත්පාදනය කිරීම කෙරෙහිද සුවිශාල දායකත්වයක් ලබා දෙන සංචාරකයන් ඉලක්ක කරගත් විවිධ උත්සව ඇතුළු තවත් අත්දැකීම් රැසක් ලබා දීම තුළින් දේශීය ජන කණ්ඩායම් හට ස්වකීය සංස්කෘතික අනන්‍යතාවෙහි අසිරිය විදහා පෑමට කදිම අවස්ථාවක් උදා කරන අංශයක් වශයෙන් සංචාරක කර්මාන්තය හැඳින්විය හැක. ඉහළ ආදායමක් ඉපයිය හැකි වෘත්තීය අවස්ථා මෙන්ම නම්‍යශීලී සේවා කාල පවත්වා ගැනීමටද මග පාදන අතරම විවිධ සිතුවම්, නර්තනයන් හා සංගීත නිර්මාණ ආදී අනේකවිධ කලා ක්ෂේත්‍ර තුළින් නිර්මාණාත්මක නවෝත්පාදනය වෙතද එමගින් ලැබෙනුයේ අති විශාල දායකත්වයකි. කෙසේ වෙතත්, නැගෙනහිර ශ්‍රී ලංකාවද ලොව අනෙකුත් තරගකාරී සංචාරක හා ව්‍යාපාරික ගමනාන්තයන් හා කරට කර නැගී සිටින බව සහතික කිරීමට නම් එය ආශ්රිත ශ්‍රම බලකායය සතු නිපුණතා හා සේවා ප්රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා කිසියම් සහයෝගයක් හා මගපෙන්වීමක් අවශ්‍ය බවද ප්රත්යක්ෂ කරුණකි.
කෝවිඞ්-19 ව්‍යසනය හේතුවෙන් සංචාරක කර්මාන්තය වෙතද එල්ල වූ අහිතකර බලපෑම සුළුපටු නොවේ. මේ හේතුවෙන් විධිමත් මෙන්ම අවිධිමත් සංචාරක ව්‍යාපාරික කටයුතු කෙරෙහි පවතින විශ්වසනීයත්වයද අතිශයින්ම පහත බැස තිබේ. ව්‍යාපාරික ආයතන රැසක්ම තවමත් වසා දමා ඇති අතරම අති විශාල සේවක පිරිසකගේ රැකියා අවස්ථාද අහිමි වී ඇති බව පෙනී යන කරුණකි. ගත වූ වසරේ අපේ‍්‍රල් 21 දින සිදු වූ අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයේ අහිතකර බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් පැවැති පසුබිමක් තුළ උද්ගත වූ කොරෝනා ව්‍යසනයෙහි ප්‍රතිඵලයක් ලෙස තවත් පියවර රැසකින් ආපස්සට ගමන් කර ඇති බවද නොරහසකි.
කෝවිඞ්-19 ව්‍යසනයෙන් අනතුරුව සංචාරක කර්මාන්තයේ වටිනාකම් දාමය පුරාවටම ඒ ආශ්රිත ව්‍යාපාර යළි නගා සිටුවීම කඩිනම් කිරීමට සහාය වීමේ ප්රයත්නයක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කර්මාන්තයීය ව්‍යාපාරික අරමුණු වෙත සහාය වීමේ අරමුණින් ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා උපදේශණය යන වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙය, ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනිමින් ඕස්ටේ්රලියානු රජය විසින් දියත් කරනු ලැබෙන ක්රියාදාමයකි.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොලොන්නරුව යන සංචාරක ගමනාන්තයන් පාදක කරගෙන නවාතැන් පහසුකම්, ආහාර පාන සේවා, අත්කම්, විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම්, සංචාරක සංවිධාන හා සංචාර සංවිධාන ආදී විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව කෝවිඞ්-19 ව්‍යසනයෙන් පසුව බිහි වී ඇති නවතම ව්‍යාපාරික පසුතලය තුළ සහාය දැක්වීම සඳහා මෙම පුහුණු ක්‍රියාදාමය මගින් ව්‍යවසායයන් 400 කට අධික ප්‍රමාණයක් වෙත සේවා සම්පාදනය කෙරේ. මෙහිදී මානව සම්පත් මා මූල්‍ය කළමනාකරණය, අන්තර්ජාල පාදක සංචාරක ව්‍යාපාර (ඊ-ටුවරිසම්*, ව්‍යසනයන්ට සූදානමින් පසු වීම, ආරක්ෂණ විධිවිධාන, සන්නිවේදන කටයුතු, උත්සව කළමනාකරණය ආදී විවිධ ව්‍යාපාරික තේමා සම්බන්ධයෙන් පුහුණුවක් හා මගපෙන්වීමක් ලබා දෙන අතරම වැඩිදියුණු කරන ලද අලෙවිකරණ හා මූල්‍ය උපායමාර්ග හා මෙහෙයුම් ක්‍රමවේද ඇසුරින් පශ්චාත් කෝවිඞ්-19 පරිසරය තුළ ව්‍යාපාරික සැලසුම් සකසා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් සහයෝගය ලබා දීම සඳහා කර්මාන්තයේ ප්‍රවීණ හා විශේෂඥ පළපුරුද්දකින් හෙබි වෘත්තිකයන්ගේ සේවය ලබා ගැනේ. එකී දිස්ත්‍රික්ක 4 වෙත සංචාරක ආකර්ශනය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ වේ.
කර්මාන්තයේ ප්රමිතීන් හා විවිධ වෙළෙඳපොල අංශවල අවශ්‍යතා අනුව සංචාරක අපේක්ෂාවන් ඉටු කිරීමේදී උපකාරී වන මිල ප්රතිපත්තීන් පිහිටුවීම සම්බන්ධයෙන් ස්වකීය ව්‍යාපාරික කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට උනන්දුවක් දක්වන ව්‍යවසායයන්ට මෙම මාර්ගෝපදේශන වැඩසටහන සමග සම්බන්ධ වීමට හැකියාව ඇත. වැඩිදුර ආර්ථික ප්රතිලාභ උදාකර ගැනීමට මග පාදන ලෙස නිපැයුම් නවෝත්පාදනය කරගැනීම සම්බන්ධ නිපුණතා පුහුණුවක්ද මෙහිදී ලබා දීමට කටයුතු යොදා ඇත.
මීට අදාළ සමාරම්භක දිශානුගත කිරීමේ හා පුහුණු සැසි ජූනි මස 16 දින අරම්භ කරන ලදි. නැගෙනහිර හා පොලොන්නරුව ප්‍රදේශ ආශ්රිත වගකිව යුතු රාජ්‍ය ආයතන හා පුහුණු සේවා සැපයුම්කරුවන්ගේ සහායද සමගින් අන්තර්කරඣණීය වර්ධනයක් උදෙසා නිපුණතා වැඩසටහන විසින් දියත් කරනු ලැබෙන අලෙවිකරණ ආකෘති වෙත දායක විය හැකි පරිදි සංචාරක ව්‍යාපාර සතු විශ්වාසය හා ශක්‍යතාව ඉහළ නැංවීමට මෙකී පුහුණු සැසි හේතු වනු නොඅනුමානය.
අන්තර්කරඣණීය වර්ධනයක් උදෙසා නිපුණතා වැඩසටහන කණ්ඩායම් නායක ඬේවිඞ් ඇබ්ලට් මහතා මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙසේ ය. ර්ණව්යවසායික සංවර්ධනය හා සබැඳි සුවිශේෂිත පුහුණු සැසි සැකසීම තුළින් සංචාරක කර්මාන්තය ආශ්රිත සේවා සැපයීමෙහි නිරත වී සිටින්නන් හට සිය ආදායම් හා ව්‍යාපාරික තත්ත්ව වර්ධනය කරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇති. සංචාරකයන් සෑම විටම අපේක්ෂා කරන්නේ ලංකාවටම අනන්‍ය සුවිශේසී අත්දැකීමක්. ලොව ඕනෑම තැනක සිට කළ හැකි ක්‍රියාකාරකම් වන සංචාරක නිකේතනයක ලැගුම් ගෙන දුර්වල සේවා අත්දැකීමක් විඳ ගැනීම ඔවුන්ගේ අභිලාෂය නොවන බව අප දන්නවා. වත්මන් ලෝකයේ සංචාරකයා සෑම විටම බලාපොරොත්තු වන්නේ සුවිශේෂී අත්දැකීමක්. ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික ආහාර ඇතුළු චර්යා රටා මෙන්ම සංස්කෘතික විවිධත්වය අත්දැකීමයි ඔවුන්ගේ වැඩි කැමැත්ත. එක් දිවයිනක් තුළ යෙදෙන ඉතාම කෙටි සංචාරයකින් වුව මේ සා විවිධත්වයකින් යුතු අත්දැකීමක් ලබා ගැනීමට ලොව අන් කිසිදු තැනක ඉඩකඩක් නැහැ.