මධ්‍යම, ඌව හා වයඹ පළාත්වල භාවිතයට ගෙන ඉවත දමන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා කොකා – කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම තවත් ආයතන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් සුවිශේෂී දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. Solidaridad Network Asia, සමාජ සංවර්ධන ආයතනය (ISD), Nucleus Foundation (NF), මධ්‍යම පළාත් සභාව, ඌව පළාත් සභාව, වයඹ පළාත් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, කොකා – කෝලා පදනම සහ Eco-Spindles යන ආයතන හා සංවිධානයන්හි සහයෝගය මේ සඳහා ලැබී තිබෙන අතර PET බෝතල් හා ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් පළාත් පාලන ආයතන 100ක හා පාසල් පරිශ්‍ර 500 තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇත. මේ හරහා පාසල් සහ පළාත් පාලන ආයතන භාවිතා කළ PET බෝතල් ඉවත් කිරීම පිළිබඳව උද්යෝගීමත් වනවා පමණක් නොව PET ප්ලාස්ටික් බෝතල් හා ඇසුරුම් භාවිතය පිළිබඳ තිරසාර භාවිතාවකට යොමුවෙමින් ජනයා වෙත ආදායම් මාර්ගයක් සහතික කරදීමද සිදුකරයි.
අපද්‍රව්‍ය වලින් තොර ලෝකයක් (World Without Waste)තේමාව මූලික කරගනිමින් 2030 වර්ෂය වන විට සිය අසුරුම් ප්‍රමාණය 100%ක් ප්‍රතිචකීකරණය සඳහා යොමුවීම කොකා-කෝලා සමාගමේ ඉලක්කය වන අතර, පරිසර සුරක්ෂිතතාවය හා සමාජීය යහපැවැත්ම වෙනුවෙන් තමන්ට ඇති කැපවීම පෙන්වීමටද මෙය අවස්ථාවක් කරගෙන තිබේ. මෙම පළාත් තුනෙහි 100% PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේදී ආසන්න වශයෙන් වාර්ෂිකව මෙටි්රක් ටොන් 300ක් හෝ PET බෝතල් මිලියන 10ක් ඒ සඳහා යොදවනු ඇතැයි අපේක්ෂිතය.
‘Give Back Life’ නමින් නම් කර තිබෙන මෙම ව්‍යාපෘතිය හරහා එය දියත්කර තිබෙන පළාත් තුනෙහි ජනයා අනුයුක්ත කිරීම වෙනුවෙන් තම බහුවිධ පාර්ශවකාරී ආයතන හා සංවිධාන සමග කොකා – කෝලා ශ්‍රී ලංකා ආයතනය සහයෝගයෙන් කටයුතු කරයි. මේ සඳහා ව්‍යාපෘති හවුල්කරුවන් සහ පළාත් පාලන ආයතන 108ක්, පාසල් සහ 650,000කට ආසන්න මහජනතාව ක්‍රියාකාරීව සහයෝගීතාවය ලබා දෙන අතර, පළාත් තුනෙහි පාසල් 531ක PET එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇත. එකතු කිරීමේ මධ්‍යස්ථාන හා baling centers වැනි යටිතල පහසුකම් හා එකතු කිරීමේ බඳුන් 450ක් මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කරන අතර, PET බෝතල් එකතු කළ හැකි ස්ථාන එහිදී ඉලක්කගත කෙරේ. මෙම ව්‍යාපෘතියෙහි තවත් වැදගත් කොටසක් ලෙස පාසල් සිසුන් 650ල000 ආසන්න සංඛ්‍යාවක් වගකීම්සහගත අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත් කෙරෙන අතර PET බෝතල් නැවත භාවිතයට ගැනීම හා ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන්ද දැනුම ලබා දෙයි. ප්රතිචකී්රකරණයට දායකවීමට පුරවැසියන් වගකීම්සහගත කිරීම Give Back Life ව්‍යාපෘතියෙහි එක් අපේක්ෂාවකි. අනාගත පරපුර පරිසරය කෙරෙහි ඇල්මක් ඇති පිරිසක් බවට පත්කිරීමට මෙම ව්‍යාපෘතිය වැදගත් අඩිතාලමක් දමාදී තිබේ.
අපද්‍රව්‍ය එකතු කරන්නන් 35 දෙනෙකු සඳහා NVQ මට්ටමේ සහතික පිරිනැමීමක් සිදුකෙරන පළමු හා එකම ව්‍යාපෘතිය වන මෙය මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප්‍රතිචක්‍රීකරණ සහායකයින් ලෙස ඔවුන්ව දිරිමත් කිරීමට කටයුතු කරයි. ඊට අමතරව ඇඹරුම් යන්ත්‍ර තුනක් එක් එක් පළාතට ලබා දෙමින් PET අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් පහසුකිරීමට කටයුතු කරන අතර, ප්‍රතිචක්‍රීකරණ සහකරු වන Eco Spindles Pvt. Ltd විසින් බෝතල් ප්රතිචකී්රයකරණය තුළින් බුරුසු, කොසු, සපත්තු, රෙදිපිළි හා කාපට් වැනි ද්‍රව්‍ය නිෂ්පාදන දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරේ. ප්‍රතිචක්‍රීකරණ සංකේත අංක 01 සඳහන් ඕනෑම ප්ලාස්ටික් නිපැයුමක් PET ප්ලාස්ටික් ගණයට වැටෙන අතර, සාමාන්‍යයෙන් ජලය, පානයන් වර්ග, ඉවුම් පිහුම් සඳහා භාවිතා කෙරෙන තෙල්, රූපාලංකරණ හා පුද්ගලාරක්ෂණ නිපැයුම්, බිස්කට් ඇසුරුම් මෙන්ම පානීය යෝගට් හා පළතුරු බීම සඳහා භාවිතා කරයි.
පළාත් පාලන ආයතනයන් ප්‍රධාන එකතු කිරීම් මධ්‍යස්ථාන වශයෙන් කටයුතු කරනු ඇති අතර, ප්ලාස්ටික් ඇඹරුම් යන්ත්‍ර ලබාදීමට අමතරව ස්මාර්ට් අපද්‍රව්‍ය බඳුන් පාසල් හා කාර්යබහුල ප්‍රසිද්ධ ස්ථානවල තැබීමට කටයුතු කෙරෙනු ඇත. ඒවායෙහි එකතු වන PET බෝතල් පසුව විශාල එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත යොමුකෙරේ. පද්ධති කළමනාකරණය සඳහා ස්මාර්ට් තාක්ෂණික උපකරණයක් යොදාගැනීම කාර්යක්ෂම සේවාවක් සඳහා වැදගත්ය. එකතු කිරීමේ මධ්‍යස්ථාන බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල යන නගරවල ඒවා පිහිටුවා ඇත. මෙම ව්‍යාපෘතිය එකතු කිරීමේ හා ඒවා ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත. Give Back Life ව්‍යාපෘතිය අනිකුත් පළාත් වෙත ව්‍යාප්ත කිරීමට අපේක්ෂිත අතර, පරිසරයට හානිදායක බලපෑමක් නොමැතිව PET බෝතල් වගකීම්සහගතව බැහැර කිරීම සඳහා එයින් විශාල අනුබලයක් ලබා දෙනු ඇත.
කොකා – කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ – මයන්ක් අරෝරා මහතා මෙසේ පවසා සිටී. ‘‘ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් කොකා-කෝලා සමාගම PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රායෝගික අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් භාවිතා කරනවා. මෙම ව්‍යාපෘතියත් සමග පෙනී යන කරුණක් නම් දැඩි සම්බන්ධීකරණයක් හා ක්‍රියාවට නැංවීමේ විශේෂඥභාවයක් අවශ්‍ය බවයි. මෙවැනි සුවිශේෂී පරිසර සුරක්ෂිතතා ව්‍යාපෘතියක් වෙනුවෙන් අප සමග සම්බන්ධවූ සියලූම පාර්ශවකරුවන් අප වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා.’’
Solidaridad ආයතනයෙහි මෙරට කළමනාකරු වන දේව් මොවුරිස් (Dave Maurice) මහතා සිය අදහස් දක්වා සිටියේ මෙසේයි. ‘‘Solidaridad ආයතනය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය සඳහා විශාල මුදලක් යොදවමින් සහිGive Back Life’ ව්‍යාපෘතියට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් කටයුතු කරන කොකා-කෝලා සමාගමට අපි ස්තූතිවන්ත වෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක පළාත් තුනෙහි ජනයා තුළ වගකීම්සහගතව PET ප්ලාස්ටික් බෝතල් බැහැර කිරීම සඳහා උනන්දුව වර්ධනය වෙනවා වගේම එම අපද්‍රව්‍ය තවදුරටත් ඉඩම් පිරවීමට හෝ සාගරයට එකතුවීම වැලැක්වෙනු ඇති බව අපට විශ්වාසයි.’’
BPPL Holdings යතනයේ කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී – ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා මේ පිළිබඳව දැක්වූ අදහස් මෙසේයි. ‘‘අද වන විට Eco Spindles පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව PET ප්ලාස්ටික් බෝතල් මිලියන 100කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරනවා. පළාත් පාලන ආයතන හා පාසල් සමග එක්ව තව තවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවස්ථාව ලැබෙන මෙවැනි ව්‍යාපෘතියකට සහභාගීවන්නට ලැබීම අපට විශාල ආඩම්බරයක්. මේ හරහා ජීවනෝපාය සංවර්ධනයක් සිදුවන අතර අපගේ බුරුසු, ෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් වැනි නිෂ්පාදන සඳහා ඒවා යොදාගනිමින් රටවල් 20කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කිරීම හරහා ජාතික ආර්ථිකයට විදේශ විනිමය ලැබීමද ඉහළ යනවා.’’
ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියේය. ‘‘ගරු ජනාධිපතිතුමන්ගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවා තිබෙන අතර ප්ලාස්ටික් නිවැරදි ආකාරයට බැහැර කිරීම නිසා ජෛව විවිධත්වයට හානියක් සිදු නොවන බව සහතිකයි. මෙම ව්‍යාපෘතිය දියත්කිරීමට මූලික වූ Solidaridad Network Asia ආයතනයට අපි ස්තූතිවන්ත වෙනවා වගේම සුවිසල් වියදමක් දරමින් පලාත් පාලන ආයතන සහ පාසල් සම්බන්ධීකරණය කරමින් වගකීම්සහගතව PET අපද්‍රව්‍ය එකතු කිරීමට මූලික වූ කොකා-කෝලා සමාගමද විශේෂයෙන් ඇගයීමට ලක් කළ යුතුව තිබෙනවා.’’
පසුගිය මාස කිහිපයේදී “World Without Waste” තේමාව මූලික කරගනිමින් කොකා-කෝලා සමාගම PET ඇසුරුම්කරණය හා බෝතල් නිපදවීම මෙන්ම ඒවා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව සිය අවධානය අලූත් කරන්නට කටයුතු කළ අතරි ‘Give Back Life’ ව්‍යාපෘතිය එහි වැදගත් පියවරක් වේ. කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම තවත් වැදගත් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමග සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් PET අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ පුරුද්ද ජනයා තුළ ප්‍රවර්ධනය සඳහා පුළුල් බලපෑමක් ඇතිකර තිබේ.
ඊට සමගාමීව PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය 100%ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව මෙම ව්‍යාපෘතිය මගින් පෙන්නුම් කළ අතර එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් කරුණකි.